දියවැඩියාව
 

දියවැඩියා රෝගය යනු ශරීරයේ ග්ලූකෝස් (සීනි) පාලනය කිරීමේ දුර්වලතාවයක් නිසා ,රුධිරයේ සිනි මට්ටම සාමාන්‍යප්‍රමාණයට වඩා ඉහල ගිය විටදී ඇතිවන රෝග තත්වයකි.

දියවැඩියා රෝගයට හේතුව වන්නේ අප සිරුරේ අග්න්‍යශය මගින් නිපදවන ඉන්සියුලීන් (Insulin) හෝමෝනයක් ප්‍රධානව ශරීරයේ ඇති තවත් රසායනික ද්‍රව්‍ය කිහිපයකින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.

ඉන්සියුලීන් හෝමෝනය,පිෂ්ඨ ආහාර ජීර්ණයෙන් ලැබෙන ග්ලූකෝස් ආහාර මාර්ගයේ සිට පටක තුලට ඇතුලු වීම පහසු කරයි. මෙසේ සෛල තුලට ඇතුලු වන ග්ලූකෝස්, ශක්තිය බවට පත්කර මානසික හා කායික ක්‍රියා පවත්වාගෙන යෑමට උපකාරී වේ .යම් හෙයකින් ඉනිසියුලීන් ස්‍රාවය වීම අඩු වුව හොත්,රුධිරයේ ඇති සීනි,පටක හා සෛල තුලට ඇතුලු වීම අඩාල වේ.මෙවැනි අවස්ථාවකදී රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවන අතර සෛල වලට ග්ලූකෝස් අඩුවේ . එවිට මුත්‍රා සමග සීනි පිටවන අතර, පහවන මුත්‍රා ප්‍රමාණයද වැඩිවේ.රෝගියාට නිතර පිපාසය දැනෙන්නට පටන් ගැනීමේ දියවැඩියා රෝගියකුගේ ප්‍රථම රෝග ලක්ෂණයි.


දියවැඩියාවේ ප්‍රධාන වර්‍ගදෙකකි.

ඒවා පළමු සහ දෙවන වර්ගයේ දියවැඩියාව ලෙස හඳුන්වයි.

පළමු වර්ගයේ දියවැඩියාව සාමාන්‍යයෙන් 40 වැනිවිය ඉක්මවීමට පෙර ඇතිවන අතර ඉන්සියුලින් එන්නත, ආහාර සහ කායික ක්‍රියාකාරකම් මගින්ප්‍රතිකාරයන් සිදු කරනු ලබයි.

දෙවන වර්ගයේ දියවැඩියාව
වසර 25 ඉක්ම වූ ආසියාතියක්අතර බෙහෙවින්දැකගත හැකිවෙයි. මෙම තත්ත්වයද ආහාර පාලනය සහ ශාරීරික ක්‍රියාකාරකම් තුලින්පමණක්ම උවුද පාළනය කළ හැකිවෙයි.

එහෙත්ඇතැම් අයට ඖෂධ පෙති මෙන්ම ඉන්සියුලින් එන්නත් ප්‍රතිකාරයන්ද අවශ්‍ය වෙයි.

සමස්ත දියවැඩියා රෝගීන් අතරින්හතරෙන් තුනක්ම අයත්වන්නේ දෙවන වගයේදියවැඩියා කාණ්ඩයටය
පළමු වර්ගයේ දියවැඩියාව හඳුනා ගැනීම පහසුය.
දෙවන වර්ගයේ දියවැඩියාව රෝග ලක්‍ෂණ ප්‍රකට නොවී තිබිය හැකිවෙයි.

රෝග ලක්‍ෂණ
අධික පිපාසය
රාත්‍රී කාලයේ මුත්‍රා පහකිරීමේ අවශ්‍යතාවය
අධික විඩාපත්බව
ලිංගික අවයව වල ඇතිවන කැසීම හෝ සුද යෑම
සිරුරේ ඇතිවන තුවාල සුව වීමට කල්ගත වීම
පෙනීමේ අපැහැදිලිබව

දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා
හෘදයාබාධ
ස්නායුවලට හානි සිදුවීම
අන්ධබව
අත්පා අහිමි වීම
වකුගඩු දුබලවීම
අංශභාගය

දිය වැඩියාව හඳුනාගැනීමට වෛද්‍යවරයකු හමුවී රුධිරගත සීනි පරීක්‍ෂාවක් කළ යුතුය.

