පිත්තාශය
 

පිත්තාශය පෙයාස් ගෙඩියක හැඩැති මඩියාකාර ව්‍යුහයක් වන අතර කොටස් තුනකින් සමන්විත වේ.


බුද්නය
දේහය
ගෙල

අක්මාවේ පිටුපස අවපාතයක් තුළ පිහිටා ඇත. එහි ධාරිතාව මිලි ලීටර් 30-50 පමණ වේ. ස්ථම්භික අපිච්ඡදයක් මගින් මායිම් වී ඇති අතර එහි බිත්තිය ශක්තිමත් පේශි ස්ථර දරයි. පිත්ත ප්‍රනාල, ඝනාකාර අපිච්ඡදයක් මගින් මායිම් වී ඇත.


පිත් යුෂ
පිත්තාශයේ සිට පොදු පිත්ත ප්‍රණාලයක් මගින් පිත් යුෂ අග්න්‍යාශයට විවෘත වේ. ලිපිඩ තෛලෝදකරණය එහි ප්‍රධාන කාර්යයයි. ස්වාරක්ෂක ක්‍රියාව සහ මල ද්‍රව්‍ය වලට වර්ණයක් ලබා දීමද මෙමගින් සිදුවේ. පිත්තාශයට අක්මාවේ සිට පිත්ත නාලය විවෘත වන ස්ථානයන් වක්‍ර පිධාන පේශියක් මගින් පාලනය කෙරේ. පිත්තාශය තුළදී සමහර තත්ත්වයන් යටතේදී පිත්යුෂයේ ඇති කොලෙස්ටෙරෝල් අවක්ෂේපණය වී පිත්ත ගල් ඇති වීම සිදුවේ.

පිත් යුෂෙහි සංයුතිය
මෙම තරලය කහ, කොළ වර්ණයක් ගන්නා අතර, අක්මා සෛල මගින් ශ්‍රාවය කෙරේ. එහි ජලයට අමතරව පිත් ලවණ, පිත් වර්ණක, කොලෙස්ටෙරෝල් යානාදිය ඇත. පිත් වර්ණක ලෙස පිහිටන්නේ රතු රුධිරාණු බිඳ හෙළීමෙන් ඇති වන බිලිරුබීන්, බිලිවර්ඞීන් වේ.
පිත් ලවණ ලෙස බහුලවම බයිකාබනේට අයන පිහිටයි.

(c) Shilpa Sayura Foundation 2006-2017