ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප
 

ස්ථාවර ප්‍රාග්ධනය :- ස්ථාවර ප්‍රාග්ධනය යනු කල්පවතින ප්‍රාග්ධන භාණ්ඩ තොගයකි. ස්ථාවර ප්‍රාග්ධනය නැවත නැවත නිශ්පාදන ක්‍රියාවලියෙහි යෙදවිය හැකි වන අතර විශාල වශයෙන් ක්ෂයවිමට භාජනය නොවේ. ගොඩනැගිලි, යන්ත්‍ර සුත්‍ර ආදි ස්ථාවර වත්කම්, ස්ථාවර ප්‍රාග්ධනය ලෙස සැලකේ. ස්ථාවර ප්‍රාග්ධනය මුර්ත ප්‍රාග්ධනය යනුවෙන්ද හැදින් වේ.

සංසරණ ප්‍රාග්ධනය :- යම් අවස්ථාවකදි ආර්ථියක් තුල පවත්නා, අමුද්‍රව්‍ය තොග, නොනිමි භාණ්ඩ තොග සහ නිමි භාණ්ඩ තොග යනාදි විවිධ තොග සම්භාරය, සංසරණ ප්‍රාග්ධනය යනුවෙන් හැදින්වේ. සංසරණ ප්‍රාග්ධනය මගින් ආර්ථිකයේ නිශ්පාදන හා අලෙවි ක්‍රියාවලිය පහසු ‍ෙකරේ.

මුල්‍ය ප්‍රාග්ධනය :- මුර්ත වත්කම් නෙ‍ාවන, ව්‍යාපාර කොටස්, ඉතුරුම් තැන්පතු, සුරකුම් පත් යනාදි විවිධ හිමිකම්, මුල්‍ය ප්‍රාග්ධනය ලෙස හැදින් වේ.

සමාජ හා පොදු කාර්‍යය ප්‍රාග්ධනය :- සමාජයේ මුලික අවශ්‍යතා ඉටු කරලීම සදහා යොදා ගැනෙන පාසල්, ආරෝග්‍යශාලා, පානිය ජල සැපයුම් මාර්ග, යනාදි ප්‍රාග්ධන භාණ්ඩ සමාජ පොදු ක‍ාර්‍යය ප්‍රාග්ධනය ලෙස හැදින් වේ.

ආර්ථික පොදු කාර්යය ප්‍රාග්ධනය :- ආර්ථිකාය් පොදුකාර්්‍යය ප්‍රාග්ධනය සැපයිමට යොදා ගැනෙන ප්‍රාග්ධන භණ්ඩ, ආර්ථික පොදු කාර්‍යය ප්‍රාග්ධනය ලෙස හැදින් වේ. නිදසුන් - ප්‍රවාහන පද්ධතිය, විදුලිබල පද්ධතිය,

මානව ප්‍රාග්ධනය :- මිනිස් ශ්‍රමයේ වැඩිදියුණු කර ගත් අවස්ථාවන් හෙවත් මිනිස් ශ්‍රමයේ ගුණාත්මක භාවය, මානව ප්‍රාග්ධනය ලෙස හැදින් වේ.මිනිස් ශ්‍රමයේ ඵලදායිතාවයට හේතු වන කරුණු මානව ප්‍රාග්ධනය‍ට ඇතුලත් වේ. මේ අනුව මිනිස් කුසලතා, දක්ෂතා, පුහුණුවීම් , යනාදියෙන් මානව ප්‍රාග්ධනය සමන් විත වේ. මිනිස් ශ්‍රමයේ ප්‍රගුණත‍ාව තුලින් ලබා ගන්නා වෛද්‍ය, ඉංජිනේරු, වඩු, යනාදි විශේෂිත දැනුම මානව ප්‍රාගධනය සදහා නිදසුන් වේ.

භෞතික ප්‍රාග්ධනය :- නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගනු ලබන, මිනිසා විසින් නිශ්පාදිත, ගොඩනැගිලි, යනත්‍ර, මාර්ග, වාහන, යනාදි සියලුම ප්‍රාග්ධන භාණ්ඩ, භෞතික ප්‍රාග්ධනය වශයෙන් සැලකේ.

ආර්ථිකයක් සම්බන්ධයෙන් සමස්ත ප්‍රාග්ධන භාණ්ඩ තොගවයේ වැගත්කම
ආර්ථිකයක් සම්බන්ධයෙන් සමස්ත පුාර්ධන තොගය ප්‍රධාන වශයෙන් දෙයාකාරයකින් වැදගත් වේ. එනම්,

ආර්ථිකයේ නිශ්පාදන හැකියා මට්ටම ඉහල නැංවීම.
ආර්ථිකයේ නිශ්පාදන හා අලෙවිකරණ ක්‍රියාවලිය පහසු කිරිම.
ඉතුරුම් ආයෝජනය හා ප්‍රාග්ධනය අතර පවත්නා සම්බන්ධතාව
කුටුම්බ වල වැයකල හැකි ආදායමෙන් පරිබෝජනය සදහා නොයොදන කොට ස ඉතුරුම් ලෙස සැලකේ. රාජ්‍ය හෝ ව්‍යාපාර හෝ සම්බ්ධයෙන් නම් මුලු ආදායමෙන් ප්‍රවර්තන කටයුතු සදහා වෙන්කල පසු ඉතිරි වන කොටස ඉතුරුම් ලෙස සැලකේ. ප්‍රාග්ධන භාණ්ඩ ( නිදසුන් - ගොඩනැගිලි, යන්ත්‍ර සුත්‍ර, යනාදිය) බිහිකිරිම සදහා
නිශ්පාදන සම්පත් යෙදවීමේ ක්‍රියාවලිය ආයෝජනය ලෙස සැලකේ. ආයෝජනය සදහා‍ සම්පත් ලැබෙන්නේ ඉතුරුම් මගින්ය.
ඉතුරුම් ආයෝජනය කල පසු ප්‍රාග්ධන වත්කම් බිහිවෙයි. ඉතුරුම් වැඩිවන විට ආයේජනය වැඩිවේ. ආයේජනය වැඩිවන විට ආර්ථිකයේ ප්‍රාග්ධන සම්භාරය වැඩිවේ.
මෙයින් පැහැදිලි වන්නේ ඉතුරුම්, ආයෝජනය හා ප්‍රාග්ධනය යන අවශ්ථා ඉතා සමිප සම්බන්දතාවකින් යුත් බවයි. එනම් මෙම අවශ්ථා තුනම එක් ප්‍රවාහයක ප්‍රතිඵලයක් බවයි.

ප්‍රාග්ධන සම්භාරයේ මූලාශ්‍ර
ආර්ථිකයක් තුල යවත්නා ප්‍රාග්ධන සමපාදන මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකට ‍ෙබදිය හැකිය. එනම්,



1. දෙශිය මාර්ග



  • පුද්ගල ඉතුරුම්

  • රාජ්‍ය ඉතුරුම්

  • ව්‍යාපාර ආයතන වල නොබෙදු ලාභ


2. විදේශිය මර්ග


  • වාදේශිය ණය

  • විදේශි ආධාර

  • විදේශි ආයෝජන

(c) Shilpa Sayura Foundation 2006-2017