මිනිස් දිවි පැවැත්ම සදහා අනිවාර්යයෙන් සපුරා ගතයුතු ෙද්වල් මිනිස් අවශ්‍යතා යනුවෙන් හැදින්වේ. මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස ආහාර, ඇදුම් පැලදුම්, නිවාස යනාදිය සැලකේ. එමෙන්ම සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය, සන්නවේදනය, ආරක්ෂක කටයුතු, ප්‍රවාහන සේවා, විනෝදය යනාදිය ද සමාජයේ වෙසෙන පුද්ගලයන්ගේ තවත් වැදගත් අවශ්‍යතාවලට නිදසුන් ලෙස දැක්විය හැකය.
මිනිස් අවශ්යාතාවල ප්‍රධාන ලක්ෂණ
1.මිනිස් අවශ්‍යතා විම
එකම අවශ්‍යතාවයක වුවද එහි ස්භාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
එක් පුද්ගලයකුට නැති අවශ්‍යතා තවත් පුද්ගලයෙකුට තිබිය හැකිය.
2. මිනිස් අවශ්‍යතාවල ප්‍රමුකතාවක් පැවතීම,
වඩාත් බලවත් අවශ්‍යතාවන් පළමුව ඉටුකර ගන්නා ආකාරයට පුද්ගලයනගේ අවශ්‍යතාවල අනුපිළිවෙලක් පවති.
3. මිනිස් අවශ්‍යතා නිරන්තරයෙන් වර්ධනය වීම,
- ශාරිරික අවශ්‍යතා.
- සාමාජීය පරිසරය.
- අවශ්‍යතාවන් අතර පවත්නා අනුපූරකතාවය
- භාණ්ඩ ප්‍රචාරණය.
4. මිනිස් අවශ්‍යතා යන්න ආර්ථික සංකල්පයක් පමණක්ම නොවීම,
ආර්ථික විද්‍යා විෂයට අදාල වන්නේ මිනිසා විසින් නිපදවා ගනු ලබන ආර්ථික භාණ්ඩ අශ්‍රයෙන් සපුරා ගත හැකි මිනිස් අවශ්‍යතාවන්ය. එහෙත් ඇතැම් මානසික, සමාජීය, අවශ්‍යතා ආර්ථික විද්‍යා විෂයට කෙලින්ම සම්බන්ද නොවේ.
නිදසුන් - ආදරය, කරුණාව, පිළිගැනීම
5. මිනිස් අවශ්‍යතා ඉටුකර ගැනීමේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක මට්ටම අනුව සමාජයේ පුද්ගලයන්ගේ ජීවන තත්වය රදා පැවතීම,
මූලික අවශ්‍යතා හරි හැටි ඉටු නොවීම පහත් ජිවන තත්වයේ හෙවත් දුප්පත්කමේ ප්‍රධාන ලක්ෂණයකි. මුලික අවශ්‍යතාවලට නිදසුන් ලෙස අවම කැලරි ප්‍රමාණය, ඇදුම්, අවම ඉඩ හා වාතාශ්‍රය සහිත ස්ථීර නිවස, බීමට සුදුසු ජලය, සනීපාරක්ෂක වැසිකිළි, ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම්, පාසල් අධ්‍යපන සුදුසුකම් යනාදිය දැක්විය හැකිය.