වෘක්ක
 

වෘක්ක රතු දුඹුරු වර්ණයක් උසුලන අතර බෝංචි බීජ හැඩැති සිනිඳු පෘෂ්ඨයක් සහිත ඉන්ද්‍රීයක් වේ. සෙ.මී. 12 ක දිගින් යුක්ත වන අතර සෙ.මී. 6 ක පළලකින් යුක්ත වේ. වැඩිහිටියන්ගේ එය සෙ.මී. 3 ක් ඝනකම් වේ. වෘක්ක ඝන තන්තුමය පටකයක් මගින් මතුපිටින් ආස්තරණය වී ඇත.

උදර කුහරයේ අපර පැත්තේ කශේරුකා දෙපස වෘක්ක යුගල පිහිටා ඇත. ඉහළ හා පහළ දාරයන් 12 වන උරස් කශේරුකා හා 3 වන කශේරුකා මට්ටමේ පිහිටා ඇත. වම් වෘක්කය දකණු වෘක්කයට වඩා සෙ.මී. 1.5 - 2 පමණ ප්‍රමාණයක් ඉහළින් පිහිටයි.

වෘක්ක අභ්‍යන්තරය
වෘක්ක වල පාර්ශ්වික පැත්ත උත්තල ස්වරූපයක් උසුලන අතර මධ්‍ය පෙදෙස අවපාතයක් ලෙස පිහිටයි. එය වෘක්ක කෝඨරකය වශයෙන් හැඳින්වේ. එය ඔස්සේ වෘක්ක වලටත් වෘක්ක වලින් පිටතටත් රුධිර වාහිනී, ස්නායු, වසා වාහිනී හා මුත්‍රා වාහිනිය ගමන් ගනී.

 


මුත්‍රා වාහිනියේ ආරම්භක ස්ථානය පළල් වූ පුනීලාකාර හැඩයක් ගනු ලබන අතර එය වෘක්ක ශ්‍රෝණිය වශයෙන් හැඳින්වේ. ශ්‍රෝණිය තවදුරටත් නාල දෙකකට හෝ තුනකට අතු බෙදී ඇති අතර, ඒවා මණිය වශයෙන් හැඳින්වේ. ඒවා නැවතත් නාල 8 ත් 14 ත් අතර ප්‍රමාණයකට බෙදී ඇති අතර කුඩා මණිය වශයෙන් හැඳින්වේ.

වෘක්ක වල ක්‍රියාකාරිත්වය
වෘක්ක මගින් ප්‍රධාන වශයෙන්ම සිදුකරන්නේ බහිස්‍රාවී ද්‍රව්‍ය දේහයෙන් ඉවත් කිරීමයි. එමෙන්ම වෘක්ක මගින් ප්‍රධාන සමස්ථිතික ක්‍රියා කීපයක්ම පාලනය වන අතර රුධිරයේ රතු රුධිරාණු සංඛ්‍යාව පාලනය කීරීම, රතු රුධිරාණු නිපදවීම සඳහා එරිත්‍රොපොයිටීන් හෝමෝනය නිපදවීම, රෙනින් හොමෝනය ශ්‍රාවය කර රුධිර පීඩනය පාලනය, දේහ තරලයේ pH පාලනය, තරල පරිමාව හා සංඝටක පාලනය
යන ක්‍රියා මගින් මුත්‍රා නිපදවීමේ සංකීර්ණ යාන්ත්‍රණයක් වෘක්ක තුළ ක්‍රියාත්මක වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017