සීගිරි බිතු සිතුවම්
 

 

සීගිරි විත්‍ර ලංකාවේ හමුවන විවිධ චිත්‍ර අතර විශේෂිත වන අතර, වර්ණ සංයුතිය, ජීවමාන බව හා තාක්‍ෂණයෙන් ඒවා ලොව අග්‍ර ගණයේ විත්‍ර අතරට එකතු වී ඇත. 8 හා 9 වැනි සියවස් වලට පසු යලිත් සියවස් ගණනකට කට පසු සීගිරි චිත්‍ර නූතන ලෝකයට විවර වූයේ 18වන සිය වස අග භාගයේය. වැල් හා ලී වලින් තැනූ ඉණිමඟක් හා අට්ටාලයක ආධාරයෙන් ඒ.මරේ මහතා ඒවා මුලින්ම චිත්‍ර 8 ක් පිටපත් කලේය. 1894 දී පුරා විද්‍යා කොමසාරිස් එච්. සී.පී බෙල් මහතා සහ මුහන්දිරම් පෙරේරා නිර්මාණ ශිල්පියා උණ බම්බු ඉණිමගක් යොදාගන ගල මතට නැග සුළඟ සමග ඉතා දුශ්කර කටයුත්තක යෙදී සිතුවම් 22 ක් පිටපත් කරන ලදි. පරණවිතාන මහතා කියන පරිදි සීගිරි චිත්‍ර විශාල ප්‍රමාණයක් තිබී ඇත. දැනට ඉතිරිව ඇති විත්‍ර ගල් කෙවෙණි තුල තිබීම නිසා සුළගින් හා වැස්සෙන් ආරක්‍ෂා වූ ඒවාය.





 


සීගිරි චිත්‍ර හා අජන්තා චිත්‍ර

විවිධාකාර විද්වතුන් බැලූ බැල්මට සීගිරි චිත්‍ර, ඉනදියාවේ අජන්තා චිත්‍ර හා සසඳා ඒවා එක සමාන බව කීවද, පරණවිතාන මහතා එම අදහස ප්‍රතික්‍ෂෙ‍්ප කරයි. එම චිත්‍ර සම්ප්‍රදාය පරම්පරා ගණනක් හුරුකර රූ ඇඳීම, මුද්‍රා, එළිය අඳුර දැක්වීම, වර්ණ භාවිතය, අඟ පසග, ආභරණවල සියුම් බවත් පෙන්වන සිංහලයන්ට ආවේනිකවූ සම්ප්‍රදායක් දෘශ්‍යමාන වන බව ඔහුගේ අදහසයි.

බිතු සිතුවම් යයි හඳුන්වන සීගිරි හා අජන්තා සිතුවම් ඇඳ ඇත්තේ හුණු බදාම වලිනි. වර්ණ ද්‍රාවකයක් සමග මිශ්‍ර කර වියලි මතුපිටක් මත අඟල් කාලේ සිට භාගය දක්වා ඝණකමකට පාෂාණ මත තැවරීමෙනි. කෙස් උවද සීගිරි ලලනාවන්ගේ ශාරීරික රටා සහ අජන්තා කතුන්ගේ රටා හාත් පසින්ම වෙනස්ය. දිගු ඉඟටියක් හා පුළුල් උකුල සීගිරි ලලනාවන්ගේ ලක්‍ෂණය.

 

අජන්තා විත්‍ර කාමුක හා ආදර ලක්‍ෂණ දනවන අතර, සීගිරි චිත්‍ර නිහඬ හා තේජස් බවකි. අජන්තා චිත්‍ර ස්ත්‍රී සිරුර පුම්බා දක්වන අතර, කෙටි තරබාරු ස්ත්‍රීන් වෙනුවට සීගිරි ලලනාවෝ කෝමල හා නැමෙන සුළු ලාලිත්‍යකින් යුක්තය. සීගිරි චිත්‍රවල අතින්ගත් පුෂ්පද, හිස පැළැදි පුෂ්ප ද , කේශ කලාපයද, මැණික් ඔබ්බවන ලද ආභරණද නිදහස්ව වර්ණයෙන් ඇඳ අවසාන සමෝච්චය කලු පැහැයෙන් ඇඳ ඇත. ඇස් සහ තොල් පැහැදිලි ලෙස පෙන්වයි.

