හයවන පරිච්ඡේදය
 
පුරාණ දහ අට සන්නිය
 
 දහ අට සන්නිය මනහර නැටුමකි. නමුත් දැනට එය සිඳී බිඳී ගොස්ය. මෙය සිදුවූයේ මුලුමනින්ම තොවිලය තුළය. දැන් තොවිලය කරතොත් කරනුයේ ඉන් තුන හතරකි. සන්නි නැටුම් වලට යා කරගෙන ඇති කාලවේලාව නසන අමුතු නැටුම් තොවිලයට මේ අනතුර කර ඇත. මවාගත් ඒ අමුතු නැටුම් ආදියට කාලය දී, අවශ්‍රයෙන්ම කළ යුතු දහ අට සන්නියේ තැන අහිමි කරලීම මුලු මහත් සන්නි නැටුම්වලටම කළ හානියකි.
 
 දහ අට සන්නිය වෛද්‍ය ශාස්ත්‍රෙන් ද අනුමත වූවකි. එපමණක් නොව මනෝ විද්‍යාවෙන් ද පරිපෝෂිත වූවකි. එහෙයින් එය උගත් නූගත් කාගේත් විමසුමට හේතු වී ඇත. මෙම සන්නියේ එන නැටුම් විලාස ඉතා දැකුම්කළුය. විකටය. එහි වූ කතා බහ ද ඒ වූ සේම හාස්‍ය කරය. එහෙයින් එය කාගේත් පිළිගැනීමට ලක්වේ.
 
 මේ අහ අට සන්නිය නැටුම්, ගැයුම්, වැයුම් වලට පමණක් සීමා වී නැත. එතුළ මන්ත්‍ර ද ඇත්තේය. එතුළ ආනුභාවය තිබේ. මේ බව දන්නෝ ඉතා විරලය.
 
 මූලික කවි
 
 නා ලොව බඹ ලොව දෙවියන් සරණේ
 මේලොව හැම තැන මක්කම සරණේ
 ගුරුවර නැණ පවතින මුලු දෙරණේ
 දුටුවත් වරදක් ඉවසන් මගෙනේ
 
 
 සමන් පතිනි ගණ දෙවියන් වරමින
 ලක වට පායන ඉර සඳ වරමින
 මිහි කත් සැම දෙවියන් වරමින
 මමත් කියමි කවි සන්නිය සමඟින
 
 බිත සන්නිය
 
 රැවූ තිස් පැය සැතපුන කලටා
 ඉස කඩ ඇරලා සෙනගක් එව්වා
 අතු පතු සොල්ලා බිය කර එවිටා
 බූත සන්නි ලෙඩ දැනගත් එවිටා
 
 ඈත යොදුන් දුර බැල්මේ සිට ගෙන
 පාත බැසයි රෑවුනු බව දැන ගෙන
 ගාත බීතයෙන් හොල්මන් කර ගෙන
 බූත සන්නි එයි පුද ඉල්ලා ගෙන
 
 ආකල පුද ඉල්ලා ගන විගසින්
 පේකල නිල් බත් ගොටු දෙක දීපන්
 රේවත මුනිඳුගේ අනුහස් බලයෙන්
 බූත සන්නි කළ ලෙඩ හැර පලයන්
 
 ඉඳුරු දිගින් අයිලක් සරසාලා
 සොඳුරු විලස සැරසිලි නිම කරලා
 ඇඳුරු කියන කවි මන්ත්‍ර අසාලා
 බූත සන්නි පුද ගත් ලෙඩ ගැරලා
 ඕං ග්‍රීන් බූත සන්නි යක්ෂයා යක්ෂණීට රේවත බුදන් අණින් කැපකර දුන් නීල වර්ණ බත් භෝජන කැප ගං දිෂ්ටි ගං තෝස්වහා.....
 
