හෘදය උරස් කුහරයේ උදරීයව, වම් පසට ආනතව, පෙණහළු දෙක අතර, වම් පෙණහැල්ලේ අවපාතයක් තුළ පිහිටන අතර ස්කන්ධය ග්‍රෑම් 250 - 300 අතර අගයක් ගනී.
යම් පුද්ගලයෙකුගේ හෘදයේ පරිමාව ඒ පුද්ගලයා අත මිට මෙළවූ විට ලැබෙන පරිමාවට සමාන අගයක් ගනී.
හෘදය හා සම්බන්ධ කුටීර හතරක් ඇත.
වම් හා දකුණු කර්ණිකා
වම් හා දකුණු කෝෂිකා
හෘදයේ ධමනි සහ ශිරා
කිරිටක ධමනි
හෘද පේශීන් වෙතට අඛණ්ඩව රුධිරය සැපයීම සිදුකරයි. අඩසඳ කපාට වලට පිටුපසින් හෘදයට විවෘත වේ. හෘදයේ ඇති ඔක්සිජනීහෘත රුධිරය එකතු කර අපර මහා ශිරාවට එක් කිරීමටද ශිරා දෙකක් පිහිටයි.
පුප්පුශීය ශිරා
වම් කර්ණිකාවට පෙණහළු දෙක මගින් පුප්පුශීය ශිරා 4 ක් විවෘත වේ. පෙණහළු වෙත ගොස් ඔක්සිජනීකෘත වූ රුධිරය වම් කර්ණිකාව වෙත ගෙන ඒම සිදු කරනු ලබයි.
සමස්ථානික මහා ධමනිය
වම් කෝෂිකාවෙන් සමස්ථානික ධමනිය පැණ නගී. හෘදයෙන් පිටතට පැමිණ වම් පසට වක්‍ර වී මධ්‍ය පෘෂ්ඨිය රේඛාව ඔස්සේ පහළට දිවේ. දේහයේ විවිධ අවයවයන් වෙත ඔක්සිජනීකෘත රුධිරය සපයයි.
උත්තර/අපර මහ ශිරාව
දේහයේ විවධ ඉන්ද්‍රීයන්ගේ ඔක්සිජනීහෘත රුධිරය දකුණු කර්ණිකාව වෙත ගෙන එයි. උත්තර මහ ශිරාවෙන් හෘදයට ඉහළින් ඇති ඉන්ද්‍රීයන්ගේ ඔක්සිජනීහෘත රුධිරය ගෙන එන අතර අපර මහ ශිරාවෙන් හෘදයට පහළින් ඇති ඉන්ද්‍රීයන්ගේ ඔක්සිජනීහෘත රුධිරය ගෙන එයි.
පුප්පුශීය ධමනිය
දකුණු කෝෂිකාවේ සිට ඔක්සිජනීහෘත රුධිරය පෙණහළු වෙත රැගෙන යාම සිදු කරනු ලබයි. වම් හා දකුණු පුප්පුශීය ධමනි දෙකකට බෙදී පවතී.
හෘදයේ කපාට
ත්‍රීතුණ්ඩ කපාටය
දකුණු කර්ණිකාව තුළ ඇති රුධිරය දකුණු කෝෂිකාව තුළට ගිය පසු නැවතත් කර්ණිකා තුළට පැමිණීම වැළැක්වීම සිදු කරයි. දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර පිහිටයි.
ද්විතුණ්ඩ කපාටය
වම් කර්ණිකාව තුළ ඇති රුධිරය වම් කෝෂිකාව තුළට ගිය පසු නැවතත් කර්ණිකා තුළට පැමිණීම වැළැක්වීම සිදු කරයි. වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර පිහිටයි.
අඩසඳ කපාටය
පුප්පුශීය ධමනි තුළට රුධිරය ඇතුළු වූ පසු එය නැවත කෝෂිකාවට ඇතුළු වීම වැළැක්වීමත්, වම් කෝෂිකාවේ සිට රුධිරය සමස්ථානික මහා ධමනියට ඇතුළු වූ පසු නැවතත් වම් කෝෂිකාව තුළට ඇතුළු වීම වැළැක්වීමත් සිදුකරයි.