සිව්වන පරිච්ඡේදය
 
මාත්‍රා නැටුම්
මඟුල් රාගය

නිදහස් නැටුම තුළට වන ආධුනිකයා නියතින්ම සුද්ධ මාත්‍රය හදාරන්නෙකි. සුද්ධ මාත්‍ර යටතේ මාත්‍රා සුද්ධිය නිපුන වූ විට ඔහු බොහෝ විට මාත්‍රා නැටුම් එපමනින්ම නවතා සෙසු නැටුම් තුළට පිවිසෙයි. මෙය නැටුම් පිරිමැසීමකි. මේ පිරිමැසීම නිසා මාත්‍රා නැටුම් අභාවයට යමින්ය. නියම නැට්ටුවකු වීම පිණිස නම් මේ මාත්‍රා නැටුම් බොහෝ දුර උගත යුතු වේ. උගත යුතු ක්‍ෂ මාත්‍රා පහේ එන මුල්ම නැටුම "මඟුල් රාගය" යි. අප්‍රකට එම "මඟුල් රාගයෙහි" එන ඇරඹුම මේය.

/අ/
ගද් දිත් තා කිරිකිට
ගද් දිත් තා කිරිකිට

මෙය ගෙජ්ජි මාත්‍රය නොනැටූ ආධුනිකයාට "කිරිකිට" මුන ගැසෙන ප්‍රථම අවස්ථාවය. මේ කිරිකිටය දෙවුර නටවා කිරීම නිසා බොහෝ අය උරහරඹයේ දක්ෂයෝය. දෙවුරයට සහින් රැලිදී සිලි සිලියේ දැකුම්කළු ලෙස සලිත කරවා කරන එම "කිරිකිට" ය නැට්ටුවාට අවශ්‍යමය.
 

"කිරිකිට" පමණක් නොව "දිත්" යනුත් වඩා ප්‍රකටව වෙන්වී නැටීමට ලැබෙන ප්‍රථම අවස්ථාව මෙයයි කිව හැකිය. මෙහිදී "දිත්" දුප්පත් නකර පතුල, අග පස්සට ඉතා කැපී පෙනෙන ලෙස බරට තබා සම්පූර්ණ කිරීම උචිතය.

මෙහි වූ "ගද්" නටනුයේ දකුණු පය උස්සා බිම තැබීමෙනි. දිත් නටනුයේ එම පයම යට කී ලෙස ඉතා බරට පස්සට බැබීමෙනි. "තා" නටනුයේ පස්සට තැබූ එම පයම අනික් පය ලඟ තබමිනි. දැන් දෙපයම එක තැනය. ඉඳින් "කිරිකිට" නටනුයේ යටකී පරිදි දෙවුරයට රැලි ගනිමිනි. එනම් නටවමිනි. එසේ එම දකුණු පාදයේ නැටුම්වර වූ විට අනික් පාදය වෙහෙසෙන්නේ තව වරක් නටන එම කොටසටමය. එම පාදයෙන් ද අර දකුණු පා1යෙන් නැටූ ලෙසම නොවෙනස්ව, නිරවුල්ව එය නැටූවිට අවස්ථාව මුළුමනින්ම සම්පූර්ණ වේ. එසේ නිමවූ පසු,

/ආ/
ගද් දෝං ගදි ගද්
දොං ගද ගදි ගද

යනු දෙපයට වෙන්ව වෙන්ව වේ. මෙවිට "ගද් දොං" යන්නට වරක් දකුණු පය තබා "ගද ගද්" යන්නට ද වරක් එම පයම උස්සා තබන්ට සිදුවේ. "දොං ගදි ගද" යන්නත් ඒ වූ සේම දෙවරම පය උස්සා තබමින් අනිත් පයින් නටා සම්පූර්ණ කරන්නට සිදුවේ. අනතුරුව මේ එන පදය නැටූ විට එම කොටස ඉවරය.

