දේශාභිමානී ගී
  ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී සුරකිමු ඔබ ලංකා

බලිතුරු රාවණ ගැමුණු විජයබා
නිරිඳුන් ලද ලංකා
පුලතිසි දෑමිසිරි රහල් කුමර තුඟු
පඬුවන් ලද ලංකා
විදු සක්‌විති මහ පැරකුම් කිවිසුරු
කිවියන් ලද ලංකා
ඔබ රැකුණොත් ලෝ කුඹුව ද අප හට
ශීත ගඟුලි ලංකා

ඔබ හට අත පොවන උන්මුන් හට
ඉඩ නොතබමු ලංකා
අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුඳ ගෙවමු ලංකා
ගොඩ දිය අහසේ සැම තැන ඔබගේ
නම කියවමු ලංකා
අවසන මේ කය පොහොරට ඔබ වෙත
මෙහිමැ හොවමු ලංකා

(c) Shilpa Sayura Foundation 2006-2017