පෙනීමේ ක්‍රියාවලිය
 

සූර්යයාගෙන් නිකුත් වන ආලෝක කිරණ යම් වස්තුවක වැදී අපගේ ඇස වෙත පරාවර්ථනය වේ.

එලෙස අප ඇස වෙත පැමිණෙන සමාන්තර ආලෝක කිරණ ඇසේ කාචය තුලින් ගොස් ඇසේ ඇති දෘෂ්ඨිවිදානය මත නාභිගත වී එහි යටිකුරු ප්‍රථිබිම්බයක් සාදාගනියි.ඉන් පසු එම ප්‍රථිබිම්බය ඇසේ ඇති ස්නායු තුලින් මොලය වෙත ගෝස් උඩුකුරුව සාදාගෙන වටහා ගනියි. මෙය පෙනීමේ ක්‍රියාවලියයි.

ඇසේ ඇති මෙම විවිධ කොටස් මගින් සිදුකරණ ක්‍රියාවන්.

ස්වච්චය : ඇසේ ඉදිරියෙහි පිහිටා ඇති විනිවිද පෙනෙ පටලය යි.

කනීනිකාව ඇස තුළට ආලෝකය ඇතුළු වන්නේ මෙය තුලිනි.

කාචය : ආලෝකය වර්තනය කර ප්‍රථිබිම්බ සාදන්නේ මෙය මගිනි.

දෘෂ්ඨිවිතානය : ප්‍රථිබිම්බය සෑදෙන්නේ මෙය මතයි.

දෘෂ්ඨික ස්නායුව : ඇසට ලැබෙන පණිවිඩ මොළය වෙත ගෙන යනු ලබන්නේ මෙමගිනි.

 
(c) Shilpa Sayura Foundation 2006-2017