ආර්ථික විද්‍යාවේ ස්වභාවය
 

සමාජයේ විවිධ අංශවල මිනිස් හැසිරිම් අධ්‍යනය කිරිම, සමාජ විද්‍යාව මගින් සිදු කෙරේ. ආර්ථික විද්‍යාවද සමාජ විද්‍යා ගණයට අයත් අධ්‍යන ක්ෂේත්‍රයකි. මිනිස් සමාජයේ ආර්ථික පදනම හෙවත් මිනිස් සමාජ‍ෙය් ආර්ථික කටයුතු සංවිධානය වී ඇති ආකාරය අධ්‍යනය කිරීම ආර්ථික විද්‍යාව මගින් සිදුකෙරේ.



සමාජයේ ආර්ථික කටයුතු සංවිධානය වී ඇත්ත්, භාන්ඩ හා සේවා නිෂ්පාදනය, හුවමාරුව (විනිමය), පරිබෝජන යන කරුණු මූලික කර ගෙනය. ආර්ථි විද්‍යා විෂය ක්ෂේත්‍රයට අයත් සෑම කරුණක් ම භාන්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇත. එබැවින් ආර්ථික විද්‍යාව මගින් හදාරනු ලබන්නේ, සමාජයේ භාන්ඩ හා සේවා සම්පාදන ක්‍රියාවලිය සහ එ ආශ්‍රිත ප්‍රශ්ණයන්ය. මේ අනුව ආර්ථික විද්‍යාව, “සමාජයේ භාණ්ඩ හා සේවා සම්පාදන ක්‍රියාවලිය හා ඒ ආශ්‍රිත ප්‍රශ්ණ පිළිබද අධ්‍යනයක් ලෙස හැදින්විය හැකය.”


ආර්ථි විද්‍යා පිළිබදව වැදගත් නිර්වචන දෙකක් පහත දැක්වේ.


“ ආර්ථික විද්‍යව වනාහි විකල්ප ප්‍රයෝජන ඇති හිග සම්පත් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කිරිම සදහා යොදා ගැනීමත්, වර්ථමාන හෝ අනාගත පරිබෝජන සදහා සමාජයේ විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් අතර ඒවා බෙදාහැරීමත් යන කරුණු පිළිබද මිනිසුන් හා සමාජය විසින් තෝරා බේරා ගැනීම කරන්නේ කෙසේද යන්න පිළිබද අධ්‍යනයයි.”

 

විලියම් ඩී නෝර්ඩිහවුස්


 


“ ආර්ථික විද්‍යව වනාහි, විවිධ වර්ග වල භාණ්ඩ නිෂ්පාදනය කිරීමට විකල්ප ප්‍රයෝජන සහිත හිග නිශ්පාදන සම්පත් භාවිතා කිරීම සදහා අප තේරිම් කරන්නේ කෙසේද යන්න හදාරන අධ්‍යනයකි."
පෝල්. ඒ. සැමුවෙල්සන්

 
(c) Shilpa Sayura Foundation 2006-2017