නාඩගම්
නාඩගම්වල විකාශනය මහනුවර යුගයේ රජ කළ වීර පරක්‍රම නරේන්ද්‍ර සිංහ රජ සමය දක්‌වා අතීතයට නෑකම් කියයි. එසමයේ දකුණු ඉන්දීය සංචාරක නාට්‍ය ශිල්පියෙකු වන අලඟුනායිදු නම් තැනැත්තා සමඟ නාට්‍ය කණ්‌ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණුන අතර දකුණු ඉන්දියානු නාට්‍ය කිහිපයක් මෙහි රඟ දක්‌වන ලදි. ඔහු විසින් රචනා කොට ඉදිරිපත් කරන ලදි "හරිශ්චන්ද්‍ර" නම් නාඩගමින් පසුව ලංකාවේ නාඩගම් ප්‍රබොධයක් ඇති විය.සිංහල නාඩගමේ ආරම්භකයා "පිලිප්පු සිංඥෝ" නම් තැනැත්තාය. ඔහු විසින් රචිත පළමු සිංහල නාඩගම වන්නේ "ඇහැළේපොල" නාඩගමයි.
පිලිප් සිංඥෝගේ පියා අලඟුනායිඳු නම් නාට්‍ය ශිල්පියාගේ නාට්‍ය සංගමයට බැඳී එහි සාමාජිකයකුව, එම නාට්‍ය ශිල්පය හැදෑරුව අතර ඒ ආභාසය පිලිප්පු සිංඥෝ හට ද බලපාන ලදි. නාඩගම් සංගීතය කර්ණාටක දමිළ සංගීතයම විය. එහි ප්‍රධාන සංගීත භාණ්‌ඩ අතර මද්දල බෙර 02 ක්
ද, පසු කලක සර්පිනාවක්‌ද යොදා ගන්නා ලදි. මද්දල් බෙර දෙකක් යොදා ගන්නේ අඩු තාල සහ වැඩි තාල වැයීම සඳහාය.
ප්‍රසිද්ධ නාඩගම් අතර බැලසන්න නාඩගම, එච්ජින් නාඩගම, බ්‍රම්පෝඩි නාඩගම, සෙන්පති නාඩගම, ඇහැළේපොළ නාඩගම සහ පසු කලක දික්‌තල කාලගෝල, වෙස්‌සන්තර නාඩගම, ජොහානා නාඩගම දැක්‌විය හැක.
රචක : චාල්ස් සිල්වා ගුණසිංහ
ගීතයට අදාල චරිත : දික්‌තල – කාලගෝල
දික්‌තල : ඇන්නෑවේ මේ මළ කෝළම්
පාරෙ යන්නට බැහැ මුන්දෑ සමඟින් //
මව් පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමිටියටා //
කාලගෝල : අඟුටුමිටියා වට මං සුන්දරියේ
නැද්ද හැඩ රුව මං
ඇයි සුන්දරියේ නැද්ද හැඩ රුව මං
කාලා බීලා සැපසේ හිඳ කල්හැර
එව්වා මෙව්වා කිව්වේ කව්රුද නුඹට //
ඇන්නෑවේ මේ මළ……… ……..