මුත්‍රාශය කුහරමය පේශිමය ව්‍යුහයකි. එය ශ්‍රෝණි කුහරය තුළ භාගාස්ථි - කුකුන්දරාස්ථි යෝගයට ඉදිරියෙන් පිහිටා ඇත. මෙය යම් ප්‍රමාණයකට ගෝලමය ඉන්ද්‍රීයක් වේ. මුත්‍රාශයේ පහළ කොටසේ අභ්‍යන්තරව ත්‍රිකෝණාකාර ව්‍යුහයක් පිහිටයි. අපරව ඇති විවෘත වීම් දෙක මුත්‍රවාහිනී තුළට වේ. පූර්වව ඇති විවෘත වීම පුනීලාකාර වූ මුත්‍ර මාර්ගය තුළට සිදුවේ.
මුත්‍රාශ බිත්ති ස්ථර
මුත්‍රාශ බිත්තිය ස්ථර 4 කින් සමන්විත වෙයි.
ශ්ලේෂ්මල ස්ථරය - අභ්‍යන්තරයෙන්ම පිහිටයි
අධඃශ්ලේෂ්මල ස්ථරය - ශ්ලේෂ්මල ස්ථරයට පිටතින් පිහිටයි
පේශිමය ස්ථරය - අධඃශ්ලේෂ්මල ස්ථරයට පිටතින් පිහිටයි
මස්තු පටලය - පිටතින්ම පිහිටයි
මුත්‍රා පහ කිරිම
මුත්‍රා වලින් මුත්‍රාශය පිරී ගිය පසු මුත්‍රාශයේ පේශිමය ස්ථරය සංකෝචනය අරඹයි. එයට අනුව උදරීය පේශීන් හා ශ්‍රෝණි පේශීන් සංකෝචනය අරඹයි. එමෙන්ම බාහිර මුත්‍රා වක්‍ර පිධානය ළිහිල් වීම සිදුවේ. මුත්‍රා පිටකිරීම පිළිබඳ ප්රතික චාප ඇති කරවීමට මධ්‍යස්ථානයක් සුෂුම්නාවේ කටී ප්‍රදේශයේ පිහිටා ඇත. එය සංවේදී ආවේගයන් මගින් උත්තේජනය වූ පසු ප්‍රත්‍යානුවේගී චාලක නියුරෝන හරහා මුත්‍රාශයේ පේශිමය චෝලය සංකෝචනය සඳහා උද්දීපනය කරවයි.
මුත්‍රාශයේ මි.ලී. 600 මුත්‍රා ප්‍රමාණයක් රැඳවිය හැකි වුවද මි.ලී. 300 එය පිරුණු පසු මුත්‍රා පිටකිරීම උත්තේජනය වේ. සාමාන්‍යයෙන් තබාගන්නේ මි.ලී. 150 කි.