කුඩා අන්ත්රය නාලාකාර ව්‍යුහයක් වන අතර , ආමාශයේ ආලාර නාලයෙන් ඔබ්බට මෙය පිහිටයි. දිග මීටර් 5.5 - 6 දිගින් යුක්ත වේ. ආහාර ජීර්ණය අවසන් වන ස්ථානය මෙන්ම ආහාර ජීර්ණයේ අවසන් ඵල අවශෝෂණය වන ස්ථානයද මෙය වේ.
කුඩා අන්ත්‍රයේ කොටස් ප්‍රධාන කලාප තුනකට බෙදා දැක්විය හැකිය.
ග්රහනිය
ශුන්යන්ත්රිකය
ශේෂාන්ත්රිකය
ග්රහනිය C හැඩැති ප්‍රදේශයක් වන අතර සෙ.මී. 25 පමණ දිගකින් යුක්තය. සෙ.මී. 5 පමණ විෂ්කම්භයක් සහිතය. මෙහි පටකීය ස්වභාවය කශේරුක ආහාර මාර්ගයට බොහෝ සෙයින් සමාන වන අතර, ප්‍රධාන පටක ස්ථර වන මස්තු පටලය, පේශිමය චෝලය, අධඃශ්ලේෂ්මලකය හා ශ්ලේෂ්මලකය පිහිටයි. ශුන්යන්ත්රිකය සහ ශේෂාන්ත්රිකය පැහැදිලිව හඳුනා ගත හැකි වෙනස්කම් නොපෙන්වයි.
කුඩා අන්ත්‍රයේ ශ්‍රාවයන්
අපිච්ඡද සෛල මගින් ජීරක එන්සයිම ශ්‍රාවය කෙරෙන අතර එම එන්සයිම මගින් ආහාර, අවශෝෂණය සඳහා ඉතාමත්ම සරල ද්‍රව්‍ය බවට පත්කෙරේ. ආන්ත්රික යුෂයේ එන්සයිම වර්ගත් එයින් සිදු කරනු ලබන ක්‍රියාවලියත් පහත දැක්වේ.
එන්සයිමය ක්‍රියාව
පෙප්ටයිඬේස් : පොලිපෙප්ටයිඩ --- ඇමයිනෝ අම්ල
සුක්රේස් : ඩයිසැකරයිඩ --- මොනොසැකරයිඩ
සුක්රෝස් : ග්ලූකෝස් + පෘක්ටෝස්
මෝල්ටේස් : මෝල්ටෝස් --- ග්ලූකෝස් + ග්ලූකෝස්
ලැක්ටේස් : ලැක්ටෝස් --- ග්ලූකෝස් + ගැලැක්ටෝස්
ආන්ත්රික ලයිපේස : ලිපිඩ --- මේද අම්ල + ග්ලිසරෝල්
ආහාර අවශෝෂණය
ආහාර අවශෝෂණය සම්පූර්ණයෙන්ම සිදු වන්නේ අන්ත්රයේදීය.
අංගුලිකාවල ඇති පයෝලස නාලිකා මගින් මේද අම්ල හා ග්ලිසරෝල් අවශෝෂණය කරයි.
එහිදී රුධිර නාලිකා මගින් කෙළින්ම ග්ලූකෝස් හා ඇමයිනෝ අම්ල අවශෝෂණය කෙරේ.
පයෝලස නාලිකාවට ඇතුළු වන මේද අම්ල හා ග්ලිසරෝල් වසා පද්ධතිය ඔස්සේ සංසරණ පද්ධතියට ඇතුල් වේ. ග්ලූකෝස් හා ඇමයිනෝ අම්ල යාකෘතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ අක්මාවට විවෘත වී, පසුව රුධිර සංසරණ පද්ධතියට එකතු වී දේහය පුරා බෙදා හරී. එමගින් පර්ශු සීඝ්රයෙන් පහලට තල්ලූ කෙරේ.