තෙනෙන තෙන තෙන, තෙන තෙ නම් තෙන
තෙනෙන තෙනෙ තෙන, තෙතන තෙ තෙනා
සින්දෙ කෙලෙසුන් මෙඅප මුනි රජ
සතුන් මොක්පුර හරිත විලසින්
බින්දෙ දස මරු එමුතු බුදු වී
පාරමිත බල අනුහසින්
වැන්දෙ මුනි රජ දෙවිබඹුන් විත්
දෙසුදම් අසලා තොසින්
කෙන්ද මුතුපෙල ඇමුණුවා සේ
අසව තාලම් දෙතිස දැන්
පංච තාලම් කව
සදා තුන් කගව් පමණ බෙරයක් - ඉන දරාගෙන ගාන්ධර්වය
විදා සැඩ පලු නටන ඉසුරට - එදා දිව පුත් ගැසූ බේරිය
යොදා ගදඹය එදා සිට මේ - ලොවට පවතී පංච කූරිය
එදා ඉසිවර මුලට ගැසුවේ - පංච තාලම අසනු මැනවිය
පදය :
කල්ලරු කරුව කරුණා හං
තබ් අරයුරු විල්ල රවනි
අරී විප්පුර තාන රජෙන්
තජෙන් නමෝ හෙත් කඩ පුර
නාගමිණි තාලම් කව
මෙන්න මහතුනි තරහ නොවඉඳ - දෙයින් අවසර අසා මගෙ බස
දෙන්න සමඟිව සුරල් සහපද - ගසා අප දැන් වෙමින් උදහස
දන්න පමණට වැඩිය උඩ පැන - සුපරල් සව්දම් ගසනවා මිස
ඔන්න දිනිතොත් මෙන්න ගැසුමට - නාගමිණි තාලමක් මේ ලෙස
පදය :
තං තදික්කු තරිකිට
දික්කුන් තරි කිට ජෙං
ජෙංගත් ජෙහෙකුරු
කුරුලන් කුරුලන්තා
එක් පුත් තාලම් කව
සංසාරෙන් ගැලවීමට මුනි රජ - බෝමුල වැඩ හිඳ සිත් පීනුවා
මංගෝසෙන් දස බිම්බර ඇවිදින් - යුදකර මුනිඳුන් බිය කරවා
ගුණ දැරුමෙන් මුනිඳුන් බිය නොව වස - වත් පරදා ආපසු හරවා
තිරසාරෙන් මම එක්පුත් තාලම ගැසුවොත් - මෙනුමට බැරි වෙනවා
පදය :
තිත් තිත් තෙයි ක්රතක
දිකුද තකුද පෙරු මලං
සංහාර ගෝටි ක්රතක තත්තා තෙයියත් තෙයි තක තා
නාග තාලම් කව
රාග මෝහය දෝස දුරු කර - බුදු වෙමැයි වජිරාසනේ හිඳ
වේග සේ වසවර්ති කුමරුන් - ඇවිත් එතනට කරති තද තෙද
රාග වන්නම් දෙසීය සොළොසක් - එදා ගැසුවේ මෙසේ පද බැඳ
තාල තාලම් නයෙකු මෙන් තෙද - දැනෙයි මෙනුඹට ගැසුවොත් අද
පදය :
ක්‍රිෂ්ට නං ගාෂ්ට තකුද කුද
ක්රිකිට ගතත් තිතිත් කිට ද්රොමිකිට
තක්කිට තරි දොම් කිට තරි ඔක්කිට
තරි ක්රත කිරිට තරී දොන් දොන් තක
පංච කාසි තාලම් කව
වංව යක් සිත කොහැත් නැතුවම - එබුදු බව මුනි පතන්නේ
චංච යෙන් සිත ඇවිත් වසවතු - පැරද ආපසු දුවන්නේ
සංච ලෙන් සිත මෙ නුඹ මෙතනට - කුමට ආවද බොලන්නේ
පංච කාසි තාලමත් මම - දනිමි අහගන සිටින්නේ
පදය :
ප්‍රකට හිටව ඊට දිමි දිමි
ඉත්ත නිත්තව බහිරවා
මකුට ජනකිට ක‍්‍රතරි තරිකිට
තකත ඔත් තිත්තෙයි
සිව මද තාලම් කව
පන්න වා මර සෙනඟ බිඳුවා - විදුරසුන් වැඩ උන්න තැනදී
පෙන්න වා දී රැඟුම් සුරසෙන් - ඇවිත් මෙතනට නැති වදන්දී
දුන්න අරගෙන නටන ඉසුරට - ගදඹ දෙවි පුත් ගැසූ එතෙන්දී
ඔන්න සිව මද තාලමේ සැටි - මක් පවසමි මෙතනදී
පදය :
ග්රත කිට ජෙනකිට තක්කට
තාකිට තරිකිට තරිකිට
තාම් ග්රතත් දිමිකිට
ග‍්‍රතක් තිරිකිට තා
හස්ත කුම්භ තාලම් කව
ගසා මුළු ලොව හෙලිය කරමින් - මුනිඳු වජිරාසනේ යහපත්
නසා මුනිඳුන් එවජිරාසන - උදුර ගනිමැයි කුමරු වසවත්
රොසා වී දස මාර සේවා - ඇවිත් පැරදුනි මුනිඳු බලයත්
ගසා වදිනා හස්ත කුම්භය - තාලමේ සැටි අහන් සිටියොත්
පදය :
ග්‍රාන් දොමිටි තක
තක් දිත් තොන් නන්
ග්‍රාන් තොමිටි තක
හුර ගින් කිටි තක තෙයි
භූමි තාලම් දෙකේ කවි
වංස සිදුහත් කුමරු වජිරා - සනේ සිටගෙන දහම් දෙසපි
කංස පාරක් දෙමැයි සිතමින් - වසවතා එහි ඇවිත් දැවපී
වංස මුනිඳුගෙ තෙදැති බලයෙන් - මාර සේනා පැරද දුවපී
හංස තාලම් දෙකට සෑහෙන - භූමි තාලම් දෙකක් ගසපී
පදය :
ක්රත කිට ජෙන කිත්
ජෙන කිට ජෙන කිත්
ජෙහෙ ගුගු ජෙහෙ ගුගු
තක ජෙක් තා ක්රතකිට තරිකිට තා
භූමි කම්පා තාලම් දෙක
පිරිය වී අපෙ මුනිඳු බෝසත් - සූවිසි සංකය පුරනවා
පිරිය වී වජිරාසනේ හිඳ - දහම් මුලු ලොව දෙසනවා
තරිය තරිකිට තාම් දිම දිදී - ගසා මුනිඳුට වදිනවා
බැරිය මේ නුඹට බූමි කම්පා - තාලමෙන් මං දිනනවා
පදය :
තරිය තරිකිට තාම් දිමි දිම්
තාම් කිත් තම් කිටි තක කිතක්
තිතත් දොන් තරි දිරි
තරිකිට කිටි තක තා
සක් ගෙඩි තාලම් කව
වරුස ගණනක් පෙරුම් පුරමින් - බුදුවෙලා අපෙ මුනිඳු තිලොවට
එලෙස වසවත් යුදකරණ අද - හසක් සිතමින් ඇවිත් උන් විට
කලස අරගෙන මිහිකතුන් දෙස් - කියා වසවතු පැරදි යා මට
මෙලෙස සක්ගෙඩි තාලමේ පද - ගසමි පෙර ඉසී ගැසූ විලසට
පදය :
ශ්‍රී රාජ ශක්රා දිවකරානේ
ශ්‍රී මුඛ මණ්ඩල ජෙහෙක්රතාන්
ශ්‍රී රාජ ශක්රා දිව කරානේ
ජෙහෙ ගින් තක තක්‍ර හරි හරි රාජං
ජෙහෙගුන් තක් තරි දිත්තරි ගදිත්ත ගුන්දා
දේව තාලම් කව
බෝව බුදුරැස් විහිදවා වැඩ - සිටිනවා දෙවි දැකපු විලසට
පෑව තෙදබල දහස් සක්වල - එබුදු රැස් විහිදුවා වැඩ සිට
කීව එබුදුන් දකින්නට යමු - සදෙව් ලොව දෙවි රැස්ව එතැනට
දේව තාලම එතනදී දිව - ගැසුවේ සක් රජුන් හට
පදය :
ග‍්‍රදොන්තා දෙන්ගත ගුදතා ග්රද්රෙන් ගත ගුදතං
ග්රද්රෙන්තං ගුද්රෙන්තා දෙන්තා දොන් තා තා තා
තොගින් තරිකිට තොගින් තරිකිට දිරිකිට
තරිකිට තොහින තොහින්
දේව රාජ තාලම් දෙක
දේව සිල් රැක මෙ අප මුනි රජ - බුදුව වැඩ ඉන්නා තැනේ
දේව සක් රජ දෙව්පිරිස් හා - ඇවිත් එතනට රැස්වූනේ
බාවනා කළ එ අනුහසින් - මාර සේනා පැරදුනේ
දේව රාජන් තාල පද දෙක - ශක්‍ර දෙවිඳුට ගසමිනේ
පදය :
තාම් බ්රිකේස් තරි කිතන් තත් කිනන්
තං කුකුතරි කුකුට
පටං ටිං පිටං
මුක්රාස් තතු තකුරාම්
තත් තාලම් කව
ගත් තා වරදට හරි නැත මහතුනි - සබයෙන් අවසර මට දෙනවා
ඇත්තේ පෙරසිට දෙතිසක් තාලම - සුසැටක් සව්දම් පවතිනවා
මත් තාලම් නම් බෝරු රබන් බෙර - සියල්ල මේ රට පවතිනවා
තත් තාලම පද ගැසුවොත් කැට දෙමි - අත් පිට එයනම් වැරි වෙනවා
පදය :
තත් තකිරද දිමිකිට තකිතත් තකිජෙන්
තරිකිට දිමිකිට දින් දින් තකි තකි තරිකිට
දිකි දිකි දිරිකිට තකිනන් දිකුනන් සුරදිත්
තිත් තොත් කඩ තරිකිට තොහින තොහින්
ගුරුලු තාරම් කව
තෙදට රිවි සේ ඇද්ද මුලු ලොව - බයට ඔහු වේ රාහුටත්
තදට ගිනි සේ මාරයා විය - බය වේය ඔහු මුනිඳුටත්
යුදට වසචතු පැරදුනා සේ - වේය ටිකකින් මෙනුඹටත්
ගමට යන්නට රිසි වේය දෙන් - ගුරුලු තාලම ගැසුවොත්
පදය :
ක්රිෂ්ඨං කට් ටං රොබිතකුන්දා දිරි කුකුන් දන්
තතරිකිට කුන්දන් ක්රිකිඩිතෙයි කිඩ කිඩ මරන්
කුද කුද කුකුදා කුකුන් දන් දන් තරි හර ගත්
ක්‍රී ක්රැකුදින් දන් තිරිකිට තොන් කඩ කිට තක තෙයි
හනුමන්තා තාලම අලගු කව
තිතන් තී කින තදින් තික් තෙයි - තකට තක තක කියන තාලම
තදින් තිත්තෙයි තිතෙයි තොඟුනක - ජෙහෙට ජෙහෙජෙන් කියන තාලම
පදෙන් පදයට ගසන තාලම - තිස් දෙකක් ඇත ඇසුව මැති පෙම
සපන් ඇඳුරනි ඔන්න ගහපන් - මෙන්න මෙ හනුමන්ත තාලම
පදය :
කිතන් කිති තක දින්කිත්තෙයි
තකට තදින් තිත් තෙයි
ති තෙයි තොඟුන කත
ජෙන කඩ ජෙන්නා
රාග තාලම් කව
මටත් මාගේ ගුරුවරුන් පුහු - ණුවට කරකිවු ලෙස සිතූ පෙම
රටත් ඈතකි මෙමා වසනා - ඒ පිවිසද මට වේය තනිකම
