පළමු පරිච්ඡේදය
 
සග පවග සුව දෙන න
සවන දම් සහ නමමි න
සහිස වෙනු හර ය න
සමර කර වෙමි දෙවිඳු සත ති න

පළමු වන පරිචය

තත් දිත් තොන් නන්

සම්මාසම්බුදු පියාණන් ද සම්බුද්ධ රාජ්‍යශ්‍රියට පත්වූදා සපිරිවරින් මිනිස් ලොව පැමිණි දෙවියෝ විදුරසුන් අභියස තත් දිත් තොන් නන් යන සිව් මහා ශබ්දයන් යටතේ දෙසීය සොළොස් වැදෑරුම් නැටුම් ගැයුම් වැනුම් කළාහුය.

ඒ වූ ලෙසඅ එකී චතුරාක්ෂය පණ පොව පොවා ගීත වාද්‍යයෙන් බුදුන් පිදුම තාන්න දාන්න ඤාන්න නාන්න යනාදි තදි.තො.න. මුනුවරේ එන මේ පැන හා පිළිතුරු දෙකවද පවසන සේය.

තාන්න තානය තානා තානය
කොතනද තානය පවසන්නේ
දාන්න දානයදානා දානය
කොතනද දානය පවසන්නේ
ඤාන්න ඤානය ඤානා ඤානය
කොතනද ඤානය පවසන්නේ
නාන්න නානය නානා නානය
කොතනද නානය පවසන්නේ
තාන්න තානේ, තානකිතානේ
අපෙ මුනි වැඩ සිටි ඉස්තානේ
දාන්න දානේ, දානකි දානේ
සුජාතාව කිරිපිඩු දානේ
ඤාන්න ඤානේ, ඤානකි ඤානේ
තුන් ලොවටම සිවිසස් ඤානේ
නාන්න නානේ, නානකි නානේ,
නේරංජන ගඟ ඉස්තානේ

ඒ මේ කොයි ලෙස වුව, ත,දි,තො,න, පූර්වකව නාට්‍ය හිත විෂයෙහි ලා බුදුන් පිදුම එක දාක නොව සදා සිරිතය. ඒ බව කකුසද මුනිඳුට ද කළ දැකුම් අත්හිවූ තාල පූජාවෙන් අනුමත වේ. ඒ වූ තත්, දිත්, තොත්, නන් එන තාල පූජාවේ කවි හා පද්‍ය වලීහු මේය.

තත් තාලය /අ/

සන් සුන් නා රජ පෙර සිටිමින් එහි - සහ නොයෙකුත් සැම දෙවියන් පිරිවර
මින් සුර විදුරත් බඹපුත් සිව්සැට - සෙනඟ මවාගෙන කෙරුව නෙර්ත පෙර
පින් ඇති නිරිඳුගෙ ඉදිරිපිටට පැන - ගැසුවා ගදඹය සුරලුත් යොමු කර
තත් යන තාලය කකුසඳ මුනිඳුට - දැකුම් ලෙසට ගැසුවා පද එක් කර

පදය:- තත් තකතා, හුරෙන් තත්තා, ජෙනකිට තක තත්ත්‍ර

දිත් තාලය/ම/

කියන්න නම් මම දන්නව තාලම්-පැවතුනු සැටි පෙර කාලෙක සොද ලෙස
අසන්න සිත කැමතිව නම් මහතුනි කියන්න-පුලුවනි පෙර සිට එන බස
බලන්න මෙහි සිටි මැති සහ පිරිසට-නෙර්තය පෙර සිට ගදඹය එලි බැස
ගසන්න දෙවනුව පැමුණිනු මුනිඳුට-ඔත් යන තාලය ගදඹය නොව ලස

පදය:
දිත් කිට ජේන කිට තක තත්තා
තක් කිට කිට කිටි තක කුජෙන්
කිට කිට තරිකිට ජේ ජේ ගතක්තත්
තරිකිට කිටිතක දොමි කිට තා

තොන් තාලය/ට/

මින් ඉස්සර පෙර කාලෙක බුදුවුන-කකුසඳ මුනිඳුන් සව් සතු දකුමට
දැන් මම පවසන සව්දම් තාලම්-වෙන් වෙන් වශයෙන් පවසමි පෙර සිට
පින් ඇති මුනිඳුගෙ ඉදිරි පිටට පැන-ගැසුවා ගදඹය සුරලුත් ගනනට
තොන් යන තාලය පැවතුනු සැටි පෙර-කියන්න බැරිනම් නාරිනු නුඹකට