 අමුක්කු සන්නිය
 
 පපුවේ ගිනි ජල් නිබඳ කරන්නේ
 නෙත් දෙක රතු වී ඉස රද වන්නේ
 රුති ඇති කෑමට බඩ පෙරලන්නේ
 අමුක්කු සන්නිය මින් දැන ගන්නේ
 
 වටක් රටින් රට ඇවිද ගොසිල්ලා
 සැටක් පමණ සීනෙන් ඇවිදිල්ලා
 නැතක් කෙරෙයි වද සියොලඟ අල්ලා
 අමුක්කු සන්නිය එයි පුද ඉල්ලා
 
 ආ කල පුද ඉල්ලා ගෙන මෙලෙසට
 පේ කල බත් ගොටු දෙක දෙන් දෑතට
 අත්ත දස්සී මුනිඳුගෙ අනුහසට
 අමුකු සන්නි කළ ලෙඩ නැත අද සිට
 
 අනික් යකුන් සැම තැන එළවන්නේ
 පැනිත් සමඟ ගොටු දෙක දීපන්නේ
 අනින් අත්ත දස්සි මුනිඳුන්නේ
 අමුක්කු සන්නිය ලෙඩ හැර යන්නේ
 
 ඕං හ්රීං අමුක්කු සන්නි යක්ෂයා යක්ෂණීට අත්ත දස්සී අනින් පැනිත් සමඟ සරසන ලද පංච වර්ණ බත් බෝජන කැප ගං දිෂ්ටි ගං තෝස්වහා....
 
 ගුල්ම සන්නිය
 
 බඩ ඕ ගාමින් වැටි පෙරලෙන්නේ
 රුජාව ගනිමින් කැවිලි නොකන්නේ
 පිලිහුඩු පැනි රස මස් ඉල්ලන්නේ
 ගුල්ම සන්නි ලෙඩ මින් දැන ගන්නේ
 
 අල්ලා සක්වල මෙරවට සොල්ලා
 පිල්ලිස වට කර බැඳි සැඬ පල්ලා
 පිල්වල හැම තැන ඇවිද ගොසිල්ලා
 ගුල්ම සන්නි යකු එයි පුද ඉල්ලා
 
 සොල්ප බසට සිත ලොබ නොකරන්නේ
 ඉල්ලූ පුලුටු ගොටු දෙක දීපන්නේ
 දම්ම දස්සී මුනි අන පවතින්නේ
 ගුල්ම සන්නි යකු ලෙඩ හැර යන්නේ
 
 ඕං හ්රීන් ගුල්ම සන්නි යක්ෂයා යක්ෂණිට පංච වර්ණයෙන් සැරසූ පුලුටු බත් බෝජන දම්ම දස්සී මුනි අනින් කැප ගං දිෂ්ටි ගං තෝස්වාහා....
 
 වෙඩි සන්නිය
 
 තඩි අරගෙන මංවල ඇවිදින්නේ
 උඩ ඇති මුගුරක් සුරත දරන්නේ
 ගඩු හැම තැන සියොලහකති යන්නේ
 වෙඩි සන්නිය පුද ඉල්ලා එන්නේ
 
 වෙඩි සන්නිය පුද ඉල්ලා ආවිට
 අඩු නැති තෙල් ගොටු දෙක දෙන් දෑතට
 දැඩි නොව දිවකුරු මුනිඳුගෙ බලයට
 වෙඩි සන්නිය කළ ලෙඩ නැත අද සිට
 
 තණ යට ගෙඩි ගෙන සාරේ යන්නේ
 මූනේ ගිනි ජල් නිබඳ කරන්නේ
 දෑතේ දෙපයේ දාඩිය එන්නේ
 වෙඩි සන්නිය කළ ලෙඩ දැන ගන්නේ
 
 ඕං හ්රීං වෙඩි සන්නි යක්ෂයා යක්ෂණිට දිවිකුරු බුදන් අනින් කැප කර දුන් තෙල් ගොටු සහිත පංච වර්ණ බත් බෝජන කැප ගන් දිෂ්ටි ගන් තෝස්වාහා.....
 
 කණ සන්නිය
 
 ඇඟ කරකවමින් ගිනි ජල් එන්නේ
 රුති නැති පිත් අදිකය පවතින්නේ
 නිබඳව පිස්සු විකාර කරන්නේ
 කණසන්නිය කළ ලෙඩ හැර යන්නේ
 
 වණ පිලියල් ඉසරද කකි යන්නේ
 ඇස නොපෙනී නෙත් දෙක රතු වන්නේ
 ගුණ නැති තුන් යම සීන පෙනෙන්නේ
 කන සන්නිය පුද ඉල්ලා එන්නේ
 
 ආ කල පුද ඉල්ලා ගෙන මෙලෙසට
 පේකල කිරි ගොටු දෙක දෙන් දෑතට
 සෝබිත මුනිඳුගෙ අනුහස් බලයට
 කණ සන්නිය කළ ලෙඩ නැත අද සිට
 
 ඕං හ්රීං කන සන්නි යක්ෂයා යක්ෂණීට සෝබිත මුනිඳු අනින් කැප කරදුන් කිරිගොටු සහිත පංච වර්ණ බත් බෝජන කැප ගන් දිෂ්ටි ගන් තෝස්වාහා.....
 
