තම ශරීරයට සාපේක්ෂව විශාලම මොළය පිහිටන්නේ මිනිසාට වන අතර එහි පරිමාව ඝන සෙ.මී. 1200 - 1500 දක්වා වෙනස් වේ. මස්තිෂ්ක අර්ධගෝල දෙකකින් හා අනුමස්තිෂ්කයකින් මොළයේ වැඩි කොටසක් සමන්විතවේ.
මොළයේ උදරීය පසින් කපාලීය ස්නායු 12 ක් පැණ නගී.
මොළය කායික වශයෙන් ශ්‍රම විභජනයක් දක්වයි. එනම් මොළයේ ඉහළ පෙදෙසින් සිරුරේ පහළ පෙදෙසත්, පහළ පෙදෙසින් සිරුරේ ඉහළ පෙදෙසත් මොළයේ වම් පෙදෙසින් සිරුරේ දකුණු පෙදෙසත් දකුණු පෙදෙසින් සිරුරේ වම් පෙදෙසත් පාලනය කෙරේ.
මොළයේ හරස්කඩ මධ්‍යයේ ශ්වේත ද්‍රව්‍ය පෙදෙසක්ද පිටතින් ධූෂර ද්‍රව්‍ය පෙදෙසක්ද පිහිටන බව හඳුනා ගත හැක.
මොළයේ ආරක්ෂාව
මොළය හා සුෂුම්නාව අස්ථිමය කපාලය හා කශේරුව මගින් ආරක්ෂා වී ඇත.
මොළයේ ආරක්ෂාව සඳහා එහි පිටතින් ආරක්ෂක ආවරණ හෙවත් මෙනෙන්ජීය පටල පිහිටා ඇත.
පිටතින්ම දැඩි වරාශිකාවත්, මධ්‍යයෙන් තන්තුමය ජාලාකාර ස්ථරයත්, අභ්‍යන්තරයෙන් චිනාංශුකාවත් වශයෙන් වේ.
මෙනෙන්ජීය පටල අතර මස්තිෂ්ක සුෂුම්නා තරලය පිහිටයි.
එය මොළය වෙත පැමිණෙන ගැස්සීම් තිගැස්සීම් අවශෝෂණයටත්, මොළය මතුපිට තෙත්ව තබා ගැනීමටත් දායක වේ.