ගදඹ දෙවි පුත්හු, තාලම් තිස් දෙකක් විදුරසුන ඉදිරිපිට සිට බුදුන් වහන්සේ පිදුවෝ යයි ශාස්ත්‍රයෙහි එයි. බෝසත් ආත්ම භවයෙහි වූ වග විත්ති පවසමින් වඳින ලද එම තාලය සුගත තාලම, හෙරී තාලම, පංච තාලම යනුවෙන් තාලම් තිස් දෙකකින් සමන්විතය.
සුගත තාලම
සතත සත වෙත පතල කුලුණැති මෙ අප දියනා බුදුව වැඩ හිඳ
අනත වෙස් ගත් දස මරුන් සහ මරඟනන් ගිය පැරද විලි වැද
සිරිත විලසට එතන පත් සුර සෙනඟ තුරු ගොස් පතුරුවා නද
සුගත තාලම පළමු ගැසුවේ එදා ගදඹය මුනිඳු පා වැද
හෙරී තාලම
එදා මරු බිඳ බුදුව වැඩ හිඳ බෝමුලේ විදුරාසනේ පිට
සදා ගත් බෙර තෙගව් පමණින් ගදඹ ජය ගොස් පතුරු වන්නට
පුදා මුනිඳුට මිණි පහන් දිව මල් දනා නා පසඟ තුරු කොට
එදා එතනදි දෙවනු ගැසුවේ හෙරී තාලම ගදඹ මෙලෙසට
පංච තාලම
නසා කෙලෙසුන් ගෙවා භවගිම් නිවා බුදු වූ ලොවිතුරා
දෙසා දම්සක් නොයෙක් දිවසෙන් අමා මහ නිවනට හැරා
ගසා තෙද පද ඇති මුනිතුමන් හට අමර කළ පුද පෙළහැරා
ගසා තෙවනුව නමෝ කිව් මේ පංච තාලම ගදඹ ඇඳුරා
ශක්‍ර තාලම
නිතර මෙත් ගුණ සිතේ දරමින් සතට කරුණාකර තොසේ
විතර නැති දන් දෙමින් යදිහට බුදුවෙන්ඩ කළපින් රැසේ
එසුර රද ජයතුරා සක ගෙන නාද කරමින් දස දෙසේ
සතර වෙනුවට ශක්‍ර තාලම ගැසූවයි ගදඹය මෙසේ
බ්‍රහ්ම තාලම
පස් මරුන් බිඳ බුදු වෙන්ඩ විදුරාසනේ වැඩ සිටින කලටම
වෙස් අරන් ගිරි මෙවුලි ඇතුනැගි රුදුරු මරුවිත් යුදට වැදුනම
පස්ස නොබලා දුවපු සැම සුර තනිව දමලා මෙඅප මුනිතුම
පස්වෙනුව ගැසූ බ්‍රහ්ම තානම මදක් දක්වමි මෙතනදී මම
ඊශ්වර තාලම
ඇඳුරු වදනින් පැවත එන මේ තාල නෙර්තය පසඟ තුරු කොට
සොඳුරු අපෙ මුනි තුමා හට ජය මඟුල් ගෝසා කළයි සුර සිට
මිතුරු ගුරුවරු කියා ඇත පෙර වාද නොකරව සැසී තරයට
ඉසුරු තාලම සය වෙනුව ගැසූ මදක් දක්වමි මෙසැම වැඳ සිට
විෂ්ණු තාලම
උතුන් අපෙමුනිතුමා වෙත පෙර බැඳපු කුරිරලු එරුදු ගුණයෙන
මුලින් රන්තලියක් නිසා විය බුදුවෙලත් අත් නොහැර පවතින
ඔවුන් සුරනා අසුර දස හළ තිලොව අගපත් මුනිඳු වදිමින
අසන් මැතිඳුනි සත්වෙනුව ගැසූ විෂ්ණු තාලම ඇඳුරු පෙරදින
කදිර තාලම
මුනිඳු පෙර කල සාතුනායක වෙමින් ගැල් පැද දිවි රැකෙන විට