 කොර සන්නිය
 
 සන්දි ගතව ගිනි ජල් ඇවිලෙන්නේ
 වේලක තදවී රුජා කරන්නේ
 රෑවූ තිස් පැය නිදි නොලබන්නේ
 කොර සන්නිය කළ ලෙඩ දැනගන්නේ
 
 සුරතින් යම මුගුරක් ගෙන අල්ලා
 වමතින් අතු කැටියක් ගෙන සොල්ලා
 සරොසින් රෑ සීනෙන් ඇවිදිල්ලා
 කොර සන්නිය යකු එයි පුද ඉල්ලා
 
 පරසිඳු පත්තිනි දෙවියන් අණ දැනී
 තිරසර ලේ පාටින් බත් ගොටු දුනී
 වැර සැර ගව්තම මුනි රජ බලයෙනි
 කොර සන්නිය කළ ලෙඩ අද දුරුවුනි
 
 ඕං හ්රීං කොර සන්නි යක්ෂයා යක්ෂණීට ගෞතම බුදන් අනින් කැප කළ රක්ත වර්ණ බත් බෝජන කැප ගන් දිෂ්ටි ගන් තෝස්වාහා....
 
 බිහිරි සන්නිය
 
 විදුලිය විලසින් කෙළ ඇවිදින්නේ
 මකුලු දැලක් මෙන් වසා වැටෙන්නේ
 වූ තිස් පැය සීන පෙනෙන්නේ
 බිහිරි සන්නි කළ ලෙඩ දැනගන්නේ
 
 නෑර සන්නි යම මුගුරක් අල්ලා
 පාත බැසයි විදුලිය සෙවි පුල්ලා
 නෑර ඇවිත් ඇඟ නහර ඉල්ලා
 බිහිසි සන්නි යකු එයි පුද ඉල්ලා
 
 දිරිය අණ සුජාත මුනිඳුන්නේ
 වීරිය නැති තද බස් තෙපලන්නේ
 රීරි සඳන් ගොටු දෙක දීපන්නේ
 බීරි සන්නි කල ලෙඩ හැර යන්නේ
 ඕං හ්රීං බිහිරි සන්නි යක්ෂයා යක්ෂණීට සුජාත බුදුන් අනින් කැප කර දුන් රීරි සඳුන් ගොටු කැප ගන් දිෂ්ටි ගං තෝස්වාහා....
 
 වාත සන්නිය
 
 ඉඳිමුම් ඉසරද තොර නොකලල්ලා
 වෑ දූ ගෙයක් මෙන් බලා සිටින්නේ
 වෙව්ලුම් ඇඟ ගිනි ජල් කර වන්නේ
 වාත සන්නි ලෙඩ මින් දැනගන්නේ
 
 සීතල ඉසරද තොර නොකරන්නේ
 වාත ඇඟේ වැඩියෙනි දිය බොන්නේ
 ඈත විසාලා නුවර උපන්නේ
 වාත සන්නි පුද ඉල්ලා එන්නේ
 
 පාට යකිනි දොල දෙනු සුදු පාටට
 දෑතට තෙල් ගොටු දෙක දුන්නොත් විට
 සෝබිත මුනිඳුගෙ අනුහස් බලයට
 වාත සන්නි කළලෙඩ නැත අද සිට
 ඕං හ්රීං වාත සන්නි යක්ෂයා යක්ෂණීට තෙල් ගොටු සහිත සුදු පාටින් කැප කර දුන් බත් සෝබිත බුදුන් අනින් කැප ගං දිෂ්ටි ගං තෝසාවාහා....
 
