අනුමස්තිෂ්කය අපර කපාළ ඛණ්ඩිකාවට පහලින් පිහිටයි.
මෙහි ධූෂර ද්‍රව්‍ය පෙදෙස ඉතාමත් තුනී ස්ථරයක් වේ.
වැඩිපුරම පිහිටන්නේ ශ්වේත ද්‍රව්‍ය පෙදෙස වේ.
කාර්යය
අනුමස්තිෂ්කය මගින් සැකිලි පේශීන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධීකරණයත් දේහ ඉරියව් පාලනය කිරීමත් සිදු කෙරේ. මේ සඳහා අනුමස්තිෂ්කය සංවේදී ප්‍රතිග්‍රාහකයන් මගින් පැමිණෙන සංවේදී ආවේග හා අර්ධ වක්‍රාකාර නාල මගින් පැමිණෙන සංවේදී ආවේග ලබා ගනී. අනුමස්තිෂ්කය මගින් දේහ සමතුලිතතාව පවත්වා ගැනීමද ඉටු කරයි.



