තෙවැනි පරිච්ඡේදය
 

තෙවන පරිචය
 
 ගුරුවරයා සහ නැටුම් ආධුනිකයා
 
 ගෝලයා දක්ෂයෙකු කිරීම ගුරුවරයා සතු මහ කාරියෙකි. අඩු පාඩුවෙන් තොරවූ සංග සම්පූර්ණ නැට්ටුවකු බිහිකිරීම එතරම් පහසු කාර්යයක් නොවේ. එය පහසු වනුයේ නැටුම් විශාරදයෙකුට පමණී. එමෙන්ම ඔහුට ඉගැන්වීම පිළිබඳව අත පුරුදුකම ඇතිවිට පමණී.
 
 කෙනෙකු යන එන විටද, අත්පා හිස ආදිය ක්‍රියාත්මක වීම ස්වභාවයය. එසේ අත් පා හුවමාරු වූ පලියට එය නැටුමවේද? ශාස්ත්‍රයවේද? නැත. එහෙයින් සිරුරේ අවශ්‍ය තැන්හි, නිසි පුහුණුව ඇතුවම, නිසි බැලීම් ක්‍රම, නිසි කැරකීම් ක්‍රම, නිසි හැසිරීම් ක්‍රම, නිසි සුරල් ක්‍රම පිළිබඳ පුහුණුව ඇතුවම ගුරුවරයා සිය ගෝලයා (ආධුනිකයා) සබයට එවිය යුතුවේ.
 
 ඒ සමඟම රාග වැටුම් මේය, තාල නැටුම් මේය, මාත්‍රා නැටුම් මේය. සමයම් නැටුම්, සන්නි නැටුම්, දේව නැටුම්, රාක්ෂස නැටුම්, කෝලම් නැටුම් මේය ආදී නැටුම් වෙන් වෙන්ව යුතුවේ.  ලී කෙලි කඩු හරඹ, කලගෙඩි මාල හා කුළු නැටුම්, සිංහ කොටි වලස් ආදී නැටුම් මේය යයි ප්‍රගුණ කළ යුතුය. වන්නම් සව්දම් අට කට්ටි ඈ අඩවි පෙලේ නැටුම් මේය, මුදන් තාල, කෝල්පාඩු, තෙල්මෙ ඈ නැටුම් ආදී පහදා විසදා හදාල යුතුවේ.
 
 නැටුම් පිළිබඳ වූ අවශ්‍ය සියල්ල ගෝලයාට නටවා ඉවර කළ පසු ඔහු නිසි තරම් නැට්ටුවෙකු වූ නමුත් මෝස්තර ඇතුව රටා දමා නටන්නෙකු, නටන්නියකු වූ නමුත්, ඔහු තුළ නැටුම තුළ විශාරද වූයේ නම් නැත. විශාරද විය යුත්තේය. නාට්‍ය ඥානය ලබන තුරු ඔහුට නැටුමක් මැවිය නොහැකිය. මැවූ නැටුමක සරි නොසරිතා කිව නොහැකිය. අබල දුබල අශාස්ත්‍රිය බව සාර්ථක ලෙස කිව නොහැකිය. ඔහු වෛද්‍ය ඥාණය නොලැබූ වෛද්‍යවරයෙකු බඳුය.
 නැටුම් නිර්මාණයක් කළ නොහැකිය.
 
 තවද, තත්, දිත්,තොත්, නන් අගය කිරීම තරම් වටිනා තව කාරියක් නැටුම් උගැන්නුම තුළ නැත්තේමය. එය කොතරම් අගනේද? කොටින්ම කොයිම නැටුමක හෝ තත්, දිත්, තොත්, නන් යම් තරමක අඩුද, අසම්පූර්ණද එම නැටුම ඒ තරමටම අගය අඩුය. අශාස්ත්‍රීයය.
 
 එහෙයින් ඉලංගම තුළ තත්, දිත්, තොත්, නන් හි අගය නිමකළ නොහැකිය. ගෝලයා එම අගය තුළම රැඳවීම ගුරුවරයාගේ මූලිකම ප්‍රතිපත්තිය වේ.
 
