යෝනි මාර්ගය
 

ගර්භාෂය පිටතට සම්බන්ධ වන පේශිමය නාලය, යෝනි මාර්ගයයි.
කෙරටිනීභවනය නොවූ ශල්කමය අපිච්ඡදයකින් මෙය සමන්විත වේ.

අංශක 45 ක පමණ උත්තර සහ අපර දෙසට ආනතියක් ඇත.

යෝනි මාර්ග විවරය දෙපස ඇතුළතින් කුඩා තොල් යුගලක්ද, පිටතින් මහා තොල් යුගලක්ද පිහිටයි. සංසර්ගයේදී ශුක්‍රාණු ගමන් ගන්නා මාර්ගය ලෙස ක්‍රියා කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017