/ඉ/
ගුං දත්
තඟු දත්
දැහිං

මෙහි "ගුං දත්" නටන විට "ගුං" කියා දකුණු පය උස්සා බිම ඇන යලි එම පයම උස්සා "දත්" යනුවෙන් බිම ඇනිය යුතුය. "තගුදත්" යනුද මෙකී ලෙසම අනිත් පය යොදා කළයුතු වෙයි. එවිට ලෙබෙන "දැංහිං" යන අන්තය දකුණුපය උස්සා බිම තබා දැක්විය යුතුවේ. ඉක්බිති ලැබෙන එයටම යා වූ අනිත් අන්තය දක්වමින්,

/ඊ/
තහුරුද ගුද ගත්
දොං ත ගදා

යනු නැටිය යුතුවේ. "තහුරුද ගුද" යන කොටසට දකුණු දෙසට සුරලය දෙමින් "ගත්" යන්නට දකුණු පය උස්සා තබා "දොං" යන්නට පස්සට පැන "ත" යනුවට දකුණු පය පෙරට තබා "ග" යනුවට වම් පයත් දකුණු පය ලගට තබන ලදුව "දා" යනුවට "ත" නැටූ දකුණු පයම උස්සා තැබූ විට නියම වේ.
මෙවිට මාත්‍රා ආධුනිකයා කළ යුත්තේ නට නටා යෑමෙන් රවුමක් තැනීමය. (වටයක් වන සේ නැටීමය). එයට නිසි ලෙස මවා ඇති පයද මෙයය.

/උ/
ගදිතග දා ගු ද
ගදිතග දා ගු ද
ගදිතග දා ගු ද

මෙය කීවටයක් හෝ නැටීමේදී කළ යුත්තේ "ගදි" යන්නෙහි දී වරක් උස්සා බිම තැබූ දකුණු පාදය "තග" යන්නෙහිදීත් යළිත් වරක් උස්සා බිම තැබීමය. "දා" යන්නෙහි දී සහ "ගුද" යන්නෙහි දී දෙවරට පා උසසා තබා මෙසේම අනිත් පයින් එනම් වම් පයින් නැටූ කල්හී මෙකි කාරිය සම්පූර්ණ වේ.

මෙසේ වටය තනමින් නැටූ එම ප්‍රථම අවස්ථාව ඉවර කළ යුත්තේ /ඊ/ යන්නෙහි දෙවට්ටම වූ පහත එන නැටුම, එම /ඊ/ අක්ෂරයෙහි දැක්චූ උපදෙස් පරිදිම නැටීමෙනි. මෙහිදී "තහුරුද ගුදගත්" යන දෙවන පාදය නැටිය යුත්තේ වම් දෙසට සුරලය ගෙන "ගත්" යන දෙවන පාදය නැටිය යුත්තේ වම් දෙසට සුරලය ගෙන "ගත්" යනුවට ඒ පයම උස්සා තබමින් ය.

/උ/
තහුරුද ගුද ගත්
තහුරුද ගුද ගත්
දොං ත ගදා

මෙය නැටූ ආධුනිකයා මීළඟට ඉහතින් ද උපදෙස් දෙන ලද පහත එන පදය /උ/ යන සඳහන නට නටා වටට යන්නෙක්ය.

/එ/
ගදිතග දා ගු ද
ගදිතග ගු ද
ගදිතග ගු ද

මෙය නටන ලදුව කව කීපයක් සම්පූර්ණ කළ ආධුනිකයා එය ඉවර කළ යුතු වන්නේ මෙසේ නැටීමෙනි.

/එ/
තහුරුද ගුද ගත්
තහුරුද ගුද ගත්
තහුරුද ගුද ගත්
දොං ත ගදා

මෙය /ඊ/ යන්නෙහි දී කළ නෙටුමෙහි තෙවන වර එන වෘද්ධියකි. එම නැටුම ඒ වූ ඇසුරෙන් තෙවරක් නටා සම්පූර්ණ කළ විට එනම් දකුණටත් වමටත් යළි දකුණටත් නැටූ විට6 නොහොත්
/ඔ/
ගදිතග දා ගු ද
ගදිතග දා ගු ද
ගදිතග දා ගු ද

යනු තුන් වරටත් කවාකාරව නටා යෑමය. ඉක්බිති ඔහුට සිදුචනුයේ මේ අවසානය නැටීමය.