 උඩපාත සබරගමු යන තුන් නැටුමේම බහුලව එනුයේ තත්, දිත්, තොත්, නන් ය. දිත්, දොං යෙදුම අඩුය. ඒ වුව පහතරට නැටුමේ තත්, නන් අතර එන එම දිත් දොං කැපී පෙනෙමින් ඉතා විශිෂ්ඨ බවක් උසුලයි. එහෙයින් එතැන රැකීම පහත රට නැටුම තුළ කළ යුතුම විශේෂ අංගයකි.
 
 තවද, සුලු යයි තකන ලදුව, ඉලංගමේ දී නොතකාම අත්හරින ලද ඉතා කෙටි, ඉතා කුඩා පද ඇත්තේය. මේවූ කුඩා පද "සක්ක" පද යයි නම් කෙරේ. මේ සක්ක පද එනුයේ බහුලවම කවි තාල අතරය. 'තගු' යනු ඒ වූ එකකි. දිං දං ගදි 'තගු' දිං දං රීහිං යන තාලය නැටීමේ දී මේ 'තගු' යනු සේවයේය. එම සේවය නොලැබේ නම් එතැනට වන හානිය මහති. එම හානිය මකා තැන රකින්නේ 'තගු' ය. ඒ බව දිං දං ගදි 'තගු' දිං දං දැහිං 'තගු' දිං දිං ගදි 'තගු' දිං දිං දැහිං යන මෙහි කීප තැනක එන 'තගු' වෙන් පෙනේ. මෙතැන ප්‍රාණවත් කරගන්නේ, ජීවය රැකගන්නේ, තාලය නඩත්තු කර ගන්නේ මේ 'තගු' වෙනි.
 
 තව තැනෙක එන හැටියට තාල පදයක් මෙසේය. "රිං ගද ගද දැහිං ගද ගදි තං ගුද ගුද ගුං" ය. මෙය ඉවර වී යළි පුරණ විට එන 'ගද ගුගු' එතැනට සක්ක ය. එහිදී තාලයේ දෙකොන යා කරන පුරුක මේකය. මේ වූ ලෙස පදයෙන් පදය මාරුවීමර අත දෙමින්, පයින් පය නිරවුලේ මාරුවීමට පිහිට වෙමින් එම සක්කය මේ කාරණ සේවයේ සුලුපටු නොවේ. එම නිසා මේ නොහිස් සේවය අගය කරමින් යටකී පරිදි 'සක්ක' යන් ඉවත් කර පෙන්වා සහ යළි යාකර පෙන්වා, ඉවත් කළ විට සහ යාකළ විට සිදුවන වෙනස්වීම් ගෝලයාට අවබෝධ කළ යුතුවේ. එනම් ගෝලයා ඉලංගම තුළ දී මේ ගැන ලැබූ හරි අවබෝධයක සිටිය යුතුවේ.
 
 ඇතැම් විට ඔහු නමස්කාර පද ද සක්ක පද ලෙස ලඝුවේ සිතයි. නොඋගන්වා ලිස්සවා හරිති. එහෙයින් සක්ක පද ඉලංගමේ දී ලැබූ තත්ත්වයම එයද ලබයි. නටන්නා නටන්නී ආදියෙන්ම කළ යුත්තේ නමස්කාරයයි. රඟබිම තුළදී එය ඉතා වැදගත්ය. ඉදින් එම නමස්කාර පද ඉලංගමයේ දී නොසැලකිල්ල යටතේ වීම අගතියකි. ගෝලයාට පාඩුවකි. වත පිළිවෙතේ නැටුම් ගැන අවබෝධය නොදීමකි. ඒ වූ වැකියක නමස්කාර පද අතර එන පදයකි මේ,
 
