මස්තිෂ්කය
 

මස්තිෂ්කය, පූර්ව මොළයේ හමුවන විශාලම කොටස වන අතර එය වම් හා දකුණු නිඛාතයක් මගින් වම් හා දකුණු භාග දෙකකට වෙන් කරයි. ඒ භාග දෙක සම්බන්ධ කරවීම සඳහා ඝන ස්නායු පටියක් හෙවත් කැලොස දේහයක් පිහිටා ඇත.

මස්තිෂ්ක අර්ධගෝල වල මතුපිට ක්ෂේත්‍රඵලය වැඩි කරවීමට දායක වන නැමි හෙවත් සංචලිත පිහිටා ඇත.

මස්තිෂ්කයේ ඛණ්ඩිකා
වම් හා දකුණු මස්තිෂ්ක අර්ධගෝල ප්‍රධාන ඛණ්ඩිකා 4 බැගින් දරයි.
ඒ ඛණ්ඩිකා හිස්කබලේ අස්ථින්ට අනුව නම් කෙරේ.

ලලාට ඛණ්ඩිකාව
පාර්ශ්වික ඛණ්ඩිකාව
ශංඛත ඛණ්ඩිකාව
අපර කපාල ඛණ්ඩිකාව

කාර්යය
මෙය ප්‍රධාන වශයෙන් දේහයේ සිදුවන විවිධ ක්‍රියාවලීන් වල සංවේදී, චාලක හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියාකරයි.
මස්තිෂ්කයේ ඇති ප්‍රාථමික චාලක මධ්‍යස්ථානය රොලැන්ඩෝ පරිඛාවට ඉදිරියෙන් ලලාට ඛණ්ඩිකාව මත පිහිටා ඇත.

මේ චාලක ප්‍රදේශයට අමතරව වම් පස පමණක් තවත් චාලක ප්‍රදේශයක් හා ලලාට ඛණ්ඩිකාව මත ලලාට අක්ෂි ක්ෂේත්‍රයක් හඳුනා ගත හැක.
සංවේදී මධ්‍යස්ථානය පාර්ශවික ඛණ්ඩිකාවේ රොලැන්ඩෝ පරිඛාවට වහාම පිටුපසින් පිහිටා ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017