තුන් සරණේ ගී
  බුදුන් දහම් සඟුන් හෙවත් බුද්ධ රත්නය, ධර්ම රත්නය සහ සංඝ රත්නය යන තුන්රුවන් සිහිකොට, එම තුනුරුවන් සරණ පතා පිහිට අශිර්වාදය පතමින් භක්‌ති පූර්වකව ගයනු ලබන ගීත හෙවත්, තුන් සරණේ ගී යනුවෙන් හදුන්වනු ලබයි. ඈත පිටිසර ගැමි ජනයා වන්දනා ගමන් බිමන් යාමේ දී සාමූහික වශයෙන් මෙම තුන්සරණේ ගීත ගායනා කරනු අදටත් දැකිය හැක. ශ්‍රී පාද වන්දනාවේදී සිරි පතුල බලා නැගීමේදී ඇතැමෙකු තුන්සරණේ කවි කියමින් කරුණා කරනු අද ද දැකිය හැකි වන්නේය.

තුන් සරණේ කවියක්‌
කකුසඳ කෝණාගම පෙර මුනිවර
කාශ්‍යප ගෞතම මුනිඳු අදර කර
සමන් පතිනි ගණ දෙවිඳුනි ඉසිවර
දමන් ඉවත ඇති වරදක්‌ දුරුකර

තුන් සරණේ ගී (මැදුම් තනිතිත)
බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
එඤ්ඤයි තුන් සරණේ අදහාගෙන
(c) Shilpa Sayura Foundation 2006-2017