 ගද්දිරිකිට ගුංදිරිකිට ගදත් ගුදත් දොං
 ගද්දිරිකිට ගුංදිරිකිට ගදත් ගුදත් දොං
 ගද්දිරිකිටගුංදිරිකිට ගදත් ගුදත්දොං
 ගද්දිරිකිට ගුංදිරිකිට දැහිං
 
 ඉහත කී නමස්කාර පද මෙන්ම ඉලංගම තුළ ලඝුවී නිකම් ලිස්සී යන පද අතර වාමර පද වේ. ඒවායේ අගය මතුවී පෙනෙන්නේ නටන විටය. පදය ඇසූ පමණින් වුවද එහි එන චමත්කාර බව පිළිගත හැකිය. එබැවින් වාමර පද ද ගෝලයාට අත්‍යවශ්‍යම ය. නොඑසේ වී නම් වාමරයේ ක්‍රියාත්මක බව ගැන ගෝලයා දුර්වල වේ. රටයකුමේදී දකින්නට වන එම වාමර පද කිහිපයක් මෙසේය.
 
 ගුං දෙං ගද ගද ගදි තගු දොං ගද
 ගුං දෙං ගද ගද ගදි තගු දොං
 ගුං ද ගු දොං ගදි ගද ගද
 ගු ගු ද ගු දෙං ගදි ගද ගුං
 ගුංද ගු දොං ගදි ගද ගද
 ගුගුද ගුදෙං ගදි ගද ගුං
 
 තවද නැටුම් වලට පූර්වයෙන් එනම් ආරම්භ පද නම් වූ පද සමුදායක් වෙයි. ඒවා උගැන්වුම් නැටුම් ගුරුවරයා අතින් නො සිදුවීම නිසා දැන් එය අප්‍රාණිකව නැසී වැසී යමින් ය. ඒවායින් නැටුමට, යාගයට මැවෙන ආනුභාවය විශාලය. ඉලංගම තුළදී ඒවා පණ කැවීම අවශ්‍ය කරුණකි. (රට යකුමේදීත් දකින්නට වන එම ආරම්භ පද කිහිපයකි මෙය)
 
 /අ/
 i. ගුදග් ගුද ගුදග් ගද ගද
     ගුදග් ගද ගුදග් ගද ගුං
     ගුදග් ගද ගුදග් ගද ගද
     ගුදග් ගද ගුදග් ගද ගුං
 
 ii. ගුදග් ගද ගුදග් ගද ගුං
     ගුදග් ගද ගුදග් ගද ගුං
 
 iii. ගුද ගද ගුං
     ගුද ගද ගුං
 
 iv. ගුහිත ගදත දෙගදිත ගුදත් දැහිං
     රිං දැහිං දිං දැහිං දිං දැහිං
     ගද්දත් තිට ගද්දත් දාං
 
 v. ගුදත් කිට ගුංදත් දැහිං
    ගද්දග් කිට ගද්දත් දොං
 
 /ආ/
 i. ගද්දිරිකිට ගුංදිරිකිට ගද්දිරිකිට තා
    ගද්දිරිකිට ගුංදිරිකිට ගද්දිරිකිට තා
 
 ii. ගද්දිරිකිට තා
     ගුංදිරිකිට තා
 
 iii. ගද්දිරිකිට ගුංදිරිකිට ගද්දිරිකිට ළහිං
      ගද්දිරිකිට ගද්දත් දොං
 
 iv. ගුද්දිරිකිට ගුංදත් දැහිං
      ගුද්දිරිකිට ගද්තත් දොං
 
 /ඉ/
 i. ගද ගදිතේ ගදගුදංත
    ගද ගුද ගද ගදං දංත
 
 ii. ගද ගුද ගද ගදගු දංත
     ගද ගුදගද ගදගු දංත
 
 iii. ගදගු දංත
      ගදගු දංත
 
 iv. ගුහිත ගදත් දෙගදිත ගුදත් දැහිං
      රීං දැහිං දිං දැහිං දිං දැහිං
      ගද්දග් කිට ගද්දත් දොං
 