/ඕ/
ගුංදත් ගද්දත් තහුරුද ගුදගත්
ගුංදත් ගද්දත් තහුරුද ගුදගත්

තහුරුද ගුදගත්
තහුරුද ගුදගත්
හුර ගද ගද ගද් ගදං
ගදිත ගද ගුද ගුං
දෙග දත්
දොං ත ග දි ත ත ග ද
දැහිං

මෙහි "ගුංදත්" යනුවට දකුණු පතුල හරියටම බිම වදින සේ දකුණු අංශයට තබා "ගද්දත්" යනුවට එම පය අනිත් පය ලගට ගනිමින් "තහුරුද ගුද ගත්" යන්නට /ඊ/ අකුරෙහි උපදෙස ගත යුතුවේ. මෙවිට අනිත් කකුලෙන් ද ඒ වූ අයුරු එයම නැටූ විට නැට්ටුවාට යලි ලැබෙන "තහුරුද ගුදගත්ෝ යන දෙකද /ඊ/ යන්නෙහි එන පරිදිම නටා පූර්ණ කළ යුතුවේ.

මීළඟට ලැබෙන "හුරගද ගද" යනු සුරලයෙන් නටා "ගද්" යනුත් සුරලයෙහි අග එන පය උස්සා බිම තබමින් පූර්ණ කොට "ගදං" යනු අනිත් පයේ ආයාසයෙන් පූර්ණ කළ යුතුවේ.

එකෙණිහිම "ගදිත ගද ගුද" යන තනි පයින් එක් වරක් කැරකී "ගුං" යනුවෙන් පය බිම තැබුම අවශ්‍යවේ.
ඉන්පසු "දෙගදත්" යනු "දෙග" කියා ඉදිරියට පයක් තබා අනිත් පයද "දත්" යනුවෙන් එම පය ලගම තබන ලදුව "දොං ත ග දි ක" යනුවෙන් නැටිය යුත්තේය. ඉක්බිති "ගද්" යනුවෙහි දී "ග" කියා දකුණු පය පෙරට තබා එම පය ලගට "ද" කියා වම් පය ද ගෙන "දැහිං" යනු දකුණු පය උස්සා බිම තබමින් නටා සමාප්තිය දැක්විය යුතුවේ. මේ වූ ?මගුල් රාගය" සාමූහික කළ කල්හි මෙසේ දකින්නට ලැබේ.

1. /අ/
ගද් දිත් තා කිරිකිට
ගද් දිත් තා කිරිකිට
/ආ/
ගද්දොං ගද ගද්
දොංගද ගද ගද
/ඉ/
ගුං දත්
තගු දත්
දැහිං
/ඊ/
තහුරුද ගුද ගද්
දොං ත ග දා

2 /උ/
ගදිතග දා ගුද
ගදිතග දා ගුද
ගදිතග දා ගුද
/ඌ/
තහුරුද ගුද ගද්
තහුරුද ගුද ගද්
දොං ත ග දා
/එ/
ගදිතග දා ගු
ගදිතග දා ගුද
ගදිතග දා ගුද
/ඒ/
තහුරුද ගුද ගද්
තහුරුද ගුද ගද්
තහුරුද ගුද ගද්
දො ත ග දා
/උ/
තහුරුද ගුද ගත්
තහුරුද ගුද ගත්
දොං ත ගදා

මෙය නැටූ ආධුනිකයා මීළඟට ඉහතින් ද උපදෙස් දෙන ලද පහත එන පදය /උ/ යන සඳහන නට නටා වටට යන්නෙක්ය.

/එ/
ගදිතග දා ගු ද
ගදිතග ගු ද
ගදිතග ගු ද

මෙය නටන ලදුව කව කීපයක් සම්පූර්ණ කළ ආධුනිකයා එය ඉවර කළ යුතු වන්නේ මෙසේ නැටීමෙනි.

