සාර්ක් සංවිධානය
 

දෙවන ලොක යුද්ධයෙන් පසුව මහ බලවතුන්ගේ මුලිකත්වයෙන් ද යටත් විජිත තත්ත්වයෙන් මිදුණු රටවල සහභාගිත්වයෙන් ද විවිධ සංවිධාන ලොව බිහිවිය. සාර්ක සංවිධානය එසේ බිහි වූ කලාපීය සංවිධානයකි.


දකුණු ආසියාතික රටවල්වල එකමුතුභාවය මෙන්ම, ඔවුන් අතර වඩාත් යහපත් සුහදතාවයක් ඇති කරලීම සඳහා මෙවැනි සංවිධානයක අවශ්‍යතාවය මුලින්ම පෙන්වා දුන්නේ එවකට බංගලිදේශයේ ජනාධිපතිවරයකුව සිටි, සියාවුර් රහ්මාන් මහතා විසින් වර්ෂ 1980 මැයි මාසයේදීය.

සාර්ක් සංවිධානයට දකුණු ආසියානු සහයෝගිතා සංවිධානය ලෙසද හඳුන්වයි. බංගලිදේශයේ දී මෙම යෝජනාව මූලික වුවද, කොළඹ ක‍්‍රමය මෙන්, සාර්ක් සංවිධානයටත් මුල පිරුනේ කොළඹ දීය.

සාර්ක් සංවිධානය පිහිටුවීම පිළිබඳව මුල්ම රැස්වීම වර්ෂ 1981 අප්‍රේල් මස 21 දින සිට 23 දින දක්වා ශී‍්‍ර‍්‍ර ලංකාවේ කොළඹ දී පවත්වන ලදී. මෙම ප‍්‍රථම රැස්වීම සඳහා බංගලිදේශය, භූටානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශී‍්‍ර ලංකාව ද සහභාගි විය.

එම අවස්ථාවේදී මෙම කලාපයට බලපාන පොදු ප‍්‍රශ්න විසදීමේ අවශ්‍යතාවය රැස්වූ විදේශ ලේකම්වරුන් විසින් පිළිගන්නා ලද අතර කලාපීය සහයෝගිතාව වර්ධනය කර ගැනීම ගැන අංශ පහක් පිළිබඳව අවධානය යොමු කෙරුණි.

1. ඉන්දියාව - කාලගුණ විද්‍යාව
2. පාකිස්තානය - විදුලි සංදේශ
3. බංගලි දෙශය - කෘෂිකර්මාන්තය
4. ශී‍්‍ර ලංකාව - ග‍්‍රාමීය සංවර්ධනය
5. නේපාලය - ජනගහන සහ සෞඛ්‍ය කටයුතු


ලෙසින් වර්ග කෙරුණි.

ලොව වෙසෙන ජනගහනයෙන් තුනෙන් එකක් පමණ නියෝජනය කෙරෙන්නේ සාර්ක් සංවිධානයට අයිති රටවල් පහෙනි. එනම්, කෝටි සියයකට වැඩි ජන සංඛ්‍යාවක් මෙම රටවල් පහේ ජිවත් වෙති.

මුල්ම සාර්ක් රාජ්‍ය නායක හමුවක් පැවැත්වූයේ වර්ෂ 1985 දෙසැම්බර් මස බංගලිදේශයේ ඩැකා නගරයේදී වේ.

සාමාජික රටවල
- එකිනෙකාගේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම
- සමානාත්මතාවය
- බලය එකිනෙකාට පාවිච්චි නොකිරීම
- අභ්‍යන්තර රාජ්‍ය කටයුතු වලට මැදිහත් නොවීම
- ආරාවුල් සාමකාමීව විසඳා ගැනීම

වැනි උදාර අධිෂ්ඨාන මෙම සමුළුව සතු වේ.

මේ නිසා සාර්ක් රටවල දේශපාලන ප‍්‍රශ්න සහ දේශසීමා ප‍්‍රශ්න, ජාතිවාදී ප‍්‍රශ්න ද සාර්ථක ලෙස විසඳා ගැනීමට සාර්ක් සංවිධානයට ඇති ඉඩකඩ විශාල වේ.

සාර්ක් සංවිධානයේ සාමුහික තත්ත්වයට බලපෑ හැකි බාධක තුනක් පෙන්විය හැකිවේ.
1. කලාපීය රටවල දේශසීමා හරහා පැතිර යන ත‍්‍රස්තවාදය.
2. දේශසීමා නොතකා පැතිරී යන ජනවාර්ගික අර්බුදය.
3. සාර්ක් රටවල එකිනෙකා අතර පරස්පර වූ විදේශ ප‍්‍රතිපත්ති ආකල්ප

(c) Shilpa Sayura Foundation 2006-2017