සීගිරි විත්‍රවල නිල් වර්ණය යොදා නැත. සීගිරි චිත්‍ර මතුපිට මටටම් කර, පිදුරු හා දහයියා සමග මිශ්‍ර කල මැටි ස්තරයක් ඝණකමට තවරා, තවත් මෘදු තට්ටුවක් එය මත තවරා මෘදු මතු පිට චිත්‍ර ඇඳ ඇත. සීගිරි චිත්‍රවල දිගැටි ඇඟිලි තුඩින් ඇල්ලූ පුෂ්පය, බාහු, අත්ලද, ඇඟිලි නිරූපණය ඒකීය ලක්‍ෂණයක් ගනී. එය ස්වාභාවික මිනිස් රූ ඇඳීමේ කලාව ප්‍රගුණ කල සම්ප්‍රදායක ලක්‍ෂණ වේ.

 

ලලනාවන්ගේ අත් ස්වාභාවික සම්ප්‍රදායෙන් ඈත්වී ඇත, සමහර ස්වාධීන ලක්‍ෂණද එකතු කල චිත්‍ර ශිල්පියා සමත් වී ඇති බව පෙනේ. එබැවින් සීගිරි චිත්‍ර ස්වාභාවික ලක්‍ෂණ හා තමන්ම ප්‍රගුණ කල ශෛලිගත ක්‍රමයකට නිරූපිත වූත් ස්වාධීන කලාවක් ලෙස සිතිය හැක. සීගිරි චිත්‍ර කාව්‍යමය ලක්‍ෂණ ගන්නා අතර, සමස්ථ රූපය පිහිටුවීම ලාලිත්‍යයන්ද හා නර්තන ලීලාවන්ද නිරූපණය කරයි. සීගිරි චිත්‍ර කවර සම්ප්‍රදායකට අයත්දැයි කිව හැක්කේ බැලූ බැල්මට පෙනෙන ලක්‍ෂණ වලින් නොව, එම සම්ප්‍රදාය දැක්වෙන ශිල්පීය ක්‍රම සසඳන මනා අධ්‍යනය.

සීගිරි චිත්‍රවලින් පිළිබිඹු වන සමාජයීය කරුණු

සීගිරි ලලනාවන් අඳින දෝතිය නැබ පෙනෙන ලෙස ඇඳීම හා නෙරිය වම් පසට තැබීම අදද කෙරේ. තනපටක් ඇඳීම හෝ නොඇඳීම නිශ්චය සිරිතක් අනුව සිදුවූ බව නොපෙනේ. පයෝදර නිරුවත් කල මාල පැලඳීම සිදුවුන බව සිතිය හැක. වළලු රාශියක් පැළඳීම. විවිධ මත සීගිරි ලලනාවන් ගැන පැවසේ.

 

පිදුරංගල විහාරයට යන රාජ කුමාරියන් සහ මෙහෙකාරිය බව බෙල් මහතා පවසන අතර, ආනන්ද කුමාරස්වාමි මහතා ඔවුන් දිව්‍ය අඟනුන් බව පවසයි. පරණවිතාන මහතා පරිවර්ථනය කරන ලද අන්තරා කාලීන ශිලා ලිපිවලට අනුව කාශ්‍යප රජ කුවේරයාට සමාන කර, සීගිරිය කුවේරයාගේ වාසය වූ කයිලාස පර්වතය ලෙස සලකා ඔවුන් කුවේරගේ ආලකමන්දාවේ වලා කුමරියන් වන මේගලතා සහ විජජුලතා බවට හඳුන්වයි. වලාකුළු මත සිටින ලෙස ඉඟෙන් ඉහලට ඔවුන් ඇඳ ඇත්තේ එහෙයින් බව ඔහු පවසයි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017