 ගොලු සන්නිය
 
 දුනු කොන්තා යුද පොලු ගනි මින්නේ
 තිස් පැය සීනෙන් ඇනුමට එන්නේ
 ඇඟ ගිනි බඩ ලෙඩ තොර නොකරන්නේ
 ගොලු සන්නිය ලෙඩ මින් දැනගන්නේ
 
 කලුවර තිස්පැය සීන පෙනෙන්නේ
 එලිවුන තැන නිදිමත වැඩි වෙන්නේ
 කලු ඇඳ සෙනගත් ඇවිත් පෙනෙන්නේ
 ගොලු සන්නිය පුද ඉල්ලා එන්නේ
 
 කලු ඇඳ සීනෙන් බිය වූ ලෙඩටා
 කලු පාටින් බත් ගොටු දී අතටා
 බල ඇති අනවම මුනිඳුන් අනටා
 ගොලු සන්නිය කළ ලෙඩ නැත ඔබටා
 ඕං නහ්රීං ගොලු සන්නි යක්ෂයා යක්ෂණීට දනවම බුදන් අනින් කැප කර දුන් කලුපාට බත් බෝජන කැප ගං දිෂ්ටි ගං තෝස්වාහා.....
 
 පිස්සු සන්නිය
 
 ඔක්කාරය බඩ ලෙඩ අට ගන්නේ
 තිස් පැය ඇඟ පලු නිබඳ ගැසෙන්නේ
 උත්තිල බඩ ලෙඩ යෙනි පණ යන්නේ
 පිස්සු සන්නි ලෙඩ මින් දැන ගන්නේ
 
 මස් ඇමියා බඩ ලෙඩ අට ගන්නේ
 කස් කිලාස ඇඟ කො නොකරන්නේ
 තිස් පැය තුන මින්සල ඇවිදින්නේ
 පිස්සු සන්නි පුද ඉල්ලා එන්නේ
 
 රැස්වූ යක් සෙන් එවිසල් නුවරට
 පුස්ප සඳුන් ගොටු දෙක දෙන් දෑතට
 තිස්ස මුනිඳු අනුහසයෙන් මෙලොවට
 පිස්සු සන්නි කළ ලෙඩ නැත අද සිට
 ඕං හ්රීං පිස්සු සන්නි යක්ෂයා යක්ෂණීට තිස්ස බුදුන් අනින් කැප කර දුන් සඳුන් ගොටු කැප ගං දිෂ්ටි ගං තෝස්වාහා.....
 
 මූර්තු සන්නිය
 
 තුන් සැන්දෑවේ කෙළ ඇවිදින්නේ
 අමියා බඩ ලෙඩ ගෙඩි පෙර ලෙන්නේ
 පොඩිවිය ඇඟ ගිනි ජල්කර වන්නේ
 මූර්තු සන්නි ලෙඩ මින් දැන ගන්නේ
 
 ගුවන් තලේ සකමනට ගොසිල්ලා
 රජුන් සමඟ වෙසමුනි දොර සොල්ලා
 අගුල්ලාපු දොර යතුරු උගුල්ලා
 මූර්තු සන්නියකු එයි පුද ඉල්ලා
 
 බූත කරන බය බිත ඇරෙන්නේ
 මීට සඳුන් ගොටු දෙක දීපන්නේ
 සරණංකර මුනි අනුහසයෙන්නේ
 මූර්තු සන්නි කළ ලෙඩ දුරලන්නේ
 ඕං හ්රීන් මූර්තු සන්නි යක්ෂයා යක්ෂණීට සරණංකර බුදුන් අනින් කැපකර දුන් පංච වර්ණ බත් බෝජන සහිත සඳුන් ගොටු කැප ගං දිෂ්ටි ගං තෝස්වාහා......
 
 කෝල සන්නිය
 
 බඩේ රුජා අමියා ලෙඩ එන්නේ
 ආයුධයක් ගෙන සීනෙන් එන්නේ
 ඉසකඩ ඇරලා සීන පෙනෙන්නේ
 කෝළ සන්නි ලෙඩ මින් දැන එන්නේ
 
 කාලය නපුරට එන ගෙඩි උගුරෙන
 ලීල නෙවී බඩ යට කැක්කුම වෙන
 බාල සෙනඟ ඉසකඩ ඇර ඇවිදින
 කෝල සන්නි එයි පුද ඉල්ලා ගෙන
 
 කෝල නැතුව සබ මැද බැස ඒනත්
 ලීල වෙඬරු කිරි බත් ගොටු දීපන්
 සීල එතන්තන්කර මුනි බලයෙන්
 කෝල සන්නි කළ ලෙඩ හැර පලයන්
 ඕං හ්රීං කෝල සන්නි යක්ෂයා යක්ෂණීට කප කර දුන් වෙඬරු කිරිබත් සහිත පංච වර්ණ බත් බෝජන තන්හන්කර බුදුන් අනින් කැප ගං දිෂ්ටි ගං තෝස්වාහා.....
 
