ශ්‍රමය
 

ඵලදායි ආර්ථික කටයුතු වල නියුක්ත විමේදි පුද්ගලයන් විසින් යොදවන් ලබන කායික හෝ මානසික ආයාසය හෙවත් වෙහෙස ශ්‍රමය යනුවෙන් හැදින්වේ.ඒ හැර යම්කිසි ආර්ථික උපයෝතාවයක් නොලැබෙන අයුරින් මිනිසා විසින් කැප කරනු ලබන ආයාසය ආර්ථික ව්ද්‍යාවේද ශ්‍රමය ලෙස පිළි නොගැනේ.

 

 

ශ්‍රම කාලය ශ්‍රමිකයෙකු වැඩකිරිමට ඉදිරිපත් වන පැය, දින හෝ වසර ගණන ශ්‍රම කාලය යනුවෙන් හැදින් වේ. ශ්‍රමය මනින්නේ ශ්‍රම කාලය මගින්ය.

ශ්‍රම සැපයුම එක්එක් වැට්ප් මට්ටම් යටතේ ශ්‍රමිකයන් විසින් පිරිනැමීමට කැමැති ශ්‍රම පැය හෝ දින ගණන ශ්‍රම සැපයුම යනුවෙන් හැදින් වේ.

 

ශ්‍රම සැපයුම කෙරෙහි බලපාන ප්‍රධාන සාධක ජනගහනයේ ප්‍රමාණය (වැඩ කල හැකි වයස්වල සිටින ජන කොටස) ශ්‍රමය සැපයිමට ඉදිරිපත් වන ප්‍රතිශතය (ශ්‍රම බලකාය සහභාගීත්ව අනුපාතිකය.)

ශ්‍රමිකයන් වැඩකිරීමට කැමති කාලය ( ශ්‍රම කාලය)

ශ්‍රමිකයන්ගේ පරිශ්‍රමයෙහි සහ දක්ෂතාවෙහි පවත්නා ගුණාත්මක බව.

(c) Shilpa Sayura Foundation 2006-2017