පර්වතයෙන් බිමට වැටුනු ස්වාභාවික ගල් කුට්ටියක ඉහල කුට්ටය යොදාගන ඉදුකර ඇති ගල්පොකුණද , පහල කුටිටිය භාවිතා කර කපා සකස්කල ආසනගල නම්වූ සභාශාලාවද, ගිරිහිස මත රාජාසනයද, පැතලිව කපා සාදා පියගැට පෙළ හා ගෙබිම ඇතිරූ හුණුගල් (ඩොලමයිට්) පාෂාණද, වෘත්තාකාර ගල් පතුරු එකට තබා යකඩ විලි තුල බහා භූගත හා සිරස් ජල නල වලට යොදාගැනීමද වැදගත් නිර්මාණය.
සභා ශාලාව තැනීමට ආසනගල එකම සරල රේඛාවක දිවෙන ආකාරයට කපා එහි මත සිදුරු තනවා දැවමය ගොඩනැගිල්ලක් ඉදිකරවීම අපුරුය. ගලඉහල ඇති කුරුමාණම් ගල ලිස්සා යාමට නොදී තබා ඇති අයුරින් කුට්ටි පතන කලමණාකරණය පෙන්වයි.

අනුරාධපුරයේ මෙන් සම්පුර්ණ ගල් කණු වෙනුවට කාශ්‍යප රජ දැව හා යකඩ ගලට වද්දා ගෘහ, පඩි පෙලවල් හා සභා ශාලා තැනූ ලක්‍ෂණ සීගිරියේ දැක ගත හැක. සිංහයාගේ නියද පුරාවිද්‍යාඥයින්ගේ මහත් අවධානයට ලක්ව ඇති නිර්මාණයකි.