 v. ගුංදග් කිට ගුදත් දැහිං
     ගද්දත් කිට ගද්දත් දොං
 
 තවද යම් යම් නැටුම් ඉවර කරණ නියමිත පද ඇත්තේය. 'තත්ගහිතිගද' යනු ඉන් එකකි. පදය අගට එය නටන විට නැට්ටුවා මෙන්ම, වාදකයා ද ඉමහත් පහසුවකය. ලෙහෙසි වූ මඟ පෙන්වීමකය. ලඝුවේ ලා සලකමින් ඒවා ඉලංගම තුළ නොතකා හැරීමෙන් ඉන් ලබන ලෙහෙසිය, වාසිය පෙනුම නැති වී ගොස්ය.
 
 ඉරට්ට වලදී බොහෝවිට එමගින් ලබන පිහිට දකින විට ලඝුවේ ඉවත් කිරීමේ අගතිය වැටහේ. (රට යකුමේදීත් දකින්නට වන එම ඉරට්ට කීපයකි මෙය)
 
 1. හ්රිංහුර ගද ගදත් ගහිති ගදං
     තත් දිගදං
     තක් දොං
     තක්ගහිති ගදං
 
 2. දොං ගතිත්ත
     ගුද ගතිත්ත
     ගුද ගද ගද ගද ගුද ගද
     තක් කත් තකත් තත්
     හ්රිං තහුර ගද ගදත් ගහිතම ගදං
     තක් දිගදං තක් දොං
     තක් ගහිති ගදං
 
 3. දොංන තත් තත් තත්
     තදිකින ගත හුරගත්
     තත හුර ගත්
    තිත හුර ගත්
    ගද්ද දිත්ත ගද්දිත ගද හුරගද්
    හ්රං තහුර ගද ගදත් ගහිති ගදං
    තත් දිගදං තත් දොං
    තත් ගහිති ගදං
 
 4. හ්රිං තහුර ගදි හදත් ගහිති ගදං
     තක් දිගදංතත් දොං
     හ්රිං තහුර ගද ගදත් ගහිති ගදං
     තත් දිගදං තත් දොං
     හ්රිං තහුර ගද ගදත් ගහිති ගදං
     හ්රිං තහුර ගද ගදත් ගහිති ගදං
     ගහිති ගදං
     ගුහිති ගදං
     හ්රිං තහුර ගද ගදක් ගහිති ගදං
     තක් දිගදං තක් දොං
     තත් ගහිති ගදං
 
 හුර ගද ගදත් දැහිං දෙගදගද ගද ගුදත් දැහිං
 හුර ගද ගද ගදත් දැහිං දෙගද ගද ගද ගුදත් දැහිං
 හුර ගද ගදත් දැහිං
 හුර ගද ගදත් දැහිං
 
 රීං රීං රිං
 
 ගද ගද ගුද ගද, ගදගද, ගුදගද, ගදගද, ගුදගද
 ගුද ගද ගද්දත් දැහිං
 
 ගද් දිත් තත්
 දෙග් දිත් තක්
 ගද් දිත් තක්
 තක් දොද් දොං
 ගද් දිත් තක්
 තත් ගහිති ගදං
 
 මේ ඉරට්ට පදවල අග එන ඉහතින් දකින "තත් ගහිත් ගුද" පදය ඒ වූ හැමකෙකම සමානය. මෙය නොනටා අතහැරීමෙන් එහි සම්ප්‍රදාය කැඩේ. නිසි මුනුවර නැතිවේ. විශ්‍රාමය මැකේ.
 
 එහෙයින් ගුරුවරයා පදවල උස්මිටි කම් නොතකා, කෙටි පටුකම් නොතකා, ඒවායේ ප්‍රයෝජනය ගරු කරමින් සම්ප්‍රදාය හා ශාස්ත්‍රය තුළ තුලනාත්මක වී ඉලංගම සාර්ථක වීමට ඉටා ගැන්ම ගෝලයාටත්, රටටත් කරන මහඟු සේවය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017