 නාග සන්නිය
 
 පපුවේ බඩවැල ගෙඩි අට ගන්නේ
 උගුරේ රහ දිව පිට පෙරලෙන්නේ
 කට පිට මූනේ සම් ඉඟිලෙන්නේ
 නාග සන්නි ලෙඩ මින් දැනගන්නේ
 
 වේග වෙලා ඇස් දෙක රතු පාටින
 රාග මුලා නොදනී මොර ගහගෙන
 කෙන්ඩ මේද ඇඟ යට සම් ඉගිලෙන
 නාග සන්නි එයි පුද ඉල්ලා ගෙන
 
 වේග වෙලා රලු බස් දොඩවා නන්
 දෑත් දෙකට මස් ගොටු දෙක දීපන්
 මේදං කර මුනිඳුගෙ අණ දැනගන්
 නාග සන්නි කළ ලෙඩ හැර පලයන්
 ඕං හ්රීං නාග සන්නි යක්ෂයා යක්ෂණීට මේධංකර බුදුන් අනින් කැප කළ පුලුටු මාංස සහිත පංච වර්ණ බත් බෝජන කැප ගං දිෂ්ටි ගං තෝස්වාහා....
 
 දෙමළ සන්නිය
 
 ඉසත් කසා නෙත් දෙක රතු වන්නේ
 බඩත් රුජා වමනේ අට ගන්නේ
 සද්දා වෙන් දෙහි අඹුල්ම කන්නේ
 දෙමළ සන්නි කළ ලෙඩ දැන ගන්නේ
 
 ගල නම් අසමොල ගලේ වැසෙන්නේ
 මුල නම් එවිසල් පුරේ උපන්නේ
 බල නම් රට හැම තැන ඇවිදිල්නේ
 දෙමළ සන්නි පුද ඉල්ලා එන්නේ
 
 සියලු දේස වල කෙළ ඇවිදින්නේ
 ඇඹුල් සඳුන් ගොටු දෙක දීපන්නේ
 පුවන් සුරිඳුගෙ අණ දැන ගන්නේ
 දෙමළ සන්නි කළ ලෙඩ හැර යන්නේ
 ඕං හ්රීං දෙමළ සන්නි යක්ෂයා යක්ෂණීට පංච වර්ණ බෝජනයෙන් සැරසූ ඇඹුල් සඳුන් සහිත දොල පිදේනි උපුල්වන් සුරිඳුන් අනින් කැප කර ගං දිෂ්ටි ගං තෝස්වාහා.....
 
 බූත සන්නිය
 
 බස ගොලු ඇස් දෙක අඳුරු ගැසෙන්නේ
 මුකයේ කෙළ කැටි කිවුලු කරන්නේ
 සීනෙන් ගෑනුන් ඇවිත් පෙනෙන්නේ
 බූත සන්නි ලෙඩ මින් දැන ගන්නේ
 
 වාත පිත්ත ඔක්කාර කරන්නේ
 බූතව තුන් යම හීන පෙනෙන්නේ
 වාත ඇඟේ වැඩියෙනි දිය බොන්නේ
 බූත සන්නි පුද ඉල්ලා එන්නේ
 
 වාත වලා ගිරි මුදුන වැසෙන්නේ
 ඊට විලඳ ගොටු දෙක දීපන්නේ
 කෝණාගම මුනි අන පවතින්නේ
 බූත සන්නි යකු ලෙඩ හෙර යන්නේ
 ඕං හ්රීං බූත සන්නි යක්ෂයා යක්ෂණීට කෝනාගම බුදුන් අනින් කැප කර දුන් විළඳ ගොටු සහිත පංච වර්ණ බත් බෝජන කැප ගං දිෂ්ටි ගං තෝස්වාහා.....
 
 අබූතඑ සන්නිය
 
 කම්මුල් දෙක සරියට ඉඳිමෙන්නේ
 ඇඟත් කසා ගෙඩි හන්දි රිදෙන්නේ
 තැඹිලි කුරුම්බා දිය ඉල්ලන්නේ
 අබූත සන්නිය මින් දැන ගන්නේ
 
 වාත ගුවන් තල බැස ඇවිදිල්ලා
 බූත කරති දුටු තැනදි අල්ලී
 සීත සියලු ලෙඩ අත්හැර පල්ලා
 අබූත සන්නිය එයි පුද ඉල්ලා
 
 මෙකුනු කයට සිත ලොබ නොකරන්නේ
 ලකුණු කැවුම් ගොටු දෙක දීපන්නේ
 කකුසඳ මුනිඳුගෙ අණ පවතින්නේ
 අබූත සන්නිය ලෙඩ හැර යන්නේ
 ඕං හ්රීං අබූත සන්නි යක්ෂයා යක්ෂණීට කකුසඳ බුදුන් අනින් කැප කර දුන් කැවුම් සමඟ පංච වර්ණ බත් බෝජන කැප ගං දිෂ්ටි ගං තෝස්වාහා.....
 
