වම් සහ දකුණු ශ්‍රෝණි මේඛලා එකතු වී ත්‍රිකාස්ථිය සමඟ ශ්‍රෝණි කූඩුව සාදයි.
එක් ශ්‍රෝණි මේඛලාවක් අස්ථි තුනකින් සමන්විතය.
ජඝනඵලකාස්ථිය
යුනිකාස්ථිය
කුකුන්දරාස්ථිය
ජඝනඵලකාස්ථිය
ශ්‍රෝණි මේඛලාවේ විශාලම අස්ථියයි.
පැතලි පළල් පියාපතක් බඳුයි.
ශ්‍රෝණි මේඛලාවේ උත්තර කොටස සාදයි.
උත්තර දාරය ජඝන දාරයයි.
පූර්ව පැත්තෙන් සහ අපර පැත්තෙන් ඛණ්ඨක දෙක බැගින් පිහිටයි.
අපර අධර ඛණ්ඨකයට පහළින් ස්ඵෙච අටනිය නැමති අසථි අවපාතය පිහිටයි.
යුනිකාස්ථිය
ශ්‍රෝණි අස්ථියේ අධර ඉදිරි සීමාව යුනික අස්ථි කලාපයයි.
සාපේක්ෂව කුඩාම කලාපයයි.
වම් සහ දකුණු ශ්‍රෝණි අස්ථි එකිනෙක සම්බන්ධ වන්නේ යුනික අස්ථියෝගය නැමති කාටිලේජීය සංධිය මගිනි.
කුකුන්දරාස්ථිය
ශ්‍රෝණි මේඛලාවේ අපර අධර මායිමේ කුකුන්ධර අස්ථි කලාපය පිහිටයි.
එහි ඝනකමින් වැඩි කොටස කුකුන්දර ප්‍රාර්බුදයයි.
එම සීමාවට ඉහළින් කුකුන්දර ඛණ්ඨකය නැමති අස්ථිමය ප්‍රසරය පිහිටයි.