සුෂුම්නා ශීර්ෂකය
 

සුෂුම්නා ශීර්ෂකය සුෂුම්නාවේ ආරම්භක ස්ථානය වේ.



මෙහි ප්‍රධාන පාලක මධ්‍යස්ථාන තුනක් පිහිටා ඇත.
හෘද මධ්‍යස්ථානය
ශ්වසන මධ්‍යස්ථානය
වාහිනී චාලක මධ්‍යස්ථානය

හෘද මධ්‍යස්ථානය
හෘද මධ්‍යස්ථානයෙන් ආරම්භ වන ආවේගයන් පර්යන්ත ස්නායු හරහා හෘදය වෙතට ගමන් කරවයි. එමගින් හෘද ස්පන්දන වේගය අඩු කිරීම හෝ වැඩිකර වීම සිදු කරයි.

වාහිනී චාලක මධ්‍යස්ථානය
වාහිනී චාලක මධ්‍යස්ථානයේ ඇති සමහර සෛල මගින් ආරම්භ වන ආවේගයන් සිනිඳු පේශීන්ගේ බිත්ති හා සම්බන්ධිත රුධිර වාහිනී කරා සම්ප්‍රේෂණය කොට රුධිර වාහිනී සංකෝචනය කරවයි.
එමගින් රුධිර පීඩනය වැඩි කෙරේ. එමෙන්ම අනෙක් සෛලයන් මගින් එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය සිදුකර රුධිර නාල විස්තාරණය කොට රුධිර පීඩනය අඩු කෙරේ.

ශ්වසන මධ්‍යස්ථානය
ශ්වසන මධ්‍යස්ථානය මගින් ශ්වසන රිද්මය පාලනය කරන අතර එය, වැරෝලීය සේතුව සමග සම්බන්ධ වීමෙන් ඉටු කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017