 ගිනිජල් සන්නිය
 
 වමතේ ඉකිලිය ගෙඩි හට ගන්නේ
 පපුවට ඒ ගෙඩි පෙරලී එන්නේ
 සිහියක් නැතිවම ගොසින් වැටෙන්නේ
 ගිනිජල් සන්නිය ලෙඩ දැන ගන්නේ
 
 ඇඟයට පොඩි කරමින් ලේ සොල්ලා
 කන බොන දේ නැත රුජාව අල්ලා
 ගුණ පණ නොදැනී නන් දොඩවිල්ලා
 ගිනිජල් සන්නිය එයි පුද ඉල්ලා
 
 එක්ක සෙනඟ කොන්තායුද ගන්නේ
 ඉසිවර දැන් කැඳ ගොටුදෙක ගන්නේ
 මක්කම සමනල අන පවතින්නේ
 ගිනිජල් සන්නිය ලෙඩ හැර යන්නේ
 ඕං හ්රීං ගිනිජල් යක්ෂයා යක්ෂණීට සැරසූ අග්‍ර ඇල් සාලේ කැඳ බෝජන මක්කම සමනල ආනුභාවයෙන් කැප ගං දිෂ්ටි ගං තෝස්වාහා.....
 
 දේව සන්නිය
 
 ගමකට බැල්මෙනි පාලු කරන්නේ
 දවසට ගණනේ මිනී මරන්නේ
 ඒ ගම හැර ගිය කෙනෙකි දිනන්නේ
 දේව සන්නි කළ ලෙඩ හැරගන්නේ
 
 පාහු නැතිව ඇඟ රුඳාව ගන්නේ
 ලේහු නැතිව ඇඟ ලේ බින් දන්නේ
 බෝව එසත් අවසින් පණ යන්නේ
 දේව සන්නි පුද ඉල්ලා එන්නේ
 
 දෙව්ලොව දෙවියන් අණ පවතින්නේ
 පේව දුන්නු සුදු බත් ගොටු දෙන්නේ
 අටවිසි මුනිඳුගෙ අණ පවතින්නේ
 දේව සන්නි යකු ලෙඩ හැර යන්නේ
 ඕං හ්රීං දේව සන්නි යක්ෂයා යක්ෂණීට සැරසූ ශුභ වර්ණ සුවඳ ඇල් සාලේ බත් බෝජන අට විසි බුදුන් අනින් කැප ගං දිෂ්ටි ගං තෝස්වාහා....
 
 කලස්සපුර නුවරයි උපදින්නේ
 දෙමළ එවම් කුසයෙනි උපදින්නේ
 දෙව්ලොව දෙවියන් අණ දැනගන්නේ
 කළ ලෙඩ දුර ලං සන්නි යකුන්නේ
 
 අහසේ පොළොවේ සැම දෙවියන්නේ
 මෙරවට හැම තැන දිවස් බලන්නේ
 නරලොව උවදුරු දුරු කරවන්නේ
 කළ ලෙඩ දුර ලං සන්නි යකුන්නේ
 
 දහ අට සන්නිය වෙන වෙන කෙළ එති
 දහ අට බෝජන වෙන වෙන කැප වෙති
 දහ අට පඬුරුත් වෙන වෙන කැප දෙති
 දහ අට සන්නිය කළ ලෙඩ දුරලති
 
 වඩිග පටුන බෙදා නම් නැටුමකි. එය එසේ මෙදා නැටුමට විශේෂ වී ඇතද, එදා විශේෂ වූයේ නැටුමට නොව අක්ෂර ශාස්ත්‍රයටය. නොහොත් ගැබ් බෙදී හැදී අකුරු පිහිටා යන මන්ත්‍ර කොටසේම යන්ත්‍ර යන ශාස්ත්‍රාංශයටය.
 