වෙනත් සහ ලොකු කුඩා මහතුනි - බලනු අපි මේ කරන සෙල්ලම
කැටත් දෙමි බැරි වේය අත්පිට - ගැසුවොත් මේරාග තාලම
පදය :
කාසල් කන්දවරම් ගිරන් හැරතුර සුදිලි ක්රදිස්
ඉස්ලාම් ප්රාස්මීර්ව කුකුස්ලාඩ්
ඉරිප්පු කට්ට කජ්ජල දුන්
එන් ඉරනක නේනක ක්රාලම්
සිව තාලම් කව
දන්න වද අපෙ සුගත් මුනිඳුන් - මඟුල් බණ සතහට දෙසූවා
යන්න වස වතු යුදෙන් පැරදී - පාරමිත බලයෙන් දිනූවා
සන්න කර මම කියමි ඒ වග - ගදඹ දි පුත් පද ගැසූවා
ඔන්න ඒ සිට තාලමේ සැටි - මෙ අප මුනිඳුට පද ගැසූවා
පදය :
ද්රෙන් තරී දික්කිග ග්රජෙක
ප්රදීක්බුන් සස්සබ්ර
සස්ස වර්ෂ දැන්
තක් කාකු බුං
කාත් තත ක්රත තාලම් කව
මාත් ආවෙමි මෙසබෙ මහතුන් - බලන විලසට කරන සෙල්ලම
දෑත් සුරලින් ගසන තාලම් - සවුදමුත් සහ මුනි කවුක්තම
ඒත් බුදු මඟුලට ගැසුවේ - ගාන්ධර්වය දිව්‍ය පුත් තෙම
කාත් තත් ක්රත තාලමින් බැරි - තරී තාම් දිමි දිමි තෙයි
පදය :
තාක් තත් ක්රත ජෙංග ජෙගන්
තිකට තක තක තදිමි තොන්
ග්රත දිමිකිත් තකරිදින්
තරි තාම් දිමි දිමි තෙයි
මහමුනි තාලම් කව
පන්න වා මර සෙනඟ බුදුවී - විදුරසුන් වැඩ උන්න තැනදී
පෙන්න වා ගීරැඟුම් සුරසෙන් - ඇවිත් එතනට තුති වදන දී
දුන්න අරගෙන නටන ඉසුරුට - ගදඹ දිව පුත් ගැසූ එතැනදී
ඔන්න මහ මුනි තාලමේ සැටි - මදක් දක්වම් මෙතැනදී
පදය :
තක තරිකිට සරි වන්නන්
දික දිරිකිට දිරි වන්නන්
තාඩන් කව් දිව් වන්නන්
තදිමි තොදිමි යතිකලග මහ මුනිගේ සෝලී
මැඬියා තලම් කව
පන්න පන්නා ගසනවා මිස - පොරණ තාලම් ඇත වෙනත්
මෙන්න එහෙනම් අසනු පිළිවෙල - මෙ සබයේ සිටිනා මහත්
ඔන්න සිරි අපෙ ශක්‍ර දෙවිඳුට - නෙර්ත පෑ ඒ ගදඹ දිව පුත්
ඔන්න මැඬියා තාලමේ සැටි - මදක් දක්වමි දන්න එපවත්
පදය :
පමං ගිල්ලිකා දම්හිලි පත් හ්ර්රන්
රැවයිදු තක ද්රෙම් කරද්රෙන්
තාපු ඩිංගියෙන් තිරිගිලියෙන්
ජෙරාඩියෙන් කර විදුර තාලම් ද්රෙන්
හෙරි තාලම් කව
එවර දිවකුරු මුනිඳු සමයේ - කරපු නෙර්තය අසන්නේ
මෙවර මෙතුවක් කලක් සිට මේ - පංච තාලය පැවත එන්නේ
කවර නොදැන කෙනෙක් ඇත්නම් - මොකවදැයි සබයේ සිටින්නේ
ඉවර වේ නුඹ යන්ඩ අහකට - බේරි තාලම පද ගහන්නේ
පදය :
තක්රි තරිකිට තක්ක තකට දික දිට තකතක් කිටගත්
