මුත්‍රා වාහිනී
 

මුත්‍රා වාහිනී
සෙ.මි. 25 ක් පමණ දිග නාලයක් වන අතර එය වෘක්ක ශ්‍රෝණිය අසලදී පුනීලාකාර ස්වරූපයක් උසුලයි.
මුත්‍රා වාහිනී කශේරුවට සමාන්තරව පහළට විහිදී මුත්‍රාශය සමග සම්බන්ධ වේ.


වෘක්ක ශ්‍රෝණිය මුත්‍රා වලින් පිරුණු පසුව වාහිනි වල සිනිඳු මුත්‍රා පේශි ස්ථරයේ ඇති වන ක්‍රමාකුංචන චලනයන්, මුත්‍රා මුත්‍රාශය වෙත ගෙන ඒම සිදුකරනු ලබයි. මුත්‍රා වාහිනී ස්ථර තුනකින් ආස්තරණය වී ඇත.

අභ්‍යන්තර ස්ථරය සංක්‍රාන්ති අපිච්ඡදයකි, ශ්ලේෂ්මල ස්ථරයකි.

මධ්‍ය ස්ථරය පේශිමය ස්ථරයකි, අන්වායාම හා වෘත්තාකාර පේශි ඇත

බාහිර ස්ථරය තන්තුමය සම්බන්ධක පටක ස්ථරයකි

(c) Shilpa Sayura Foundation 2006-2017