පදය:
තොන් කඩ කඩ තක
දිත් කුන් දත් හිදිම් හුදිම්
කිට ක්‍ර තක තත්තා

නන් තාලය/ද/

දුකි යන සසසරින් ගොඩලන්නට පෙර-කකුසඳ මුනිඳුට ගුණ මෙලෙසින්
එක එක වෙන වෙන තාලම් සමඟින්-පවසමි දන්නා පමණ යසින්
හකු හිරි වැටෙමින් අරින්න බැරිකට-නොකිවොත් තාලය උත්පත්තිය නන්
කකුසඳ මුනිඳුට දකින්න සොද ලෙස-ගැසුවා ගදඹය නන් යන තාලන්

පදය:
නන් ජෙක තකුජෙන් තක ජෙන්
කුකුජිත් තක ජෙන්තු තක්කිට තකදොන්
තත් තගතිතකිට ගත
කිට තරිකිට කුද කුකුද කිට තා

මේ වූ ලෙස තත්, දිත්, තොන්තුලන්, සඵල කළ වාදකයා මෙය ඉවර කරනුයේ අත්මාරු හරඹයකිනි. එම අත්මාරු හරඹය මේ වූ ලෙස ය.

ගුදිත ගදිත ගදි ගදා
ගුදිත ගදිත ගදි ගදා
ගුදිත ගදිත ගදි ගුඳ ගුඳ
ගුදිත ගදිත ගඳි ගදා

අත්මාරු හරඹය මෙලෙස හමාර කරන වාදකයෝ ඊළඟට වයනුයේ වන්නමකි.

වන්නම:
තෙතෙන තෙතෙන තෙන තෙනම්
තෙතෙ නම් තෙන තෙන තෙනම්
තෙතෙන තෙතෙන තෙනෙ නම් තෙන
තෙතෙන තෙතෙන තෙන තෙනම්

පුරාණ කාල ශාස්ත්‍රයෙහි පැවසෙන හැටියට, තත්, දිත්, තොන්, නන්, යටතේ ගැයූ වැයූ තාල නමින් එන අන්‍ය අවස්ථා ද ඇත්තේය. ඒ බවට නිදසුනකි මේ එන කව් හා සිලෝ. (මේ සිලෝ සතර, මේ එන පරිදි විශේෂණ වාක්‍ය මාලා සහිතව විවරණවීම, එදා සිට නොසිදී එන සම්ප්‍රදායානුගත සිරිතය)

තත් තාලය

සක් රජ අසුරන් සහ යුදයෙන් ජයගත් සමයෙදි පොරනේ
වික් මැති සුරඟන ඇවිදින් එදා සක්‍ර බවනේ
එක්වී සැම සුර දෙවියන් සමඟින් පංච සිකය එදිනේ
තත් යන තාලය පළමුව ගැසුවේ සක් රජහට එදිනේ

මෙහි පදය:
"දෝං ගත්තත්, ගතත් තත් දැහිං" ය. මේ පදයෙන් ම සෙසු දිත් තොන් නන් යන කවි ද පිරවේ. මේ ගැයූ කවෙහි ශ්ලෝකය මේ ය.

සුරෙන්දාඃ ප්‍රථමඃ කාලො ලද්ධ්‍යාවා නෙර්ජරාස්පදං
විබුධා පංච සිබිතනු තකාරෙ වෙන තත්විදුඃ

දිත් තාලය/ක/

ඇත් රජ සමගින් සිවලුන් යුද කොට ලජ්ජාවුන ලෙසිනේ
ලජ්ජාවී යන්නට වෙයි මේ නුඹට කීවොත් මට මෙදිනේ
වික්මැති උමයංගනා දේවිගේ සෝකය යන ලෙසිනේ
දිත් යන තාලය පළමුව ගැසුවේ ඊශ්වර දෙවි විසිනේ

මේ පුවත අනුමත කරමින් මෙයට සහායවන ශ්ලෝකයකි මේ.
වියොගඃ පාර්වති පුනද්‍රඳු තත්‍රබො ගිරි සො නමො
දීර්ඝ රූප ගුණං වර්ණං

තොන් තාලය (ඩ)

පින් ඇති අපෙ මුනි බෝමැඩ විදුරස්සේ වැඩවුන් සඳිනේ
බිම්බර මවමින් ඒ ආ වසවත් පැරදි ගියා සොඳිනේ
පින් ඇති මුනිඳුට ඉස්තුති කරමින් සක් දෙවි රජ විසිනේ
තොන් යන තාලය පළමුව ගැසුවේ සක් දෙව් රජ තොසිනේ

මේ භවෙහි සනාථය පවසන ශ්ලෝකයකි මේ.

