සඤ්ඤක අක්ෂර අර්ධ අනුනාසික, නිරානුනාසික යන නම්වලින් ද හැඳින්වේ. සිංහල භාෂා ඉතිහාසයේ මධ්‍යතන සිංහල අවධියේ රචිත දම්පියා අටුවා ගැටපදය,සිඛවළඳවිනිස හෙරණසිඛ යන පොත්වල ද, සීගිරි ගී වල ද සඤ්ඤකය යෙදී ඇත. සිංහල භාෂාවට ආවේණික ශබ්ද සංකේත වශයෙන් ද සඤ්ඤක අක්ෂර සැළකෙයි.
සිංහලයේ සඤ්ඤක අකුරු 5ක් වෙයි. එනම් ඟ, ඦ, ඬ, ඳ, ඹ යන අක්ෂර 5යි. මෙම අක්ෂර 5 කිසිවිට හල්ව නොයෙදේ.
ගඟ, හොඬ, ඇඳ, අඹලෙස ඟ, ඬ, ඳ, ඹ බහුලව ව්‍යවහාරය තුළ යෙදුන ද "ඦ" අක්ෂරය යෙදෙන්නේ ඉතාමත් විරල වශයෙන් බව පෙනේ.
සිංහලයේ සඤ්ඤක ලක්ෂණය යොදනුයේ ග, ජ, ඩ, ද, බ යන අක්ෂර සමඟ පමණි. භාෂා ව්‍යවහාරය තුළ සඤ්ඤක අක්ෂර හා ඉහත අක්ෂර පංචකය විකල්ප වශයෙන් යෙදෙන අවස්ථා හමුවේ.