දර්පණ අතර කෝණය සහ ප්‍රතිබිම්බ සංඛ්‍යාව
 
දර්පණ දෙකක් ගෙන පහත රූපය අයුරු තබා 
එහි කෝණය අඩු , වැඩි කරන අවස්ථාවන්ට අනුව 
ඒ අතර තබන ලද වස්තුවේ ප්‍රතිබිම්බ ගණනාවක් සෑදේ.

1 . කෝණය අංශක 90 ක් වන විට ප්‍රතිබිම්බ 3 ක් සෑදේ.
2). කෝණය අංශක 45 ක් වන විට ප්‍රතිබිම්බ 7 ක් සෑදේ.
 
මේ ආකාරයට කෝණ කිහිපයක් සදහා ලැබෙන ප්‍රතිබිම්බ ගණන සෙවූ විට 
එය පහත වගුවෙහි සදහන් පරිදි ලැබේ.
 
දර්පණ දෙක අතර කොණය  ප්‍රතිබිම්බ සංඛ්‍යාව
90 3
72 4
60 5
45 7
36 9
30 10

මෙම වගුවෙහි දත්ත හොදින් විමසුවහොත් මෙහි යම්කිසි රටාවක්‌ ඇති බව පෙනේ. 
එබැවින් මින් සමීකරණයක් ගොඩනගා ගත හැක.
ප්‍රතිබිම්බ සංඛ්‍යාව n යැයි ගනිමු.
වෘත්තයක අභ්‍යන්තර කෝණ වල එකතුව 3600ක් වේ.
කෝණය A යැයි ගනිමු.
එබැවින් n=(360/A)- 1
මෙම සමීකරණයෙන් අපට දර්පණ කෝණය අනුව ලැබෙන ප්‍රථිබිම්බ ගණන ගණනය කළ හැක.
 
(c) Shilpa Sayura Foundation 2006-2017