තක් දික්කිට ගත්තත් දිරිකුන් ජෙහ දිරිකිට ගත්ත
තත් දිත් තකදිත් ද්රෙන් දෙන් තක් දෙන් තත්කිට
ගිරි දිරි කිට ගත දෙන්තක් දෙන්
අඩිය තාලම් කව
දැඩිය ආ මුව කන්ඩ අගේ - සවිය ඇත එකන්ඩ මැඬියා
කෙඩිය බැඳ දිලි ලෙස පෙනෙයි මේ - සබේ සිටිනා අයම වැඩියා
වැඩිය දග පගු නොකර ඇති සැටි - කළොත් නරකද මීට වැඩියා
අඩිය තාලම මඳක් පවසමි - ඔන්න අහගන සිටින් පැටියා
පදය :
පුන් තේරු මේන් පුරීත් තේරුවන්
නා ජේදවානන් තෙරුමෙන්
බක්කෝ ලේන්තු මලයෙප්පු
අසිර මුන්ඩේන්
චන්ද තාලම් කව
දුන්ද්ර ගුණ අපෙ මුනි තුමා බුදු - වෙලා දම්සක් පවත්වන විට
චන්ද්‍ර මඩලක් සේම බෙර ඇස - ගාන්ධර්වය ගැසූ විලසට
ගින්ද්‍ර සේ ඒ මාර සේනා - පැරද ආපසු දුවපි විලසට
චන්ද්‍ර තාලම ගසනවා දැන් - බැරිවේය මෙනුඹට ගසන්නට
පදය :
තානා තිතෙන්ග තරිකු දිරිකුන්
නතරින් තකට තක තිරිකිට ජෙන්තා
තොග තොග බ්රපේ කුකුනන්
චන්දනේ චන්ද්‍ර නමෝ
මුගුරු තාලම් කව
නිතර අපෙ මුනි පිනට ලොබ බැඳ - එබුදු බව ලැබ විදුරසුන් පිට
විතර නැති මර සෙනඟ බිඳ ජය - රැගත් අපෙ මුනිතුමා වෙත සිට
පවර ගඳඹය කරනු නෙර්තය - පැවත එනවයි සකිය පෙර සිට
මුගුරු තාලම ගැසූවෙන් දැන් - බැරිය පලයන් යන්ඩ අහකට
පදය :
තක් කිනන් තක තරිකිට තොන්කට
කිමිකත තාන්ර ජෙගන් දෙහොකඩ දෙහොකඩ
කුකුමරි තං තලංගු කදිකින
ජෙක්ක ජෙක්ක රණ මයුරා නී
සේරා තාලම් කව
මොරා කළ පින් බලයෙන් මුනි රජ - සත මොක්පුර හරිනා විලසින්
පාරමිතා බල සිහිකර එවිගස - මරුවන් බිඳුවාගෙන සතොසින්
වාර නැතුව අහපන් සකියනි ඔබ - ගාන්ධර්ව කළ නෙර්තය දැන්
සේරා කතාලම මඳක් ගසමි මම - අහගන හිටපන් සන්න ලෙසින්
පදය :
ක්රකති රජන කිට තාන් තදික්කු
තරිකිට ජෙහ ජෙහ ජෙන් ගාරත්
ද්රෙමිකිට තක කුන්දත්
තකට තක තා
දෙතිස් තාලමේ අන්ත කව
තොස් වෙමින් අපෙ මුනි තුමා යන - මොක් පුරට හැර සිටි කලේ
රැස්වෙමින් සිටි නොයෙක් දෙවි බඹු - නිවන් පුරයට පත් කලේ
අස්ව නොගොසින් කියමි මම දැන් - සබයෙ මහතුන් ඇති බලේ
තිස් දෙකම තාලම් ද ගදඹය - ගසාලා නෙර්තය කලේ
පදය :
තග්රත දිමිකිට තදිම් තදුම්
තක තොග තදිකින පුරජෙන්
ඔන් තතරී කිට බුර කුන්දත්
තෙරී කින් කතා තලන් තෙයි