/එ/
තහුරුද ගුද ගත්
තහුරුද ගුද ගත්
තහුරුද ගුද ගත්
දොං ත ගදා

මෙය /ඊ/ යන්නෙහි දී කළ නෙටුමෙහි තෙවන වර එන වෘද්ධියකි. එම නැටුම ඒ වූ ඇසුරෙන් තෙවරක් නටා සම්පූර්ණ කළ විට එනම් දකුණටත් වමටත් යළි දකුණටත් නැටූ විට6 නොහොත්
/ඔ/
ගදිතග දා ගු ද
ගදිතග දා ගු ද
ගදිතග දා ගු ද

යනු තුන් වරටත් කවාකාරව නටා යෑමය. ඉක්බිති ඔහුට සිදුචනුයේ මේ අවසානය නැටීමය.

/ඕ/
ගුංදත් ගද්දත් තහුරුද ගුදගත්
ගුංදත් ගද්දත් තහුරුද ගුදගත්

තහුරුද ගුදගත්
තහුරුද ගුදගත්
හුර ගද ගද ගද් ගදං
ගදිත ගද ගුද ගුං
දෙග දත්
දොං ත ග දි ත ග ද
දැහිං


මගුල් රාගය නටා ඉවර කළ ශීෂ්‍යයා ඊළඟට බසිනුයේ මාත්‍ර පහේ දෙවැනි අවස්ථාව වූ සිය පදයට ය.

සියපදය

1. /අ/
දැහිං කිරිකිට
/ආ/ ගුද ගද ගුං දගු
දොං තග දිත ගද
දැහිං

/ඉ/
තහුරුද ගුදගද්
ගුද ගද ගුදගද්
දෝං තහුර ගද
දැහිං

/ඊ/
රෙග්ගද් දෙග් ගද් දෙග් ගද ගුදගුද ගද
දැහිං

2. /උ/
දොංත ග දි ත ග ද
ගද් ත ග දි ත ග ද
ගද් ත ග දිත ග ද - ගු ද ග ද ගුං දත්
i. දොංත ග දි ත ග ද
ගද් ත ග දි ත ග ද
ගද්, ත ග දිත ග ද - ගු ද ග ද ගුං දත්

ii.  දොං, ත ග දි ත ග ද
ගද්, ත ග ති ත ග ද
ගද්, ත ග දිත ග ද - ගු ද ග ද ගුං දත්

/උ/
දෝං ත ග දි ත ග ද - තා
/එ/
ති ති ගද, ගු ගු දත් දොං
3. /ඒ/
i.  දිතගද දැහිං
කිරිකිට ගුංදත් දොං
දෙගදග දිතගද දොං
දෙගදග දිතගද දැහිං
කිරිකිට ගුංදත් දොං

ii.  දොංත තහුර ගද දැහිං
කිරිකිට ගුංදත් දොං
දෙගද තහුර ගද දැහිං
කිරිකිට ගුංදත් දොං

iii. දොංතග දෙදතගු දා
කිරිකිට ගුංදත් දොං
දොගතග දෙංතගු දා
කිරිකිට ගුංදත් දොං

/ක/
දොංතග දි දං ගත්දත් දොං
දෙග දග දිං දංගත්දත් දොං
/ග/
ගද් දත් දොං
දෙග දත් දොං
/ජ/
i. රෙග්ගද් දිං ගද ගදිතග දිංගද
ගුහිතග දිං දිං ගද්දත් දොං
දොංත තහුර ගද දැහිං
කිරිකිට ගුංඛදත් දොං

ii.  දෙග දත් දිංගද ගදිත ගදිත ගදිං ගද
ගුහිත ග දිං දංගද් දත් දොං
දොං තග දිත ගද දැහිං
කිකිට ගුංදත් දොං

/ඩ/
රෙග්ගද් දිංගද ගදිතග දිංගද
ගුහිතග දිං දිං ගද්දත් දොං
දෙගදත් දිංගද ගදිතග දිංගද
ගුහිතග දිංදං ගද්දත් දොං
රෙග්ගද් දිංගද ගද්දත් දොං
දෙගදත් දිංගද ගුද්දත් දොං

