ආලෝක වර්තනය
 
වීදුරුවක් තුලට ජලය පුරවා එය තුළට පැන්සලක් දමා නිරීක්ෂණය කළ විට එය මදක් එසවී ඇති අයුරු පෙනේ.  

තවද මෙවැනි සන්සිද්දියක් වන්නේ පැහැදිලි ජලය ඇති පොකුණක පතුල අප දකින ගැබුරට වඩා ගැබුරු වීම.

මෙය සිදු වන්න් ආලෝකය එක් පාරදෘශ්‍ය මාධ්‍යක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යකට ගමන්කිරීමේදී මාධ්‍ය දෙක වෙන් වන පෘෂ්ඨයේ දී ආලෝකය ගමන්කරන මාර්ගය වෙනස් වෙනස් වී ගමන් කිරීම නිසයි.

මෙය ආලෝක වර්තනය නම් වේ.
දැන් අපි ආලෝකය විවිධ ද්‍රව්‍යය තුළින් වර්තනය වන ආකාරය ක්‍රියාකාරකම් කීපයක් මඟින් අධ්‍යනය කරමු.
මේ සදහා පරීක්ෂණ ඇටවුම් සෑදීමේදී ප්‍රකාශ බංකුව (Optical Bench) නම් උපකරණය භාවිතා කරයි.

ඉහත දැක්වෙන්නේ ප්‍රකාශ බංකුව (Optical Bench) ක් මත තබා ඇති සරල පරීක්ෂණ ඇටවුමකි.


මෙම ප්‍රකාශ බංකුවේ (Optical Bench) විශේෂය වන්නේ මෙහි ලෑල්ල සාදා ඇත්තේ පොලිස්ටරීන් තහඩුවක් මගින් වීමයි.
අප දැන් විවිධ ද්‍රව්‍යය වලින් ආලෝකය වර්ථනය වන ආකාරය විමසා බලමු.
1. වීදුරැ කුට්ටියක් මඟින් වන ආලෝක වර්ථනය.
 
 
මෙහි කිරණ සටහන පහත දැක්වේ
වාත මාධ්‍යයේ සිට ආලෝක කිරණයක් සෘජුකෝණාස්‍රාකාර වීදුරැ ඝණකයක් තුලින් ගමන් කර නැවත වාත මාධ්‍යයට පිවිසෙන විට සිදුවන වර්තනය ඉහත පරිදි වේ.

2. වීදුරැ ප්‍රිස්මයක් මඟින් වන ආලෝක වර්ථනය.
සුදු ආලෝකය වාත මාධ්‍යයේ සිට ප්‍රිස්මයක් තුලින් ගමන් කර නැවත වාත මාධ්‍යයට පැමිණෙන විට සිදු වන ආලෝක වර්තනය ඉහත රෑප වලින් දැක්වේ.
 
පහත දැක්වෙන්නේ වාත මාධ්‍යයේ සිට ප්‍රිස්මයක් තුලින් යන ආලෝක කිරණය නැවත වාත මාධ්‍යයට පිව්සෙන විට සිදුවන වර්තනයේ කිරන රෑප සටහනයි.