බෞද්ධ ස්‌තුප නිර්මාණය අරම්භ වුයේ බුදුරඡාණන් වහන්සේ ඡීවත්ව සිටි කාලයේදී ය. සැරියුත් මුගලන් දෙනමගේ හස්‌මාවශේෂ තැන්පත්කොට දාගැබක් තනවන ලද බවට තොරතුරු හමුවේ. ඔවුහු බුදුරඡාණන් වහන්සේට පෙර මරණයට පත්වුණු ද මහාවීරතුමාගේ කාලයේද ස්‌තුප වන්දනාව තිබු බවට සාධක හමුවි ඇත. පරිනිබ්බාණ සුත්‍රයේ සඳහන් වන්නේ බුදු රදුන් පිරිනිවන් පෑමෙන් පසු උන්වහන්සේගේ භස්‌මාවශේෂ කොටස් අටකට බෙද්‍ර ඒවා තැන්පත් කළ ස්‌ථානවල ස්‌තුප තැනවු බවය.
සිද්ධස්‌ථාන ගොඩ නැංවිම බුදුරඡාණන් වහන්සේගේ නියමයෙන් ම සිදුවීම විය. ශ්‍රද්ධාවන්ත පුද්ගලයකුට දැකීමට සුදුසු වු ද දැකීමෙන් සංවේගය උපදින්නාවු ද ස්‌ථාන හතරක් ලෙසට
1 උත්පත්තිය ලත් ස්‌ථානය
2 බුද්ධත්වය ලත් ස්‌ථානය
3 ප්‍රථම ධර්මදේශනය පැවැත්වු ස්‌ථානය
4 පිරිනිවන් පෑ ස්‌ථානය ලෙසට
සඳහන් කළ බුදුරඡාණන් වහන්සේ මෙම බෝධි චෛත්‍යාදිය වඳිමින් චෛත්‍යයන් වෙත යන්නාවු යම්කිසි කෙනෙක් වෙද්ද ඔහු මරණින් පසු දිව්‍ය ලෝකයෙහි උපදින බවද කී සේක.