ප්‍රග්ධනය
 

නිෂ්පාදන සාදකයක් වශයෙන් ප්‍රග්ධනය යනුවෙන් අදහස් කෙරෙන්නේ, නිශ්පාදනයට ආධාර වන, නිශ්පාදන ක්‍රියාවලියේදි ක්ෂය විම් වලට භාජනය වන, මුර්ත වත්කම්ය. ප්‍රග්ධනය නිශ්පාදන ආධාර යනුවෙන්ද හැදින්වේ. ප්‍රග්ධනය සදහා නිදසුන් ලෙස, උපකරණ, යන්ත්‍ර සුත්‍ර, ප්‍රවාහන භාණ්ඩ, (එනම් වාහන හා මාර්ග, පාලම් යනාදිය) නිශ්පාදන කාර්යන්හි යොදවා ගනු ලබන ගොඩනැගිලි යනාදිය දැක්විය හැකිය.

 


ප්‍රාග්ධනයේ මුලික ලක්ෂණ




  1. ප්‍රාග්ධන ආයෝජනයේ ප්‍රතිඵලයක් විම.
  2. නිශ්පාදන පිරිවැයක් යොදා නිපදවා තිබිම.
  3. ඵලදායිකාවකින් යුක්ත විම.
  4. දීර්ඝ කාලයක් භාවිතා කල හැකි විම.
  5. කාලයත් සමග ක්ෂවිමට භාජනය විම.
  6. ප්‍රාග්ධන භාණ්ඩ ඇසුරින් නිෂ්පාදන ප්‍රවාහයක් බිහි විම.

ප්‍රාග්ධන ඵලදායිතාව


ප්‍රාග්ධන හෙවත් නිශ්පාදන ආදාරක යොදා ගැනිමෙන් භාණ්ඩ නිශ්පාදනය වැඩිකර ගැනිමේ හැකියාව, ප්‍රාග්ධන ඵලදායිතාව යනුවෙන් අදහස් වේ. නිදසුන් ලෙස, උදැල්ලක් භාවිතයෙන් සකස්කරන බිම් ප්‍රමාණයට වඩා වැඩි බම් ප්‍රමාණයක් ට්‍රැක්ටරයක් භාවිතයෙන් සකස්කල හැකිවිම, දැක්විය හැකිය.


ප්‍රාග්ධන ඵලදායිතාව ඉහලයාම මගින්, කාලය ඉතුරු වෙයි. ශ්‍රමිකයන්ගේ සාමාන්‍ය ශ්‍රම ඵලදායිතාව ඉහලයයි. එමෙන් ම ආර්ථිකයේ නිශ්පාදන හැකියා මට්ටම ඉහල යයි.


ප්‍රාග්ධන භාණ්ඩ සම්පාදනය මගින් අනාගත පරිභෝජන ප්‍රවාහය වැඩි වන බව


පාරිභෝගික භාණ්ඩ නිපදවිමට, ප්‍රාග්ධන භාණ්ඩ අවශ්‍ය වේ. ආර්ථිකයක සතු නිශ්පාදන සම්බත් පාරිබෝගික භාණ්ඩ නිපදවිමටත්, යෙදවිය හැකිය. නිශ්පාදන සම්පත් වලින් කොටසක් ප්‍රග්ධන භාණ්ඩ සම්පාදනය සදහා යොදවා එසේ සපයා ගැනෙන ප්‍රාග්ධන භාණ්ඩ මගින් පාරිබෝගික භාණ්ඩ නිපදවිම වක්‍ර නිශ්පාදන ක්‍රියාවලිය (වටයම් නිශ්ප‍ාදන ක්‍රියාවලිය) යනුවෙන් හැදින් වේ.


පාරිභෝගික භාණ්ඩ නිපදවිමට යොදන සම්පත් වලින් කොටසක් ප්‍රාග්ධන භාණ්ඩ නිපදවිමට යෙදවිම නිසා, වර්තමානයේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය අඩු වේ. එහෙත් ප්‍රාග්ධන භාණ්ඩ නිපදවා ගැනිමෙන් පසු ඒවා ඇසුරෙන් පාරිභෝගික භාන්ඩ නිශ්පාදනය කිරිමෙන් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය සෑහෙන ප්‍රමාණයකින් වැඩිවන අතර එමගින් අනාගත පරිභෝජන ප්‍රවාහය වැඩිවනු ඇත.


 

(c) Shilpa Sayura Foundation 2006-2017