යලිදු දෙව්දත් පළමුකොට මරු කතර ගොස් දිවි දිනිය යකුහට
පසිඳු බෝසත් පසුව ගොස් එම යකුගෙ ඔද බිඳ මෙබුදු බවයට
මැතිඳු අස අට වෙනුව ගැසුවේ කදිර තාලම සුරත නම කොට
සුමණ තාලම
පොරණ අපෙ මුනි විදුර පඬිවම ඉපිද මහදන් දෙමින් යස ලෙස
නමින පූර්ණක යකෙකුවඳකර නසන්නට සැදුවාය මේ ලෙස
නුගුණ ඔහු දස බිඳුවමින් බණ දෙසා බුදුවුන දිනේ දෙව් රැස
සුමණ තාලම නම වෙනුව ගැසූ අසනු මැතිඳුනි මෙන්ම මේ ලෙස
විභීෂණ තාලම
එදස බල පෙර කලේ ගුත්තිල පඬිව වීණානාදෙ වැඩිවිය
පරිස මූසිලයාද අතවැසි වෙමින් සිට සත දැන උගඩුවිය
පසැසවීණා නදින් ඔහු දස බිඳ එජය ලැබ ලොවට බුදුචිය
මෙලෙස දසවෙනි විභීෂණ නම් තාලමේ සැටි අසනු මැනවිය
නාථ තාලම් කව
එදසඹුල් මහසේන පඬිවී දෙසති දම් අස්නයණ නිබඳම
පසිඹිතුල් උරහත් රැගෙන ගිය දිලිඳු අක්සුණු බමුණු දැකලම
එම සියල්හට උරගු පෙන්වා විකුම් පළකොට බුදුවූ දිනයෙම
ජය මඟුල් ගොස කළේ එකොළෙස් වෙනිව ගසනෙම් නාත තාලම
ගණපති තාලම් කව
පසැස් අවුසද පඬිකලේ වේදේහ නිරිඳුට උපන් අගමැති
උසස් හැම පැන කියා රජහට බමුණු කේවට්ටයා පරදති
යසස් බිසවක් රජුට ගෙනදී පසසනා ලෙස බුදුවුනේ රුති
දොළොස් වෙනුවට ගැසූ ගණපති තාලමේ සැටි අසනු හැම මැති
සූර්ය තාලම් කව
පොරන අපෙ මුනි දහම් රජ පඬි කලෙහි නඩු විසඳුමෙහි කාරිය
නුගුණ දෙවිදත් කාලකන්නිය මැති මරන්නට කරපු වීරිය
එතනදී ජය ලබා අපෙ මුනි බුදුව මරුටත් ජයක් නෑරිය
එතන පත් සුර සෙනඟ ගැසු මේ තෙලෙස් වෙනි තාලමයි සූරිය
චන්ද්‍ර තාලම්කව
දවස් පෙර අප ලොවිදු සුප්පා පඬිව අන්දව දෙනෙත සිදු කුස
නොලස්වම නැව් ගමන් වේගෙන් නපුරු සිදුපත් යතිඳු එහි වස
සතොස් කර පන්සියක් පිරිසක් සමඟ ගොඩ ආවේය සිතු ලෙස
තුදුස් වෙනි මේ චන්ද්‍ර තාලම ගැසූ මුනිඳුට පීති පුද ලෙස
මේඝ තාලම් කව
පසැස පෙර කල සිව් රජව පෙර වස්තු දන්දෙති යතින් තුටුකර
සතොසයෙන් තම දෙදරු බැඳ දුන් බමුණුහට බුදුබවම ලොබකර
මෙලෙස වීරිය කරම බුදුවන දිනේ නෙර්තය කළ ගදඹ සුර
එපස ලොස්වන මේඝ තාලම අසනු පවසමි මෙහැම සබතුර
භූමි තාලම්කව
ගන්න බුදුබව එබෝසත් පෙර සාම කුමරුයවනය නිති විසූ
යන්න ජල ගෙනෙනට ගඟට අද දෙගුරු මෙහෙයට කුමරු ගිය පසු
දුන්න සැරපිළියක් නිරිඳු විඳ නැසූ උතුමට ලැබුණිපණ පසු
