පුප්පුශීය ධමනිය හැර අන් සියළුම ධමනි මගින් ඔක්සිජනීකෘත රුධිරය දේහය පුරා පරිවහනය කිරීම සිදු කරයි. රතු පාටින් දක්වා ඇති ධමනි වලින් ශරීරයේ විවිධ ස්ථාන වලට පිරිසිදු රුධිරය හෘද වස්තුවෙන් ගලා යයි.
සමස්ථානික මහා ධමනිය මතින් බොහොමයක් ධමනීන් පැණ නගී.
සමස්ථානික වක්‍රය මතින් දකුණුපස පොදු බාහු ශීර්ෂ පෝෂී ධමනිය හටගන්නා අතර, වම් පසින් වම් අධෝක්ෂ ධමනිය හා වම් පොදු ශීර්ෂ පෝෂී ධමනිය වෙන වෙනම හට ගනී.
දකුණු පොදු බාහු ශීර්ෂ පෝෂී ධමනිය මතින් දකුණු අධෝක්ෂ ධමනියත් දකුණු පොදු ශීර්ෂ පෝෂී ධමනියත් හට ගනී.
වම් පොදු ශීර්ෂ පෝෂී ධමනිය මතින් බාහිර ශීර්ෂ පෝෂී ධමනිය හා අභ්‍යන්තර ශීර්ෂ පෝෂී ධමනිය පැණ නගී.
සමස්ථානික ධමනිය වක්‍ර වී තනන අවරෝහණ මහා ධමනිය මතින් ස්වරාලික ධමනිය, අන්නස්‍රෝතීය ධමනිය, ප්රජනනේන්ද්රීය ධමනි, අන්තර් පර්ශුක ධමනි, යාකෘතික ධමනි, වෘක්කීය ධමනි, සිලියැක් ධමනි, අතුනුබහන් ධමනි, ජඝන ධමනි පැන නගී.
ධමනි
ශීර්ෂ පෝෂී ධමනිය හිසෙහි ඇති ඉන්ද්‍රීයන් වලට රුධිරය සපයයි
අධෝක්ෂ ධමනිය උත්තර ගාත්‍ර වලට රුධිරය සපයයි
පුප්ඵුශීය ධමනිය හෘදයේ සිට ඔක්සිජනීහෘත රුධිරය පෙණහළු වෙත ගෙනයයි
සමස්ථානික මහා ධමනිය හෘදයේ සිට ඔක්සිජනීකෘත රුධිරය සිරුර පුරා පරිවහනය කරයි
යාකෘතික ධමනි අක්මාවට රුධිරය සපයයි
ආමාශයික ධමනිය ආහාර මාර්ග පෙදෙසට රුධිරය සපයයි
කටී ධමනිය බඳ පෙදෙසට රුධිරය සපයයි
වෘක්කීය ධමනි වකුගඩු වලට රුධිරය සපයයි
ප්‍රජනක ධමනි ප්‍රජනක ඉන්ද්රීයට රුධිරය සපයයි
ජඝන ධමනි අධර ගාත්‍ර පෙදෙසට රුධිරය සපයයි