දියවැඩියාව සෑදීමට ඇති අවධානම

ප්‍රවේණිය හෙවත් ආරය,
තරබාරුව
වයස අවු. 40ට වඩා වැඩි වීම
ග්ලූකෝස් දැරීමේ හැකියාව බිඳ වැටුණුඅය වීම
අධි රුධිර පීඩනය හෝ රුධිරයේකොලෙස්ටරෝල් ප්‍රමාණය 160ml ට වඩා වැඩි අය
ගර්භිනී කළ දියවැඩියාවෙන්පෙළුනු කාන්තාවන්
බර වැඩි දරුවන් බිහිකළ කාන්තාවන්
ක්‍ෂණික ආහාර හා කෙටි ආහාර ගන්නා අය
කෑම වේල් මග හරින අය
නියමිත වේලාවට ආහාර නොගැනීම
යම් අයෙකුට දියවැඩියාව පවතින්නේදැයි දැනගැනීම සඳහා පරීක්‍ෂාවක් සිදුකරගැනීම වැදගත්වෙයි. පවුලේ සමීප ඥාතියකු හට එනම් දෙමාපියන් සහෝදර සහෝදරියන් හට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳී තිබීම .
මානසික රෝග හෝ පීඩන තත්ත්වයනට ලක්වීම
අධික දේහ බරක් පැවතීම,
කාන්තාවන්ගේ ඉන අඟල් 32ට වැඩ් වීම
පිරිමින්ගේ ඉන අඟල් 35ට වැඩ් වීම
අධි රුධිර පීඩණයෙන්පෙළිම
හෘදයාබාධ හෝ අංශභාග රෝග තත්ත්වයන් පැවතීම.

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවීමත්, දේහ බර අඩුකරගැනීමත්, ක්‍රියාශීලී දිවිපෙවෙතක් ගතකිරීමත් තුලින් ඉදිරියේදී දියවැඩියාව ඇතිවීමේ අවදානමෙන් අත්මිදිය හැකිවෙයි.

ආහාර වලින් දියවැඩියාව පාලනයට
කෙදි බහුල ආහාර ගන්න.
කුරක්කන් පිටි හා ඉන් සාදාගනු ලබන ආහාර ගන්න
සුදු හාල් වෙනුවට කැකුළු සහල් ආහාරයට ගන්න
එළවලු හා සලාද වැඩිපුර ආහාරයට ගන්න.
මේද ආහාර හෝ තෙල් සහිත ආහාර අඩු කරන්න.
දිනකට වරක් හෝ දෙවරක් අලුත් පලතුරු කෑමට ගන්න.

අවධානම මග හැරීම
ආහාර වේල්වලට අමතරව අතරමගදී හිතු මනාපයට ඉවත්බවක් නොමැතිව ආහාර නොගන්න .
ව්‍යායාම කරන වේගය හා කාලය ක්‍රම ක්‍රමයෙන් දිනෙන් දින වැඩි කරන්න .
ශරීර ශක්තිය සම්පූණයෙන්ම නැතිවී යනතුරුම අධික ලෙස ව්‍යායාම නොකරන්න.
නිරාහාරව රුධිර ග්ලූකෝස් ප්‍රමාණය ඩෙසි ලීටරයකට මිලි ග්රෑම් 300ට වඩිනම් හෝ මුත්‍රාවල කීටෝන දක්නට ලැබේනම් ව්‍යායාම කිරීම සුදුසු නැත .
සතියකට තුන්වරක් විනාඩි 30කට වැඩි කාලයක් ව්‍යායාම කරන්න.
දියවැඩියාව නිට්ටාවටම සුවකළ නොහැක, එහෙත් මනා සේ පාළනය කළ හැක.
ප්‍රථිකාර අරඹා ටික දිනකින්රෝග ලක්‍ෂණ පහව යයි.
එය කෙනෙකුගෙන් තවත්කෙනෙකුට බෝ නොවේ.
දියවැඩියා රෝගියෙකුට මිය යන තුරාම දියවැඩියාවත්සමග ජීවත්වීමට පුරුදු පුහුණුවිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017