/ත/
ගද් දත් දොං
දෙගදත් දොං

/ද/
දොද් දොද් දොං

/න/
දොංත ගද්දත්
තහුර හුර ගද්

5. /ප/
i.  තිතං තිතං තා
තිතිගද ගුගුදත් තා
තිතෙත්ත ගුගුදත් තා
තහුරත් හුර හුර තා
තිතං තිතං තා
තිතිගද ගුගුදත් තා
තිතෙත්ත ගුගුදත් තා

ii.  තිතං තිංත තා
තිති ගද ගුගුදත් තා
තිතං තිතං තා
තිතිගද ගුගුදත් තා

iii.  තිති ගද ගුගු දත් තා
තිති ගද ගුහි දත් තා

iv.  තිතං තිතං තා
තිති ගද ගුගුදත් තා
තිතෙත්ත ගුගු දත් තා
තහුරත් හුර හුර

තහුර හුර ගද් දිගදං

මේ මාත්‍රා නැටුම් පිළිබඳ හරි අවබොධයක් වූ විට එහි කවි තාල සැඟවී ඇති බව දැකිය හැකිවේ. සුද්ධ මාත්‍රය ගැන සුපරික්ෂා වූ විට පවා මෙය දැකි වුවත් එය ඉන් දක්නට හැක්කේ මෑතක කෙටි කරගන්නා ලදුව, දැන් ව්‍යවහාරයේ එන මූලික පදයෙන් නොව, පැරණියෙහි වූ මූලික පදයෙනි. එහෙයින් මෙහිලා අපට අවශ්‍ය වනුයේ පැරණියෙහි වූ මූලිකල පදයය.

රිං ගද, ගද ගද, ගද ගද ගුද ගද
ගුද ගද, ගද ගද, ගද ගද, ගුද ගුං

මේ පදය තාලානුකූල බව නොහොත් කව සමඟ මාත්‍රා සමාදානයේ සිටින වග එය ක්‍රියාත්මක වූ විට මනාව පැහැදිලි වේ. එයට නිදසුනකි මේ කව.

දික්ම ගොසින් පඬිපුර ගිනි ලන්නේ
ලක්දිව හැමටම මතු බුදු වන්නේ
එක්වෙනි වරගිනි කඳෙහි උපන්නේ
නික්ම සියලු රොදුක් දුර ලන්නේ

සුද්ධ මාත්‍රයෙහි වටගමනේ යන පදය ද කවි තාලයක් මවන හැටි එය සුදුසු වූ යම් කවෙක කැවූ විට දැකිය හැකිය. ඒ පදය හා එයට නිදසුන් කවියකි මෙය.

ගුංද ගු දොං ගද ගදි ගදි තග දත් දොං
ගුං ගු දොංගද ගදිතග ගදිතග දත් දොං

අහසට පිඹිනා එරන් කලේයා
පොළොවට පිඹිනා භූමි කලේයා
රන් මසු දහසක් වටින කලේයා
නොබිඳින් නෑනෝ මගේ කලේයා

මගුල් රාගයේ එන මූලිකම පදය වුව තාලයක් තුළට වී සිටින හැටි එය ඇවිස්සූ විට එළිදරව් වේ. පහත එන කවට එම පදය තාලයක් වශයෙන් කැවූ විට එහි වූ නෑ සබඳ කම අනාවරණය වේ.

විදාන කෙනෙකුට ගෙයක් ලැබීලා වලව් තිහක් ඇත දැන ගන්නේ
වලව් තිහේ තිස් දවසක් ඉඳලා එක දවසට පණ යන්නේ
පණගිය මුත්තා ආයිම ඉපදී වලව් තිහේමයි උප දින්නේ
මේ තුන් සන්නේ තේරූ කෙනෙකුයි කලියුගයට පණ්ඩිත වන්නේ

මේ ලෙස සියපදය ගැන විමසිලි වූ විට එය කවි තාල මැවී යෑමට යෝග්‍යව පිහිටා ඇති බව දක්නට හැකිය.