නිෂ්පාදන සම්පත්
 

ආර්ථික නිෂ්පදන සම්පත් ලෙස භුමිය, ශ්‍රමය, ප්‍රාග්ධණය, ව්‍යවසාය යන සාදක සේවා වල ප්‍රමාණය සහ ඒවායේ ඵලදායිතාව තිරණය කෙරෙන තාක්ෂණික දියුණුව, මානව ප්‍රාග්ධනය කළමණාකරනය, යනාදිය සැලකේ. මේවා නිශ්පාදන සම්පත් ලෙස හැදින් විමට හේතුව මිනිස් අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිශ්පාදනය සදහා මේව‍ා භාවිතා කරනු ලැබිමය.



නිශ්පාදන සම්පත් සම්භාරය

නිෂ්පාදන සම්පත් සම්භාරය යන්න මූලිකාංග දෙකකින් සමන්විතය. එනම්


  • භුමිය, ශ්‍රමය, ප්‍රග්ධනය, ව්‍යවසායකත්වය යන නිශ්පාදන සාධක සේවා වල ප්‍රමාණය.
  • එම නිශ්පාදන සාධක වල ඵලදායිතා මට්ටම.

රටක ආර්ථික දියුණුව රදා පවතින්නේ, නිෂ්පාදන සාධකවල ප්‍රමාණය හා එම නිෂ්පාදන සාධකවල ඵලදායිතා මට්ටම යන සාධකයට වර්තමානයේ දි විශේෂ තැනක් හිමිවන බව පෙනි යයි. ආර්ථික දියුණුව ලබා ඇති බොහෝ රටවල එම ආර්ථික දියුණුවට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ නිෂ්පාදන සාධක සේවාවල ඵලදායිත්වය වර්ධනය විම බව සදහන් කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017