අපර මස්තිෂ්කය පූර්ව මොළයේ අපර කොටස වේ.
එහි තැල්මස මස්තිෂ්කය හා හයිපොතැල්මස පිහිටා ඇත.
තැල්මස මස්තිෂ්කයේ කේතු දේහයත් පත්ලේ පිටියුටරි ග්රන්ථියත් තුන්වන මස්තිෂ්තික කෝෂිකාවත් පිහිටා ඇත.
තුන් වන මස්තිෂ්ක කෝෂිකාවේ පහළ බිත්තියේ හයිපොතැල්මස පිහිටා ඇත.
අපර මස්තිෂ්කයේ දෘෂ්ඨික ස්නායු මගින් තනා ඇති දෘෂ්ඨික චතුෂ්කයද දැකිය හැක.
හයිපොතැල්මස
හයිපොතැල්මස මගින් පහත ප්රධාන කාර්යයන් ඉටු කරනු ලබයි.
හෘද ස්පන්දනය පාලනය හා රුධිර පීඩනය පාලනය
දේහ උෂ්ණත්වය පාලනය
දේහයේ ජල තුලිතතාව හා අයන තුලිතතාව පාලනය
බඩගින්න පාලනය හා දේහ බර පාලනය
ආමාශයේ හා අන්ත්රයේ ග්රන්ථික ශ්රාවයන් පාලනය
නින්දෙහි අවදිවීම පාලනය
විවිධ ක්රියාවලීන් පාලනයට වැදගත් වන පූර්ව පිටියුටරියෙන් හෝමෝන නිදහස් කරවීම පාලනය