 තොවිල් මඩුවක එන ගැබ් ගණන එහි දිග පළල ආදිය මැවෙන්නේ "යන්ත්‍ර" ආශ්‍රයෙනි. මෙසේ පළමුවෙන් මවා ගත් ආනුභාවකය තොවිල්හි ව්දි සැරසුම් සූනියම තුළ එන මේ වූ යන්ත්‍ර අනුභා පිළිවෙලක්ය, වඩිග පටුන.
 
 රාජ වඩිග පටුන, දෙමළ වඩිග පටුන, යක්ෂ වඩිග පටුන, මල්සරා වඩිග පටුන යයි විවිධ වඩිග පටුනයන්හි පැරණිය පෙනෙන එක් තැනකි කදිල් කාක්ෂය. කදිල් කාක්ෂය තුළ මහ තැනක් වී අක්ෂර තුළ බලවූ හැටි පැවසෙයි. මේ කදිලි කාක්ෂ කෙටි කවකි.
 
 හිං හිං කුරු අදිමින්නේ
 ග්‍රීං ග්‍රීං යං යං යන්නේ
 ඕං අකුරු ලිය මින්නේ
 කාක්ෂයෙන් කප මින්නේ
 
 මේ වූ ලෙස කදිලි කාක්ෂය තුළින් බල ලබාගෙනය වඩිග පටුනෙන් එවක වින කැපුවේ. එදා වූ ඒ වඩිග පටුන සහිත සෙත් ශාන්තියේ අයුරු, මේ එන පුරාණ කවි තුළින් පළවේ.
 
 මුලකුර අක්ෂර එකට එලාගෙන වඩිග පටුන කවි ලක්ෂේයා
 අටකුරු පහලගු දොළහට හිංකුරු වඩිග පටුන මැද ලක්ෂේයා
 ජලකල ගුරු ලඩි සිව් ගුරු කාලි හ්රීං කාලි පද ලක්ෂේයා
 දාහට අලගුව පෙරලා ඇරියෙමි වඩිග පටුනයෙන් දක්ෂේය
 
 ඕං රුං රුං යන අක්ෂර ලගුවට චන්දස් ගුරු ලගු ලක්ෂේයා
 අං ඉං නව කුරු දෙකට බෙදා ගෙන වඩිග පටුනයෙන් දක්ෂේයා
 සං සිං හිං කුරු පිචක්ෂරයට මරණෙට අක්ෂර ලක්ෂේයා
 සුං සුං කරවම් ලක්සෙට අලගුව පෙරලා කැපුවෙමි ලක්ෂේයා
 
 අං අක්ෂරයට ලගුව එලාගෙන පංචක්ෂර පද පන් ලක්ෂේ
 දීර්ඝ අකුරට පන්සිය පණසකි දේව කවව මන්ත්‍රා ලක්ෂේ
 දොලොස් රවිය මුල දොළොසකි අක්ෂර ගණන් අකුරු සූවිසි ලක්ෂේ
 අටසිය අංගම් භෛරව යකුගේ කැපුවෙමි පෙරලා මේ කක්ෂේ
 
 ගුර්ලඩ් හනුමා කර්ලසි කම්බිලි භෛරව දස කලමේ දක්ෂේ
 අට කොන මහරේ කම්බිලි කඩවර කාලිදේවි දපවෙයි දක්ෂේ
 හිමාල පත්‍රා උඩබිම් ජලකවි අටවිසි බන්දන යකු ලක්ෂේ
 සූවිසි බන්දන අලගුව පෙරලමි දෙමළ කාක්ෂෙන් කැපි දක්ෂේ
 
 අං ඉං උං යන ඒ අක්ෂරයට සංවක්ෂර පද ලක්ෂේයා
 සං සිං සුං යන අක්ෂර පදයට ඔන්ඩු ඉරණඩුද ලක්ෂේයා
 හං හිං හුං යන මුලකුරු දහයට චන්දස් ලක්ෂේයා
 හං හිං හුං යන අලගුව කැපුවෙමි යකුනේ ඉඟිලෙන්නේ
 
 රැගෙන කාක්ෂය ගනිමින් අක්ෂර දහසය හෙර්වට අරගන්නේ
 නවගුරු අක්ෂර නව කොන පිහිටා චන්දස් ගුරුලගු පිහිටන්නේ
 පන්දාහක් අවහිර ගිනි බන්දන ඡායාරූපේ ඉඟිලෙන්නේ
 බින්දා අවහි???