අග්න්‍යාශය
 

අග්න්‍යාශයබහිරාසර්ග මෙන්ම අන්තරාසර්ගී ග්‍රන්ථියක් වශයෙන් ක්‍රියා කරයි. බහිරාසර්ගී ස්‍රාවය තුළ ජීරක එන්සයිම අන්තර්ගත වේ.


අග්න්‍යාශයික යුෂය ග්‍රහනිය තුළට විවෘත වීම සිදුවේ. අග්න්‍යාශය ග්‍රහනි පුඩුවේ පිහිටා ඇත. අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය කරනු ලබන සෛල විශාල වශයෙන් අග්න්‍යාශයේ පිහිටා ඇති අතර ඒ ශ්‍රාවී සෛල වලින් ආරම්භ වන කුඩා නාල එකට එක්වී සෙක්‍රටීන් අග්න්‍යාශයික ප්‍රණාලය තනයි.
මේ ප්‍රනාලය ග්‍රහනියට කෙලින්ම විවෘත නොවී පිත්ත ප්‍රණාලයත් සමග එක්වී පොදු අග්න්‍යාශයික පිත්ත ප්‍රණාලයක් වශයෙන් ග්‍රහනියට විවෘත වේ.


අග්න්‍යාශයික යුෂය
මෙහි ප්‍රෝටීන, ලිපිඩ, න්‍යාෂ්ඨික අම්ල හා ජීරක එන්සයිම අන්තර්ගත වේ. එම එන්සයිම හා එහි ක්‍රියාකාරීත්වය පහත දැක්වේ.

ඇමයිලේස් - පිෂ්ඨය → ඩයිසැකරයිඩ
ලිපේස (අග්න්‍යාශයික) - ලිපිඩ → මේද අම්ල හා ග්ලිසරෝල්
ට්‍රිප්සින්

කයිමොට්‍රිප්සන් (ප්‍රෝටීනයන්ගේ ඇමයිනෝ අම්ල අතර බන්ධන බිඳ හෙලීම)

කාබොක්සි පෙප්ටීඩේස්
පිත් යුෂයේ ඇති බයිකාබනේට අයන මගින් අග්න්‍යාශයික යුෂය භාෂ්මික තත්වයක පවත්වා ගනී. එය අග්න්‍යාශයික එන්සයිම ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වේ.

එමෙන්ම එමගින් ග්‍රහනි බිත්තිය මත ආමාශික පේප්සින් වලින් සිදුවන ක්‍රියාව නවතාලයි.

අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය

අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය ස්නායු හෝ හෝමෝන මගින් පාලනය වේ.
ප්‍රත්‍යානුවේගී ස්නායු ආවේගයන් මගින් අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය උත්තේජනය වේ. එමෙන්ම, ආමලසය ග්‍රහනියට පැමිණි වහාමද අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය උත්තේජනය වේ.
ඒ ක්‍රියාවලිය උත්තේජනය සඳහා සෙක්‍රටීන් හෝමෝනය දායක වේ. එය ග්‍රහනියේ ශ්ලේෂ්මල පටලය මගින් නිපදවේ.එය නිපදවීම උත්තේජනය වන්නේ ආමලසයේ ආම්ලික භාවය නිසාය.
අන්ත්‍රය මගින් ආහාරය ග්‍රහනියට පැමිණි පසු කොලිසිස්ටොකයිනීන් හෝමෝනය නිදහස් කරවීම මගින්ද අග්න්‍යාශයික යුෂ ශ්‍රාවය වේගවත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017