දන්න පමණට පවස දෙන් දැන් භූමි තාලම සොළොස්වෙනි ගැසු
සිංහ තාලම් කව
බුදුබවට ලොබ තරම් අපෙ මුනි දහම් සොඬ රජවෙමින් පෙර දින
මහහිමට ගොස් රකුසු මුඛයට පනිනතර බණ අසා සසොබන
ලොව සතට මෙත් කුලුනු කරමින් කරපු වීරිය මෙබුදු බව ගැන
දහසකට එන සිංහ තාලම මෙලෙස ගැසුවයි බුදුමඟුල් දින
හස්ති තාලම් කව
දියැස පෙර කල පසව් කුමරුව සතර දැන සිය නුවර එන වර
සලෙස ලවනම් යකෙක් සරිලා ගනිති ඔහුගේ සිකද යුද කර
විගස ඔහු පන්සිලෙහි පිහිටා බුදුවුනේ ලොවසතට පෙම කර
මෙලෙස ගැසුවයි හස්ති තාලම දසට අටවෙනි ගදඹ දෙව් පුර
තුරඟ තාලම් කව
නැනග බෝසත් සසව සිල් රැක සිටිය කල් සක් දෙවිඳු දුටුවෙනි
එවග විමසන ලෙසෙට අවුදින් දැනට ඇඟ මස් ඉල්ලු විගසිනි
කුලග සිට ගිනි ජලට පැනලා පතා බුදු බව උතුම් අපෙ මුනි
තුරඟ තාලම මෙසබ මැද ගස නෙමිය අසනුව එදස නමවෙනි
වෘෂභ තාලම් කව
ගන්න බුදු බව මෙ අප බෝසත් පෙරදි වානර කුලෙක එඉපිද
කන්න නෙක සත විලෙක උන් දිය රකුස්සන් හට නොදී පිරිසද
බොන්න එවිලට නොබැස නලකින් පානකර ජල අපෙගෙ දිය නද
ඔන්න විසිවෙනි වෘෂභ තාලම පවසනෙමි අස මෙසබ මැතිසඳ
ගුරුලු තාලම් කව
සොඳුරු අපෙ මුනි දර්ම පාලය කුමරු වී පිද මේබුදු බවටම
නපුරු දෙව්දත් පිය නිරිඳු වී ළදරු කුමරුන් කැප්පුවයි තම
රුදුරු නිරයෙන් ඇවිත් ගිනිකඳ වෙලා ගෙන ගියෙ විරිඳු විගසම
ඇඳුරු ගදඹය මෙලෙස ගැසුවයි එකුන් විසිවෙනි ගුරුලු තාලම
නාග තාලම් කව
රාග දොස් හැර බුදුවූ අපෙ මුනි පෙරදි වටු ජම්මයක ඉපදුන
වේගයෙන් ලැව්ගින්න එන විට දුවපු දෙගුරුන් දමා එසවන
වේග රැල ලෙස පිපිරි එන ගිනි ඊට නැවතුන එ අනුහසෙයෙන
නාග තාලම ගැසූ ගදඹය දෙවිසි වෙනුවට බුදුමඟුල් දින
හංස තාලම් කව
හංස ජාතියෙ ඉපිද බෝසත් යන්න වැඩියේ දිනිඳු එකවර
වංස අධිපති එබඹදත් රජ වෙතට ගොස් දම්දෙසා සුමිහිර
ලංස කඩු සොටි රැගත් මරුබිඳ බුදුවූ දිනයේ පුදට ගැසු බෙර
හංස තානම තෙවිසිවන මේ අසව මැතිඳුනි මෙමා සබතුර
මයුර තාලම් කව
මයුර ඉපදී අපෙ මුනි පන්සියක් පිරිවරද සමඟින
නිතර වසනා ගිරි කුලක් පිට තැබිය මළ දෙව්දත් ද රලුගුන
පවර පිල් පන්සියක් දමමින් ඔහුට අසුනොව ගියේ විගසින
මයුර තාලම සුවිසි වෙනුවට ගදඹ දිවපුත් ගැසුවෙ මෙලෙසින
