මුත්‍රා මාර්ගය
 

මුත්‍රා මාර්ගය නාලයක් වේ. මුත්‍රා දේහයෙන් බැහැර කිරීමට දායකවේ.
එහි බිත්තිය ශ්ලේශ්මල ස්ථරයකින් මායිම් වී ඇති අතරම ඝන පේශි ස්ථරයක්ද පිහිටා ඇත. එහි ශ්ලේෂ්මල ග්‍රන්ථි විශාල වශයෙන් පිහිටන අතර ඒවා මුත්‍රා මාර්ග ග්‍රන්ථි වශයෙන් හැඳින්වේ. එමගින් මුත්‍රා මාර්ගයට ශ්ලේෂ්මල ශ්‍රාවය කරවයි.

ස්ත්‍රී මුත්‍රා මාර්ගය
ස්ත්‍රීන්ගේ මුත්‍රාශය කෙළින්ම මුත්‍රා මාර්ගයට විවෘත වේ.
ස්ත්‍රී මුත්‍රා මාර්ගය සෙ.මී. 4 පමණ දිග එකකි.
එය බාහිර මුත්‍රා විවරයකින් පිටතට විවෘත වේ.

පුරුෂ මුත්‍රා මාර්ගය
පුරුෂ මුත්‍රා මාර්ගය ශුක්‍රාණු පහ කිරීමට මෙන්ම මුත්‍රා පහ කිරීමටද දායක වේ. ආරම්භයේදී මෙයට ශුක්‍ර නාලය විවෘත වන අතර අවසාන කොටස ශිශ්නය තුළින් ගමන් කරයි.



මුත්‍රා මාර්ගය ප්‍රධාන ප්‍රදේශ 3 කට බෙදා දැක්විය හැක.

පුරස්ථ මුත්‍රා මාර්ගය සෙ.මී. 2.5 ක් පමණ දිගය. පුරස්ථ ග්‍රන්ථිය ඔස්සේ මුත්‍රා පරිවහනය කෙරේ.

පටලමය මුත්‍රා මාර්ගය සෙ.මී. 2 ක් පමණ දිගය. පුරස්ථ ග්‍රන්ථියට පහළින් පිහිටා ඇත.

ශිශ්න මුත්‍රා මාර්ගය සෙ.මී. 1.5 ක් පමණ දිගය. එය බාහිර මුත්‍රා විවරයෙන් විවෘත වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017