ගර්භාෂය කුහරමය අවයවයකි.
ගර්භාෂයේ කලාප තුනක් ඇත.
බුද්නය - පැලෝපීය නාල විවෘත වන ඉහළ කලාපයයි.
දේහය - මධ්‍ය කලාපයයි.
ග්රීවය - යෝනි මාර්ගය සමඟ සම්බන්ධ වන ප්රදේශයයි.
ගර්භාෂ බිත්තිය
ගර්භාෂ බිත්තිය ස්ථර තුනකි.
පෙරිමෙට්‍රියම පිටතම තුනී ස්ථරයයි.
මිසොමෙට්රියම ඝනකමින් වැඩිම ස්ථරයයි.
මධ්‍ය සිනිඳු පේශි ස්ථරයයි.
එන්ඩොමෙට්‍රියම ඇතුළත කලාපයයි.
ස්ථම්භික අපිච්ඡදයෙන් ආස්ථරණය වී ඇත.
පැලෝපීය නාල
ගර්භාෂය සමඟ සම්බන්ධ නාල යුගලය ගර්භාෂයික නාල හෙවත් පැලෝපීය නාල ලෙස හැඳින්වේ.
මෙහි අවිදුර කෙළවර නිදහස්ය. දේහ කුහරයට විවෘත වේ.
නිදහස් කෙළවර ප්‍රසර සහිතය. කුහරමය වේ. පක්ෂ්මධර අපිච්ඡදයකින් ආස්ථරණය වී ඇත.
ගර්භාෂය සමඟ සම්බන්ධ නාල යුගලය ගර්භාෂයික නාල හෙවත් පැලෝපීය නාල ලෙස හැඳින්වේ.
මෙහි අවිදුර කෙළවර නිදහස්ය. දේහ කුහරයට විවෘත වේ.
නිදහස් කෙළවර ප්‍රසර සහිතය. කුහරමය වේ. පක්ෂ්මධර අපිච්ඡදයකින් ආස්ථරණය වී ඇත.
කාර්යය
අධිරෝපණ ස්ථානය ලෙස
කලලය ආරක්ෂා කිරීම
කලල බන්ධය සෑදීමට දායක වීම
භ්රෑණය බිහිවීමට ආධාර වීම