දිත් තො සුගතපදඃ ප්‍රාප්‍ය, තත්‍ර කාලො සුජිම්පති
දීර්ඝ රූප ගුණා වර්ණං, තොත් තාලන් ප්‍රභවිස්පති

නන් තාලය (න)

පින් ඇති අපෙ මුනි දක්නට ඇසුරිඳු - අසුර පුරෙන් පැමිනේ
ගම්බිර මුනිඳුගෙ සීලේ බලයට - අසුරිඳු කර දමනේ
දම් දෙසමින් මුනි ආ සුරිඳුන්හට - පන්සිල් දී සොදිනේ
නන් යන තාලය රාහු අසුර තෙම - මුනිඳුට ගැසූ එදිනේ

මේ බවට සාධක දෙන ශ්ලෝකයකි මේ.
බාහුල්‍යං දීර්ඝපති දිත්‍ය, දිත පාදං ප්‍රමාණතෙ
නන් සර්ව දෙවපවිත් තාලං, නන් තාල උග්‍රඝොෂනී

මෙසේ තත්, දිත්, තොත්, නන් සතර ගයා ඉවර කළ වාදකයා සිය කාරිය අවසන් කරනුයේ ඒ හා එන වන්නම ද ගැයීමෙන් පසුවය. ඒ වන්නම මෙසේය.

තෙනෙන තෙනම් තෙන
තෙන තෙනෙ නම් තෙන
තෙනෙන තෙනෙම් තෙන
තෙන තෙතනෙ නා

තවද, පඤ්ච තාලය යන තාල විසිතුර ද, මෙකී තත් දිත්, තොන්, නන් යනුවට දිරි දෙන බව, එහි වූ පද සමුදාය සෑදී ඇති අයුරින් පැහැදිලි වේ. මෙසේය එහි වූ ඇතැම් කව් හා පද

තන් තාලය /උ

බැන්ද සුර බරණින්ම සැරිගෙන පියුම් පිට නටනා පදෙන්
සින්දු පදයට නාද එක යුරු ගීත නාදය කී ලෙසින්
නන්ද විසිතුරු පාද ලස්සන නටා සිව්සැට තාල මෙන්
පන්ව තාලේ කවුත්තම්පද තත්ත තරිකිට යන පදෙන්

පදය :- තත් තරිකිට

තා තක දිත තරි
තක් කින කින ජෙක්
කුන්තක රොමිදික්
කිටි තක දොමිකිට
තක රොමිදින්

දිත් තාලය/ග

සිවු සැටක් බරණයන් සැරසී තොසින්
ගවු තුනක් දිග බෙරෙන් තාලම වයන නෙර්තය දිව පුරෙන්
දෙව සුරන් හා නටන තාලම නෙර්ත ගීතය නාද යෙන්
දෙවුනු ගැසුවයි නෙර්ත තාලය දිත්ත දිමිතක යන පදෙන්

පදය :-
දිත්ත දමි තක තරි දින්තක තරිකිට
කිනන් කිනන් දිත් තතකින ජෙක්කුන්
කුරුමන කුරුමන තොන්

තොන් තාලය/ණ/

තුන්ග සරබින් තාලම නෙර්ත ගීතය නාදයෙන්
බැන්ඳ සුර බරණින් සැරසිගෙන ඉසිවරන්ගේ නෙර්තයෙන්
සින්දු පදයට නාදයෙන් රසු ගීතයෙන් පද තාල මෙන්
තුන් වෙනුව ගැසූ නෙරත තාලය තොන්ග කදිකින යන පදෙන්

පදය :-
තොන්ග තදිකිට තොහොවර තකතරි
රෙජෙන කි ජෙන්තක තොන්ග තතරිජෙකු
තදින්නකු තොන් කිට තාම්

නන් තාලය/ප/

සිව් වරම් සුර බඹ දෙවිඳු සක් රජ වරම් දුන් නෙර්තයෙන්
දෙව් සුරන් ගන පැපූ බරණින් තිස් දෙකක් පද තාලමින්
සිව් වරම් දෙවි සමග පිරිවර වයන පද මේ තාලමෙන්
සිව් වෙනුව පද කවුත්තට නන් තකුම් නන් තකුම් තරි යන පදෙන්

පදය :-
නන් තකුම් නාරායන කිනන්
තත් දිත් තොන් නන්
තක දික තා තා
තදික්කු තොම් කිට තොම්

තවද සව්දම් අතරද තත්, දිත්, තොන්, නන් වෙන වෙනම පසිඳිමින් තත් සව්දම, දිත් සව්දම, තොන් සව්දම, නන් සව්දම යයි සව්දම් සතරක් මේ එන ලෙස ඇත්තේ, ඒ ඒ අක්ෂරවලට බල දෙමිනි.

