කලල අවධියේදී වෘෂණ යුගල උදර කුහරය තුළ පිහිටයි. උපතට පෙර දේහයෙන් බාහිරව වෘෂණ කෝෂ තුළ පිහිටයි.
වෘෂණ කෝෂයක් තන්තු, සම්බන්ධක පටක සහ සිනිඳු පේශි වලින් සෑදී වර්ණක සහිත සමෙන් ආවරණය වී ඇත.
ජන්මාණු නිපදවීම සඳහා ශරීර උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වන බැවින් වෘෂණ බාහිරව පිහිටීම සරු භාවයට අවශ්‍ය වේ.
වෘෂණයක් වෘෂණ අනුඛණ්ඩිකා 200-300 කින් පමණ සමන්විත වේ.
ශුක්‍රාණු නිපදවීම පාලනය කරන්නේ පූර්ව පිටියුටරිය මගින් නිපදවන FSH හෝමෝනය මගිනි.
වෘෂණ ශුක්රධර නාලිකා වල ජනක අපිච්ඡදය මගින් ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලිය ශුක්‍රාණුජනනය නම් වේ.