ස්වභාව ධර්මයේ දායාදයක් වශයෙන් ලැබි ඇති සියලුම ස්වභාවික සම්පත් භූමිය යනුවෙන් අදහස් කෙරේ. නිදසුන් වශයෙන් භූගෝලිය පිහිටිම, දේශගුණය, පස, මුහුද, ගංගා, ඛණිජ සම්පත්, වනාන්තර, වන සතුන් යනාදිය දැක්විය හැකිය.
භූමියේ හා ස්වභාවික සම්පත්වල ප්‍රධාන ලක්ෂණ
- සාමාන්‍ය තත්ත්වයන් යටතේ සැපයුම අඩුවිම.
- සමජාතිය නොවිම.
නිදසුන් :- ඒක් භූමියක නිෂ්පාදන ධාරිතාව තවත් භූමියක නිෂ්පාදන ධාරිතාවට වඩා වෙනස් විය හැකිවිම.
- ප්‍රකාති තත්ත්වයෙන්ම නිෂ්පාදන කටයුතු සදහා යොදවා ගත නොහැකි වීම.
- සංචලනය කළ හැකි සාධකයක් ලෙස භාවිතා කිරිමට ඇති සිමාවන්.
- මූලික වශයෙන් ස්වභාව ධර්මයේ දායාද ලෙස ලැබිම.
- භූමිය (ස්වභාවික සම්පත්) නොමැති නම් අනෙකුත් නිෂ්පාදන සම්පත්වල පැවැත්මක් නොමැති විම.
- ස්වභාවික සම්පත් සැපයුම වෙනස් විමට බලපාන කරුණු
භූමිය ලෙස සැලකෙන්නේ ස්වභාවික සම්පත්ය.
සාමාන්‍ය පිළිගැනිම වන්නේ භූමියේ සැපයුම අඩුවැඩි නොවන බවය. එසේ වුවත් නිෂ්පාදනයට යොදා ගත හැකි ස්වාභාවික සම්පත්වල ප්‍රමාණය (භූමියේ සැපයුම) විශේෂ කරුණු දෙකක් යටතේ වෙනස් වේ. ඒවා නම්,
1. සම්පත් ක්ෂයවිම
නිදසුන් :- පරිසර දුෂණය නිසා සම්පත් හානියට පත්විම, ඛණිජ නිධි ලබා ගැනිම නිසා ඒවා අඩුවිම.
2. නව සම්පත් සොයා ගැනිම
නිදසුන් :- නව ඛණිජ නිධි සොයා ගැනිම, වගුරු බිම් හා මුහුද ගොඩ කිරිම මගින් ගොඩ බිම් ප්‍රමාණය වැඩි කර ගැනිම.
ස්වාභාවික සම්පත් අනිසි පරිහරණය හේතු කොට ගෙන මතු වන ගැටලු
1.ස්වභාවික සම්පත් විනාශ විම, ක්ෂය විම යනාදි ක්‍රියා නිසා ඒවා සමාජයට අහිමි විම.
2.ස්වභාවික සම්පත් විනාශ වීමෙන් සමාජයට අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දිමට සිදුවිම.
නිදසුන් :- වායු දුෂණය, ජල දුෂණය, කාලගුණ විපර්යාස
3.ස්වභාවික සම්පත් ප්‍රතිසම්පාදනය සදහා පිරිවැයක් දැරිය යුතු විම.
4.සමස්ත නිෂ්පාදන ප්‍රවාහයට බාධා ඇති විම.