තත් සව්දම/එ/

දන්නවද නුඹ සුසැට සව්දම් මිතුරෙ මා සහ වාද වෙන්නට
ඉන්නවද ලොවෙ මෙමට වැඩියෙන් සමත් අය මා පරද්දන්නට
දුන්න බැට පෙර එමුසිලයට දන්නවා නම් එපා එන්නට
මෙන්න මේ තත් කියන සව්දම් පාර වැරදෙයි ගමට යන්නට

පදය :-
තත් තාතා තතා තාතා තක්ක
තක්කිට තොක්කතා
තක්ක තර්තක තතන තත තික
තක්ත තක්කිත තෙක්කතා

දිත් සව්දන/ජ/

වාද කෙරුමට ආ නමුත් සකි උඹට මොකවත් නැත දෙනෙන්නේ
නාද සතරක් ඇතේ පළමුව, දන්නෙ නැතුවද ඔහොම ඉන්නේ
මූද පීනා එතර නෙන්නට මොටද ඔය වීරිය කරන්නේ
යෝද යා මම තමයි දෙවනුව දිත් කියා සව්දම් ගසන්නේ

පදය :-
දිත් දිත් තරි කඩ ගුරු පාදන්
හඩ සුර හරයුම් දුන් දුන් දුන්
දින් දින් දින් කවි තක්කුම් කුම්
තුහර්ත තුන් දිම් දිම් දිම් දිම්

මෙහෙම සව්දම් ගසනවා නම් - දේය පණවත් සතුටු පඬු රට
තියෙනවා නම් ලොවේ විමසා - ඉගෙණගන් ඔබ ගුරුන් ලග සිට
ගහනවා නම් ගසාපන් අද - දෙන්න මෙතනදි වා වෙන්නට
දුවනවා නම් හොඳයි ත‍න්වෙනු - තොන් කියා සව්දම් ගැසූ විට

පදය :-
තොන් ක්‍රතකඩ තක තරිංගු
තක තෙයි ක්‍රතක තරිංගු
කඩ තක තරි කිට තා
නන් සව්දම/බ/

දන්නවා නම් සූ සැට සව්දම් - සිංහයා සේ වෙයි සබාවට
දෙන්න තුටුවෙයි මගේ සෙල්ලම් - බලා සිටියොත් තෑගි මා හට
සම් බුදුන් හට එදා ගදඹය - ගෙසුව සව්දම් මෙමා සිහිකොට
නන් කියන සව්දම ගසන්නෙමි - නුඹේ කන් යුග බිහිරි වෙන්නට

පදය :-
නන් ක්‍රිෂ්ට කිඩි තක
දිත් තලංගු රොමිකිට
කිටි තක තා

තවද වාදක අය, දෙවියන් රජුන් ආදීහු දැක්මෙහි දී ගයන දැකුම් අත්හි වූ කවි අතරද, ත,දි,තො,න, මුල් වූ කවි බදු පදමාලාවකි.කවි ගණයේ එන ඒ එක් එක්හි සතරකුරම යොදා පණගැනී ඇති සැටි මෙසේය.

තත්, දිත් තොන්, නන්

1. කගුන කිට ජෙන් දකින්
දිකු තොංගු කර්තක දකින්
තොගුන තකු තොන් දකින්
නඟුන කර්තක තොන් නන් දකින්

2. තත් තහකු සුර දකින්
දිත් දිකු දිදින ජෙන් දකින්
තොන් ක්‍රතක තෙයි දකින්
නන් ක්‍රතක තුන ජෙන් දකින්

3. තත් ක්‍රතක රජ දකින්
දිත් කිටක දිකු දැන් දකින්
තොන් තොතොගු මම් දකින්
නන් ක්‍රතක දිත් තොන් දකින්

එසේම තත්, දිත්, තොන්, නන් ඒ නමින් මැවූ තාලඔ මෙහිද එනුයේ එහිම වූ භාවිත අගය මතුකරමිනි. ගැමි අය හා කා අතර වුව ප්‍රචලිත වූ එකී තාලම් කවි අනාවරණය කරයි.