කිරලා තාලම් කව
විසුව එක්වර මෙ අප බෝසත් මුවන් ජම්මෙක ඉපිද වනතුර
මුසුව නසනා අදහසින් දෙව්දත් දිඹුල් ගස සැඟවී සිටි තුර
ඇසුව බෝසත් ගසෙන් රුති බස් නැවත ගියෙ අසු නොවී එම වර
ගැසුව විසිපස් වෙනිව කිරලා තාලමක් තුම් මුනිඳු නම කර
සාරිකා තාලම් කව
ආලවම බුදු බවට එන බෝ සතුන් මහිසක එකුමරුන් වෙති
බාල මලනුන් සමඟ වන ගිය දෙදෙන දිය රකුසෙකුට අසුවෙති
සීල බලයෙන් උන්ගෙ දපබිඳ දම් දෙසා සිය නුවර නික්මෙති
තාලමයි විසිහයට එන මේ සාරිකා නම් අසනු සැම මැති
ගිරා තාලම් කව
පුරා පෙරුමන් බුදුවූ අපෙ මුනි පෙරදිපත්මන කුමරු ඉපදුන
සොරා අල්වා දෙන්ට හැකිවත් දිවම මතුරා මව්ගෙ ඉපදුන
පරාජය විය එපුර රජකල සොරකමින් කුමරිදුව රජවුන
ගිරා තාලම ගැසුව විසිහත් වෙනුව ගදඹය බුදුමඟුල් දින
කොවුල් තාලම් කව
ලොවිදු පෙර සුත සෝම රජකල රැගෙන ගිය රුදු යකෙක් පොරිසද
නිරිඳු සියයක් බිලිදෙන්ට රුක් දෙවියෙකුව යකු සැදු එම සද
පසුඳු උතුමා ඔහුගෙ දපබිඳ සියක් රජ සහ මිනිස් දිවි ලද
මැතිඳු අස විසි අටට එනමේ කොවුල් තාලම මෙන්න මෙලෙසද
උලුක තාලම් කව
වරෙක මුනි රජ එසත් දන්තය විලෙහි ඇත් රජ ඉපිද සිටි විට
එදැක දෙව්දත් ඇතුට විඳ දළ කපා ආවයි පොරණ වයිරෙට
අනෙක වීරිය කරම උතුමා බුදුව විදුරාසනේ සිටි විට
උලුක තාලම ගැසුවෙ විසිනම වෙනුව ගදඹය සුරත නමකොට
දියකා තාලම් කව
සොඳුරු දියනද වරෙක තේමිය කුමරු වී පිද දෙව්දුවෙකු බස
කුමරු අසමින් සසර ඇති දුක් බිහිරි අඳ ගොලු කොරෙකුමෙන් වැස
කුරිරු නෙක වද විඳ එතැනදිත් එබුදු වෙම්යයි ගත් නෙදුක් රැස
ඇඳුරු ගදඹය ගැසුවෙ දියකා තාලමක් තිස්වෙනුව මෙමම ලෙස
මණ්ඩුක තාලම් කව
උතුම් බොසත් වරෙක කුස නම් රජව සබවත් වෙතට ලොබකර
උවන් විසුලුව නිසා ගියලද ගෙනෙන ලෙස මදුරටට ගිය වර
එතැන් හිඳ මෙහෙකරම සක් රජ බෙලෙන් ලද ආවේය සිය යුර
එකුන් තිස්වෙනි මැඩිය තාලම මෙලෙස ගැසූ මුනිඳුන්ට නමකර
මා මුනි තාලම් කව
උතුන් අපෙ මුනි කෙළවරට වෙස තුරුව පිද සත් සතෙක දන්දෙති
දරුන් බිසවුන් රැගෙන පෙරහැර වංගගිරියේ තපස් එරකිති
මරුින්බිඳ බුදුවෙන්ට කුමරුන් දෙදෙන ජූතකයාට දන්දෙති
අසන් මැතිඳුනි දෙතිස් වන තාලමයි මාමුනි නමින් එපැවති