යති හෙවත් යතිය
පැදි ගායනයේදී යම් කිසි අකුරක නැවතී එම අකුරට හිමි මාත්‍රා ගණන නාදානුකුලව ඇදීම හෝ නාද රහිතව නිහඬ කොට ගැයීම යති නම් වේ. පැදියක අර්ථයට හානි නොවන සේ යතිය (ඇදීම) යෙදිය යුතුය. මෙය සශබ්ද සහ නිශ්ශබ්ද යනුවෙන් දෙආකාරයකට බෙදේ.
සශබ්ද යතිය
යම්කිසි යතියකට නියමිත මාත්‍රා ගණන හඬ නොනවත්වා ගැයීම සශබ්ද යතිය වේ.
උදාහරණ-
ඉරු දෙවියන්ගේ ඉර ගල ගාවා
සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා
ගණ දෙවියන්ගේ කොවිල ගාවා
අපිත් කියමු කවි ගොවිපළ ගාවා
ඉහත ප්‍රස්‌ථාරයේ "ගේ" සහ "වා" යන අකුරු මත යතියේ හඬ නොකඩවා ඇදේ. ඒ සශබ්ද යතියයි.
නිශ්ශබ්ද යතිය
යතියට හිමි මාත්‍රා ගණන නිහඬව සිට ගැයීම නිශ්ශබ්ද යතියයි. මෙය හින්න යතිය ලෙස හදුන්වයි.
උදාහරණ-
වෙනදට එන කොට මා පල වැල මිරය රැගෙනා
රැකලා පෙර මඟදී දැක සිරුරේ මගෙ ඉලෙනා
රුවිනා මනහර ජාලිය පුතු හා පොඩි දියණී
අද කෝ අහෝ අද කෝ නැත කිම්දෝ මෙම අරුමේ
රැකලා පෙර මඟදී දැක සිරුරේ මගෙ ඉලෙනා
රුවිනා මනහර ජාලිය පුතු හා පොඩි දියණී
අද කෝ අහෝ අද කෝ නැත කිම්දෝ මෙම අරුමේ
මෙහි (~~) ලකුණු වලින් නිශ්ශබ්ද යතිය පෙන්වා දී ඇත.