රබ්බඩ පුවකේ දෙකට කපාලා හතරට ඉරු කරතෙයි
වෙත්තිල බුලතේ හුනු ටික ගාලා නැට්ට කඩා දම තෙයි
දත්කොල පිත්තල බොත්තන් දාගෙන පානට දත නිය තෙයි
තත්, දිත්, තොන්, නන් තාලම බැරි නම් කැවුම් කාපු රීහියයි

ඇතැම් සව්දම් තුළ කවේ නොව හුදු පදවල පමණක් තත්,දිත්,තොන්,නන් යෙදී පවතී. එසේ පද අතර පමණක් යෙදෙන සව්දම් දෙකකි මේ.

යාන්තර නැව් යනෙන මුහුදේ කුඩා ඔරු නොපදී ද පසුවම
සාත්තර යට යාද කෙරුමට මෙනුඹ ආඑක ඉතා ගොන් කම
පාත්කම විඳ ගන්ට සිදුවෙයි මෙනුඹහට නොගියොතින් විගසම
පාත්තර බිඳගන්නට සිදුවෙයි ඔන්න ගසනෙමිපතිනි සව්දම

පදය :-
තත්, දිත්, තොන්, නන් තාල උදාරය, කිම්නික සව්දම් හුද විපාදය
චන්ද්‍රවතීගේ ඉන්ද්‍රනීලගත විමනික සුරලුවතේ
තනනන් ජෙහෙකඩ විනන විනෝදර
ගත්තේ රත්රන් සළඹ අතේ
සෙත්සිරි දෙවනා පත්තිනි සුරනා
අත්පුඩි පඬිපුර ජෙහෙදක තත් තරි
තාහක ජෙන් ජෙන් පත්තිනි සුර සව්දම්

නුගුණැති දෙව්දත් බැන්දයි වයිරය රන් තලියක් ගැන රොසයෙන්දා
රසඇති දම්රස දෙසුවා අපෙ මුනි ඔහු හට කරුණා ගුණයෙන්දා
බල ඇති දෙව් රජ දෙන් මට නුවණක් දින දින වඳිනෙම් දෝතින්දා
ගන පති සව්දම ඔන්න ගසමි මම මෙනුඹට බැරිවෙයි මෙලෙසින්දා

පදය :-
තත්, දිත්,තොන්,නන්
තකකුන ඔක්කුන් තන නතින්ගුන
ක්‍රත කිට විනපිට අරිලව කිරුලව
ගනපති ජෙහෙජෙහෙ
තරි ගුදත් තරිකිට තක තොන් නන්

මෙලෙස විස්තර කළ ඒ මේ තත්,දිත්,තොන්,නන් සතු වූ ඒ ඒ සත්‍යයන් එක් කළ විට මෙසේ සාමූහික වේ.

තත් :-
1. සන් සුන් නා රජ යනාදි/අ/ උපඡේදයද
2. සක් රජ අසුරන් යනාදී/ඉ/ උපඡේදයද
3. බැන්ද සුර බරණින් යනාදී/උ/ උපඡේදයද
4. දන්නවද නුඹ සුසැට යනාදී/එ/ උපඡේදයද
යන මේවාය. තත් සාමූහිකය.

දිත් :-
1. කියන්න නම් මම යනාදී/ඔ/ උපඡේදයද
2. ඇත් රජ සමගින් සිව යනාදී/ක/ උපඡේදයද
3. සිව් සැටක් බරණයෙන් යනාදී/ග/ උපඡේදයද
4. මෙහෙම සව්දම් ගසන යනාදී/ත/ උපඡේදයද
යන මේ වූ ඒනාය දිත් සාමූහිකය.

තොන් :-
1. මින් ඉස්සර කාලෙක යනාදී/ට/ උපඡේදයද
2. පින් ඇති අපෙ මුනි දක්නට යනාදී/ඩ/ උපඡේදයද
3. තුන්ග සරඹින් වයන යනාදී/ණ/ උපඡේදයද
4. දන්නවා නම් සුසැට යනාදී/ත/ උපඡේදයද
යන මේවාය තොන් සාමූහිකය.

නන් :-
1. දුකියන සසරින් යනාදී/ද/ උපඡේදයද
2. පින් අති අපෙ මුනි යනාදී/න/ උපඡේදයද
3. සිව්වරම් සුර බඹ යනාදී/ප/ උපඡේදයද
4. දන්නවා නම් සුසැට යනාදී/ත/ උපඡේදයද
යන මේ වූ ඒවාය නන් සාමූහිකය

(c) Shilpa Sayura Foundation 2006-2017