සැඳැස්‌මත් හා ගීමත්
  පැදියක්‌ ඇති කෙටි අක්‌ෂරවල (ලඝූ අකුරු) සහ දීර්ඝ අක්‌ෂර වල (ගුරු අකුරු) එකතුව ලඝූ මාත්‍රා වලින් ගැනීම සැඳැස්‌මත් යනුවෙන් හදුන්වනු ලබයි.

උදාහරණ –
ඈත ඇදී යළි මෑතට පාවේ

මෙම පදයේ අකුරුවලට හිමි ලඝූ මාත්‍රා ගණන 16 කි. එසේ වන්නේ ඈ, දී, මෑ, පා, වේ
අකුරුවල ලඝූ මාත්‍රා දෙකක්‌ වශයෙන් පැවැත්වීමයි. එසේ හෙයින් මෙම පදයේ සැඳැස්‌මත් 16 ක්‌ වේ.

පැදියක්‌ ගැයීමේ දී බොහෝ විට එම පදයේ අකුරුවලට හිමි මාතා ගණන වැඩි වේ. පැදියක්‌ ගායනා කරන විට එක්‌ පාදයක ඇති අක්‌ෂරයන්ට හිමි මාත්‍රා ගණන ගී මත් ලෙස හඳුන්වයි.

උදා- පෙරයම බුද්ධං සරණේ ගඥ්ඥයි
පෙ ර ය \ ම බු ද් \ ධ ං S \ S S S \ ස ර ණේ \ S ග ඥ් \ ඥ යි S \ S S S \

මෙහි ගීමත් 24 කට පැදිය ගයනු ලබන අතර එහි සැඳැස්‌මත් ගණන 16 ක්‌ වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017