අක්මාව උදර කුහරයේ මධ්‍යස්ථව, ප්‍රාචීරයට පහලින් අක්මාව පිහිටා ඇත. එය ආංශිකව පර්ශු මගින් වටකෙරේ. එය පස් වන අන්තර් පර්ශුක මට්ටම දක්වා විහිදී පවතී. අක්මාව රතු දුඹුරු වර්ණයෙන් යුක්ත වේ. උදර කුහරය තුළ හමුවන විශාලතම ඉන්ද්‍රීය වන අතර රාත්තල් තුනත් පහත් අතර බරකින් යුක්ත වේ.
අක්මාවේ ඛණ්ඩිකා
වම්, දකුණු, චතුරස්‍ර හා සපුච්ඡ වශයෙන් ඛණ්ඩිකා හතරකි.
වම් හා දකුණු ඛණ්ඩිකා ඉදිරියෙන් පිහිටා ඇති අතර චතුරස්‍ර හා සපුච්ඡ ඛණ්ඩිකා පිටුපසින් පිහිටයි. අක්මාව ෂඩාශ්රාකාර අනුඛණ්ඩිකා වලින් තැනී ඇත. සෑම අනුඛණ්ඩිකාවකම මධ්‍යයේ මධ්‍ය ශිරාවක් හෙවත් අනුඛණ්ඩික ශිරාවක් පිහිටයි. මධ්‍ය ශිරා එක් වී යාකෘතික ශිරාව තනයි. මධ්‍ය ශිරාවේ සිට ඝනාකාර හැඩැති අක්මා සෛල ස්ථම්භ හෙවත් පේළි යුගල් අරීය ලෙස විහිදී ඇති බව සෑම අනුඛණ්ඩිකාවකින්ම පැහැදිලි වේ. අනුඛණ්ඩිකා තුළ වසා වාහිණී සහිත පටක ඇත.
පිත්ත නාලිකා
අක්මා සෛල වෙන් කරමින් පිහිටන අක්මා සෛල ස්ථම්භ අතර පිත්ත නාලිකා පිහිටයි. අක්මා සෛල මගින් ස්රාවය කරනු ලබන පිත මේ පිත්තනාලිකා තුළට එක් කෙරේ. අක්මා කෝඨරාහ තුළ පිත් යුෂ ගමන් ගන්නේ ධමනි රුධිරය, ශිරා රුධිරය හා වසා ගමන් ගන්නා දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවටය.