මහා අන්ත්‍රය
 

මහා අන්ත්‍රය කුඩා අන්ත්‍රයට වඩා වැඩි විෂ්කම්භයක් සහිත නාලාකාර පෙදෙසකි. එය මීටර් 1.5 පමණ දිගින් යුක්ත වන අතර ප්‍රධාන වශයෙන් ජලය අවශෝෂණය සඳහා දායක වේ.



එමෙන්ම මලපහ කරන තුරු මල ගබඩා කිරීමද සිදුකෙරේ.
මහාන්ත්‍රයේ ආරම්භය අන්ද්‍රස පෙදෙසකින් සිදු වන අතර එය මඩියාකාර පෙදෙසක් වේ.

එය උණ්ඩුක පුච්ඡයකට විවෘත වේ. උණ්ඩුක පුච්ඡයේ කිසිම ජීරක ක්‍රියාවලියක් සිදු නොවන අතර එහි ඇති වසා පටක මගින් විෂබීජ විනාශ කිරීමක් දක්වයි.

මහා අන්ත්‍රයේ කලාප
මහාන්ත්‍රය ප්‍රධාන වශයෙන් කලාප හතරකට බෙදිය හැක.
ආරෝහණ බාහුව
තිරස් බාහුව
අවරෝහණ බාහුව
සිග්මාකාර කොටස

සිග්මාකාර කොටස ගුද මාර්ගයට විවෘත වේ. ගුද මාර්ගයට සෙ.මී. 5 පමණ දිගය. එය ගුදයකින් බාහිරයට විවෘත වේ.

මහා අන්ත්‍රයේ අභ්‍යන්තරය
මහාන්ත්‍රයේ අභ්‍යන්තර පෘෂ්ඨයේ නාලාකාර ග්‍රන්ථි විශාල ලෙස පිහිටයි. එම ග්‍රන්ථීන් බොහෝ දුරට ක්ෂුද්‍රාන්ත්‍රයේ පිහිටි ග්‍රන්ථීන්ට සමානය. ඒවා ප්‍රධාන වශයෙන් ශ්ලේෂ්මල ශ්‍රාවය සිදුකරයි.
එමෙන්ම එම තරලය මහාන්ත්‍රයේ pH අගය පාලනයටද දායක වේ.
මහාන්ත්‍රයට පැමිණෙන ජලයෙන් 90% පමණ නැවත අවශෝෂණය කර ගැනේ.

(c) Shilpa Sayura Foundation 2006-2017