අනකුත් සියලුම ග්‍රහයන් ගේ එකතුවටත් වැඩිය 2.5 ගුණයකින් බ්‍රහස්පති විශාල ය. පෘතුවියට වඩා 318 ගුණයකින් විශාලය. එහි පවතින ගුරුත්වාකර්ශණය නිසා අවට ඇති ග්‍රාහක කැබලි විශාල ප්‍රමාණයක් ඒ වෙත ඇද ගැනීම නිසා ඒ වටා ග්‍රාහක වලින් සමන්විත වලල්ලක් සෑදී ඇති ආකාරය දැක ගත හැක. භ්‍රමණය වීම සඳහා අඩුම කාළයක් ගන්නා ග්‍රහයා ලෙස ද හඳින්විය හැක. එය පැය 10 ක තරමි කාළයකි. ඒ අනුව දුරදක්නයකින් බ්‍රහස්පති අධ්‍යනය කරන කෙනකෙුට එහි භ්‍රමණය වීම පහසුවෙන් අධ්‍යනය කල හැක. බ්‍රහස්පති සෑම අවස්ථාවකම වළාවකින් වැසී පවතී. මෙම වළාව සැකසී ඇත්තේ ඇමෝනියා (ammonia) සහ ඇමෝනියමි හයිඩ්‍රෝසල්පයිඩි (ammonium hydrosulphide) වලිනි.
සොයා ගෙන ඇති ආකාරයට බ්‍රහස්පති වසරකට මිලි මීටර් කිහිපයකින් හැකිලීමකට ලක්වේ. ඒ අනුව ග්‍රහයා ආරමිභයේ දී තිබුනු ප්‍රමානයට වඩා අද වන විට ප්‍රමාණයෙන් තරමක් කුඩා ය.
වර්ෂ 1610 දී ගැලීලියෝ ගැලිලි විසින් බ්‍රහස්පති වටා කැරකැවෙන චන්ද්‍රයන් 4 ක් සොයා ගන්නා ලදි. එම චන්ද්‍රයන් ලෝ (Io) , යුරෝපා (Europa), ගැනිමේඩා (Ganymede)සහ කැලිස්ටෝ (Callisto) ලෙස නමි කරන ලදි. අද මේවා ගැලීලියෝ චන්ද්‍රයන් ලෙස හඳුන්වයි. ඉන් පසුව 1892 දී ඊ.ඊ. බර්නාඩි (E. E. Barnard) විසින් පස් වෙනි චන්ද්‍රයා සොයා ගන්නා ලදි. එය පසුව ඇමල්තියා (Amalthea) ලෙස නමි කරන ලදි.
