සම් හෙවත් සමග්‍රහය – ඛාලි හෙවත් ඛලිය – අනුතාල ස්‌ථාන
සමග්‍රහය
හින්දුස්‌ථානී තාල පද්ධතියේ එන සම් හෙවත් සමග්‍රහය ලෙස හඳුන්වන්නේ තාලයේ ප්‍රබලම ස්‌ථානයයි. සම්, තාලය පළමු මාත්‍රාව මතම යෙදේ. මෙය ලියා දැක්‌විමේදී "ශ" යොදනු ලැබේ.
ඛලිය
හින්දුස්‌ථානී තාලවල එන දුර්වල ස්‌ථානය ඛාලි හෙවත් ඛලිය නමින් හඳුන්වනු ලබයි. මෙය ලියා දැක්‌වීමේදී "O" ලකුණ යොදනු ලැබේ.
අනුතාල
හින්දුස්‌ථානී තාල පද්ධතියේ ඇති තාල සංඥා වලින් සමග්‍රහය සහ ඛලිය හැර අනෙකුත් තාල සංඥා
අනුතාල සංඥා ලෙස හදුන්වනු ලබයි. එවා ලියා දක්‌වනු ලබන්නේ "2, 3, 4" ආදී වශයෙනි.
(උදා - ත්‍රිතාලය, කෙහෙර්වා)