සේවා නියුක්ති ජන කොටස
 

වැටුපක් හෝ වෙනත් ආර්ථික වාසියක් සදහා විවිධ ආර්ථික කාර්යයන්හි නියුක්ත වි සිටින අය ආර්ථික ප්‍රතිලාභයක් සදහා ශුමය යොදන පුද්ගලයන් හෙවත් සේවා නියුක්ති ජන කොටස ලෙස සැලකේ. සේවා නියුක්ති ජන කොටස ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදේ.

වැටුප් ලබන සේවකයෝ.
සේවා යෝජකයෝ (වුටුපකට සේවකයන්ව රැකියාවල යොදවා ගන්නා අය)
ස්වයං සේවාවල නියුතු පුද්ගලයෝ.
වැටුපක් නොලබා පවුලේ ආර්ථික කටයුත්තක නියැලෙන්නෝ (නිදසුන් :- සැමියාගේ වෙළෙද සැලක වැටුප් නොලබා බිරිද සේවය කිරිම)
සේවා වියුක්ති පුද්ගලයෝ
ආර්ථික කටයුතු සදහා ශ්‍රමය සැපයිමට ඉදරිපත් වුවද ඒ සදහා අවස්ථාවක් සොයා ගැනීමට නොහැකිව පසුවන්නෝ. එනම් ‍ෙස්වා නියුක්ති අවස්ථ සොායමින් පසුවන්නෝ, සේවා වියුක්ති පුද්ගලයින් ලෙස හැදින් සැලකේ. මොවුහු රටේ නිශ්පාදනප ක්‍රියාවලියෙන් සම්පුර්ණනේම බැහැරව සිටිති.

සේවා වියුක්තියේ ආර්ථික හා සමාජ ප්‍රතිවිපාක
රටේ වැඩිපිරිසක් රැකියා විරහිතව සි‍ටිම හේතු කොට ගෙන සම්පත් උපයෝජනය අඩුවේ. මෙය රටේ මුලු නිශ්පාදනයපහත වැටීමට හේතුවකි.
වැඩි පිරිසක් ආදායමක් නොමැතිව සිටිම. මෙය රටේ ජිවන තත්වය පහත වැටිමට හේතු වේ.
රැකියා විරහිත පිරිස වැඩිවන විටරටේ කැරලි කෝලාහාල, මංකොල්ල කෑම, සොරකම්, අපරාධ යනාදිය ඉහල යනු ඇත.
රැකියා කිරිමට ඉදිරිපත් වන අයට රැකියා නොමැති විම, මානව අයිතිවාසිකම් උල්ලංඝණයවිමක් වේ.

රැකි විරහිත පිරිස වැඩිවිම නිසා රැකියා ඇති අයගේ කේවල් කිරිමේ ශක්තිය අඩුවේ. මෙය එම රැකියා කරන සේවකයන්ට අවාසිදායක ලෙසද සේව්‍යන්ට වාසිදායක සලසද බල පැවැත්විමට පුළුවන.
ඌන සේවා නියුක්තිය
සේවා නියුක්තිකයන්ට උපරිම ආදායමක් නොලැබෙන ලෙසට හෝඔවුන් ප්‍රශස්ත ආදායමක් නොලැබෙන ලෙසට පවත්නා සේවා නියුක්ති තත්වය ඌන සේවා නියුක්තිය ලෙස සැකේ. ඌන සේවා නියුක්ති පුද්ගලයන් රටේ නිශ්‍පාදන ක්‍රියාවලියට සහභාගි වුවත් ඔවුන් සේවා නියුක්තියෙන් ලබන ආදායම් සාපේක්ෂ වශයෙන් පහල මට්ටමක පවති.

ඌන සේවා නියුක්ති තත්වයන් සදහා නිදසුන්
පුර්ණ කාලීනව සහ අඛණ්ඩව වැඩ නොමැති විම.
කරන වැඩය තම අධ්‍යාපනයට, පුහුණුවට හා හැකියාවන්ට නොගැලපීම.
අඩු නිශ්පාදිත අගයක් ඇති රැකියාවල නියුක්ත විම.
පූර්ණ සේවා නියුක්තිය
වචනාර්ථයෙන් සලකා බලන කල, පූර්ණ සේවා නියුක්තිය යනු, ආර්ථික කටයුතු සදහා ශ්‍රමය සැපයිමට ඉදිරිපත් වන සියලුම පුද්ගලයින් රැකියා කටයුතු වල යෙදි සිටිමය. එනම් රටේ ශ්‍රම බලකාය,සේවා නියුක්ති ජන සංඛ්‍යාවට පූර්ණ වශ‍ෙයන් සමානව පැවතිමය. එවිට සේවා වියුක්තියක් කොහෙත්ම නැත. එහෙත් එවැනි තත්වයක් ප්‍රයෝගික වෂයෙන් අත්දැකීමට නොහැකිය. එබැවින් පූර්ණසේවා මට්ටමේදි යම් සුළු ප්‍රමාණයක සේවා වියුක්තියක්ද පවති.මේ අනුව සේවා වියුක්තිය, ශ්‍රම බලකායෙන් සියයට 3 - 4 පමණ මට්ටමකට අඩුව පවතින සේවා නියුක්ති මට්ටම, පූර්ණ සේවා නියුක්තිය ලෙස සාමාන්‍ය වශයෙන් පිළිගැනේ.

(c) Shilpa Sayura Foundation 2006-2017